උණත් එක්ක ඇගේ රතු පැල්ලම් එන්නේ ඩෙංගුවලට විතර ද?





මේ දිනවල උණ ඇති වූණොත් වෙනදාට
වඩා කල්පනාකාරී වී ළඟම ඇති රජයේ රෝහලට යන්න

උණ සාමාන්‍ය රෝගී තත්ත්වයක් වූණත්, කාගේ හරි ඇගේ උණ රෝගය සමග රතු පැහැ පැල්ලම් හෝ ලප මතු වූණොත් ඕනෑම කෙනෙකු බියට පත්වෙ යි. විශේෂයෙන් කුඩා දරුවන් තුළ මේ තත්ත්වය සූලබ වන අතර දෙමාපියෝ වහා දරුවා රෝහල් ගත කරන්න පෙළඹෙති. ඩෙංගු මේ අතර ප්‍රධාන වෙයි. ඩෙංගු රෝගයේ දී උණ සමග රතු පැල්ලම් වැඩිපූර දකින්නට ලැබෙන්නේ දිව සහ විදුරුමස මත යි. මීට අමතරව ශරීරයේ තැනින් තැන රතු පැල්ලම් ඇති වන්නේ ඩෙංගු රෝගයට පමණක් නොවෙ යි. උණ සමග ඇතිවන රතු පැල්ලම් දකින්නට ලැබෙන වෙනත් රෝග සම්බන්ධව දැනූවත්ව සිටීම වැදගත් වෙනවා.

සරම්ප

උණ සමග රතු පැල්ලම් දකින්නට ලැබෙන තවත් රෝග තත්ත්වයකි සරම්ප. රෝගියාගේ කෙළ බිඳිති. නාසයේ ස්‍රාවයන් සමග තව කෙනෙකුට මෙය බෝ වෙයි. පූද්ගලයෙකු තුළට වෛරසය ඇතුල් වී දින 10ඃ14 ගත වූ පසූව යි ඔහූට රෝග ලක්ෂණ ඇති වෙන්නේ. රෝගය වැළ ඳී දින 4ඃ5 පමණ වන විට උණ රෝගය වැඩි වී අඩූ වන්නට පටන් ගන්නා අතර ඇඟ පූරා රතු පැහැ පැල්ලම් මතු වෙයි. මේ විදියට උණ අඩූවී යන කාලයට මෙම පැල්ලම් කන දෙපස සිට පහළට මූළු ශරීරය පූරාම පැතිර යයි. පැතලි රතු පැහැ ලප වන අතර, තදින් තද කළ විට නැති වී නැවත මතු වේ. ඇතැම් විට මෙම ලප ඉහළට මතු වී හොඳින් අතින් අල්ලන්නට ද පූළුවනි. මෙම ලප දින 09 ක් පමණ වන විට අඩූ වී යයි. කට ඇතුලේ හක්ක ප්‍රදේශයේ සූදු පැහැ පැල්ලම්

(ණදචකසන.ි ිචදඑිඃ දින 2 ක් පමණ ගත වන විට ඇති වී දින 5ඃ6 පමණ වන විට අඩූ වී යයි. කැස්ස, ඇසේ රතු පැහැය වැනි රෝග ලක්ෂණ ද ඇතිවෙයි.

රුබෙල්ලා

මවගේත් දරුවාට ගර්භනී සමයේ දී සම්පේ්‍රෂණය වන රෝගයක් ලෙස රුබෙල්ලා වැදගත් ස්ථානයක් හිමිකරගෙන තිබෙ යි. රෝගී ශ්වසන පද්ධති ස්‍රාව හරහා අනෙක් පූද්ගලයින්ට වැළඳෙයි. රෝගය ශරීර ගත වී දින 14ඃ21 ගත වූ පසූව රතු පැහැ පැල්ලම් මතුවෙයි. මූල දී මූණ ප්‍රදේශයේ පටන් ගන්නා මේ ලප පසූව සිරුර පූරා ව්‍යාප්ත වෙයි.

දින 3ඃ5 කින් මේ ලප නොපෙනී ය යි. කුද්දැටි ඉදිමීමත් දකින්නට පූළුවනි. හන්දි අමාරුව, එන්කොපලයිටිස් හෘද පේශි ආසාධනය, රුධිර පටිටිකා අඩූවීම වැනි අතුරු ආබාධ ඇති වෙනවා. රෝගය වැළඳුනූ පසූ විශේෂ වෛද්‍ය ප්‍රතිකාර නොමැති අතර ප්‍රතිශක්තීකරණය ලබාගෙන සිටීම වැදගත් වෙයි.

ක්වසාකි රෝගය

මෙය තරමක් දුලභ රෝගයක් වූණත්, මෙම රෝගයෙන් පෙළෙන ළමයි ලංකාවෙන් ද විටින් විට වාර්තා වෙයි. මාස 06 ත් වසර 04 ත් අතර වයසේ දරුවෝ මෙම රෝගයට බහූලව ගොදුරු වෙයි. රෝගයට බලපාන හේතුව ස්ථිර ලෙසම හොයාගෙන නැතත්, ඇතැම් බැක්ටීරියාවන් නිකුත් කරන විෂ වර්ග මෙයට හේතු වෙතැයි අනූමාන කරයි.

මෙම රෝගයේ දී කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ රුධිර නාල වලට හානි වෙයි. හෘදයේ කිරීටක ධමනි වලටත් හානි සිදුවෙයි. මේ නිසා හෘදයාබාධ වැළඳී ළමයි මිය යති. රෝග ලක්ෂණ ලෙස දින 5 කට වඩා පවතින උණ, ඇස් රතුවීම, තොල් පැලීම, දිව තද රතු පැහැවීම, ගෙල අවට වසා ගැටිති ඉදිමීම, රතු පැල්ලම් සහ ලප මතුවීම දැකිය හැකි යි.

මෙහි දී අත්පා හා පත්ල පළමූව රතු පැහැ වී පසූව සම ගැලවී යන්නට පටන් ගන්නවා.

භැසිිැරර් පැසබටසඑසාසි බැක්ටීරියාව නිසා ඇතිවන මෙනින්නෝකොකල් රෝගය දී ද උණ සමග ඇගේ රතු පැහැ පැල්ලම් මතුවීම සිදුවෙයි. මෙම ලප මත පීඩනයක් යෙදුව ද ඒවා නැති වී නොය යි. ඇතැම් රටවල මෙය වසංගතයක් ලෙස ඇතිවන රෝගයකි. මෙම රෝගයේ දී මෙනෙන්ජි පටල ප්‍රදාහයද (මෙනෙන්ජයිටීස්" ඇතිවෙයි. මෙම රෝගය මගින් පැය කිහිපයක් ඇතුළත දරුවෙකු මිය යා හැකි ය.

හර්පීස් වෛරසය ද ශරීරයේ පැල්ලම් ඇති කරන අතර මෙය ආකාර කිහිපයකට රෝග ලක්ෂණ මතුවිය හැකි ය. ශරීරයේ සැරව බිබිලි, පැල්ලම් , සූදු පැහැ ඉදිමූණූ සැරව ගෙඩි ලෙස මතුවිය හැකි යි. මෙම රෝග කාරකයා සම හෝ ශ්ලේෂ්මල පටක හරහා ශරීරගත වෙයි.

දෙයියන්ගේ අසනීපය හෙවත් පැපොල ලෙස හඳුන්වන රෝගයේ දී රතු පැහැ ලප ද පසූව මේවා සැරව පිරි ගෙඩි බවට ද පත්වෙයි. රෝග කාරක ඪ්රසජැකක් ්දිඑැර වෛරසය ශරීර ගත වී දින 10ඃ23 අතර කාලයේ දී රෝග ලක්ෂන මතුවෙනවා. උණ ඇතිවෙලා දින 3ඃ5 ගතවන විට සැරව පිරී රතු පැහැ ගෙඩි ඇතිවෙනවා. මෙම සැරව ගෙඩි ද්විතියිකව මෙනෙන්ජි පටල ප්‍ර

දාහය මෙන්ම ඇතැම් විට නිව්මෝනියාව, රුධිර වහනය වැනි අතුරු ආබාධ ඇති කරන හෙයින් මූල් අවස්ථාවේදීම ප්‍රතිකාර ගැනීම වැදගත් ය. මේ අනූව පූද්ගලයෙකු විශේෂයෙන් කුඩා දරුවෙකුට උණ රෝගය සමග සමේ පැල්ලම්, ලප, සැරව බිබිලි මතුවන්නේ නම් වහාම රෝහල් ගතකර පළපූරුදු වෛද්‍යවරයෙකු ගෙන් ප්‍රතිකාර ලබා ගැනීම වැදගත්ය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment