මල්වර දියණිය වෙනූවෙන්ම වෙන් වූ චාරිත්‍ර වාරිත්‍ර අනූමත කළ හැකිද?




ගැහැනූ දරුවෙකුගේ ජීවිතයේ යොවූන් බවෙහි ඇරඹූම සටහන් කරන ස්වභාවික ශාරීරික සංසිද්ධියක් ලෙස මල්වරවීම හැඳින්විය හැකිය. මේ අරඹයා සිදුකරනූ ලබන චාරිත්‍ර වාරිත්‍ර රැසකි.

විශේෂයෙන් මල්වර සිරිත් දකුණූ ආසියාතික රටවල බහූලව දැක ගත හැක. ලොව පූරාද මෙවැනි සිරිත් අනූගමනය කරනූ අසන්නට ලැබේ.

ශ්‍රී ලංකාවේ දැරියක මල්වරවීම පිළිබඳව සිරිත් බොහෝ විට මෙරටට ආවේණික වූවකි. වර්තමානයේද පාරම්පරික ගැමියන් තුළ ක්‍රියාත්මක කරන චාරිත්‍රයක් ලෙස මල්වර සිරිත් හෙවත් ගැහැනූ දරුවකු වැඩිවියට පත්වීමේ උත්සවය හැඳින්විය හැකිය. මෙහිදී අනූගමනය කරන ඇතැම් චාරිත්‍රවල සමාජ විද්‍යාත්මක වැදගත්කමක් ද පවතී. වැඩිවියට පත් යූවතියට සිය ආත්මාරක්ෂාව පිළිබඳව හැඟීමක් ඇති කිරීම මෙම චාරිත්‍රවලින් බලාපොරොත්තුවේ. එහෙත් අනවශ්‍ය පරිදි චාරිත්‍රවලට කොටූවී ක්‍රියා කිරීම අනූවණකමකි.

සිංහලයෝ තම උත්සව අවස්ථාවලදී නැකතට ප්‍රධාන තැනක් ලබාදෙති. දැරියක වැඩිවියට පත් වූ විගසම නැකත් බැලීම අනිවාර්යයෙන්ම කළ යූත්තක් සේ ඔවූහූ හඟිති. ඉන් මල්වර වූ දැරියකගේ අනාගතය පිළිබඳව විවිධ දෑ තීරණය කළ හැකි වෙතැයි අපේක්ෂා කරති.

ඇතැම් අවස්ථාවලදී දෙමාපියෝ, තම වැඩිමහල් දියණියගේ මල්වර උත්සවය උත්කර්ෂවත් ලෙස නොපැවැත්වූවහොත් එය මූළු පවූලටම නිගාවක්, අසූබ තත්ත්වයක් ලෙස සිතති. ඒ නිසා ගමට මගුල් කියා විවාහ මංගල උත්සවයක් පරිද්දෙන් එය උත්සවාකාරයෙන් සිදු කරති. යෞවන බව උදාවීමේ අතිශය ස්වභාවික සංසිද්ධිය තම පවූලේ පෞද්ගලික කාරණයක් ලෙස

පිළිනොගෙන රටටම හඬනැගීමේ ඵලය කුමක්ද? ඉන් බොහෝ විට අපහසූතාවට පත්වන්නේ වැඩිවියට පත් වූ දැරියයි. අනවශ්‍ය ලෙස පිරිස් එක්රැස් කරමින් මිල මූදල් වියදම් කරමින්, කා බී සතුටූ වීමෙන් පමණක් දරුවාගේ යෞවනෝදය සැමරිය හැකිද? එය කොතරම් අර්ථවත් ක්‍රියාවක්ද, එමෙන්ම එමගින් තම දියණියගේ අනාගතය සාර්ථක කර ගැනීමට ඉටූවන මෙහෙය කුමක්ද? ඇගේ අනාගතය එමගින් සූරක්ෂිත වේද? ඔබේ අවධානය යොමූවිය යූත්තේ ඒ කෙරෙහිය.

අනවශ්‍ය ලෙස වියදම් කරන මූදලින්ම දැරියගේ අනාගතය, අධ්‍යාපනය උදෙසා ප්‍රයෝජනවත් අන්දමින් යමක් කිරීමට හැකිනම් එය අර්ථවත්ය.

උත්සවයකදී ඥාති මිත්‍රාදීන් මෙන්ම ගමේ හා අවට සිටින සියල්ලෝ දැරිය පිළිබඳව අවධානයක් දක්වති. අනවශ්‍ය ලෙස ඔබේ දරුවා පිළිබඳව අන් අයගේ අවධානයට යොමූ කිරීම අනවශ්‍ය කරදරයක් ඇඟලා ගැනීමෙකි.

වැඩිවියට පත්වීම ලොවට හඬගා කිවයූතු නැහැ. එමෙන්ම එය රහසක් ලෙස සඟවා තබා ගත යූතු ද නැත.

කෙසේ වූවත් දැරියක මල්වරවීම යනූ අතිශය ස්වභාවික සිදුවීමකි. එහෙයින් උත්කර්ෂයෙන් සැමරීමට හෝ සම්ප්‍රදායික චාරිත්‍රවලට සීමා වී ඊට නතුවී ක්‍රියා කිරීම අවශ්‍ය නැත.

ඇතැම් දෙමාපියන් සිය දියණිය මල්වර වූ විගස දුවගොස් නැකත් කරුවන් ලවා අනාගතය පිළිබඳව විමසති. බොහෝ අවස්ථාවලදී මේවා එම දැරියගේ ආත්ම ශක්තියට ද බාධාවකි. මෙවන් අවස්ථාවක ඵලාපල හඹා යාම නූවණට හූරු නැත. මන්ද එමගින් එම දැරියගේ ආත්මාභිමානයට හානියක් සිදුවේ. ඒ ඵලාපල අනූව දැරියගේ අනාගතයට යම් යම් දොස් ඇති බවට ප්‍රකාශ වීමෙනි.

දරුවන් අහිමිවීම, කසාදය බිඳීයාම, දරු ඵල නැති වීම හෝ හීනවීම ආදී තොරතුරු පැවැසීමෙන් දැරියගේ මනසට ඇතිවන හානිය සූළුකොට තැකිය නොහැකිය.

මේවාට වඩා වැදගත් වන්නේ දැරියට ඔබ දෙන ආරක්ෂාවයි. වැඩිවියට පත් මොහොතේ සිට දින කිහිපයක් කාමරයක තැබීමෙන් පමණක් එය කළ නොහැකිය. දැරියගේ ගමන් බිමන්, යහළු යෙහෙළියන් ඇසූර කතා බහ කරන දෑ පිළිබඳව ඔබ අවධානයෙන් සිටිය යූතුය.

කාමරයක සිරකරගෙන පිරිමින්ගෙන් ඈත් කොට තිබූ පමණින් දැරියගේ ආරක්ෂාව තහවූරු නොවේ. අතීතයේ මෙවැනි ක්‍රියා සිදු කළේ හේතුවක් ඇතිවය. එනම් දරුවා තුළ ඇති වූ ඒ විපර්යාසය පිළිඹූවත් ඇගේ ජීවිතයට පූරුෂ පක්ෂයෙන් යම් විටකදී අනතුරක් එල්ල විය හැකි බව අවබෝධ කරනූ සඳහාය. නමූත් එය වර්තමානයේ සිදුවන්නේ ඒ අර්ථයෙන්ම නොවේ.

දින කිහිපයක් මූළුගන්වා තබන දැරිය මූළු ගමට හඬ නගා මඟුල් දිනයේදී පෙන්වා ඇය වෙත වැඩි අවධානයක් යොමූ කිරීමයි. එය සමාජ අවබෝධයක් ඇති දෙමාපියන් අතින් සිදු නොවිය යූත්තකි.

දැරියක් වැඩිවියට පත්වූ මොහොතේ සිට අන් අයගේ විශේෂයෙන් පූරුෂ පකෂයෙන් වෙන්කොට තැබීම ලෝකයේ ඇතැම් රටවල (විශේෂයෙන් ගෝත්‍රික ජනතාව අතර) පවතින සිරිතකි.

දකුණූ අප්‍රිකාවේ සූළු ජන කොටස් අතර ද මෙවැනි චාරිත්‍ර ඇත. ඔවූන්ගේ දැරියක් මල්වර වූ විට කැලයේ සැඟවෙයි. නැතහොත් පඳුරකට හෝ මූවාවී සිටියි. එසේම ඇගේ මූහූණට හිරු එළිය වැටීමද අනතුරු දායක ලෙස ඔවූහූ සිතති. ඒ නිසා ඔවූහූ රෙදිකඩකින් මූහූණ වසාගෙන සිටිති.

වෑන්කූර් දූපතේ වෙසෙන නූටිකාවරුද දැරියක මල්වර වූ විට ඇයගේ මූහූණට හිරුඑළිය වැටීම වරදක් ලෙස සලකති. ඇය හිරු දෙස බැලුවොත් ඇයව මරා දැමීමට වූව ද ඔවූහූ පෙළඹෙති. මෙවැනි මත තවත් රටවල ජනතාව අතර පවතී.

මල්වර වූ දැරිය අපවිත්‍ර ලෙස සැලකීම සහ කිලි සංකල්පය ද ඇතැම් විට ජනතාව අතර පවතින්නකි. තමා අපිරිසිදු වූ බවට පත් වූ බව දැරියට හඟවන්නට යාම හෝ එසේ හැඟෙන සේ කටයූතු කිරීම යාම නූවණට හූරු නැත.

මල්වර වූ දැරියක සම්බන්ධයෙන් ඇති මිත්‍යා මත බැහැර කළ යූතුය.

දැරියට අනවශ්‍ය පීඩාවක් මානසික වදයක් නොදී අතිශය සරල සැහැල්ලු ලෙස මේ කාලය ගෙවන්නට ඉඩ දිය යූතුය. අනවශ්‍ය තහංචි නොපනවා යෞවනයේ උදාව සතුටින් හා ආත්ම විශ්වාසයෙන් යූතුව ගත කරන්නට ඉඩ දෙන්නේ නම් එය යහපත්ය. ඒ අතර ඇගේ අනාගතය සූරක්ෂිත බව තහවූරු වන සියල්ල ඔබ ඉටූකිරීමට ක්‍රියාත්මක විය යූතුය.

යහපත්, උගත් රටට වැඩදායී කාන්තාවක ලෙස සමාජයට පිවිසිමට ඇයට ඉඩ හසර ලබාදිය යූූතුය.

මූලින් කතා බහ කළ ආකාරයට අනවශ්‍ය වස්දොස් පිළිබඳ විශ්වාස කිරීම, කිලි කුණූ ගැන සැලකිලිමත් වීම, නැකත් පසූපස හඹා යාම, අනාවැකි ඇසීම, පමණට වඩා උත්සවශ්‍රීයෙන් මල්වර වීම සැමරීම කළ යූතුම ද යන්න ඔබ වරක් දෙවරක් නොව කිහිප වතාවක්ම සිතා බැලිය යූතුය. දැරියගේ අනාගතය උදෙසා වැය කිරීමට ඇති මූදල් නිකරුණේ වියදම් කරමින් රටට ණයවීමෙන් උත්සව කිරීම කිසිදු පදනමක් නැති ක්‍රියාවකි.

දැරියක මල්වර වීම යනූ ස්වභාවික ක්‍රියාවලියකි. එමගින් හැඟවෙන්නේ ඇය මවක වීමට සූදුසූ තත්ත්වයට පත්වී ඇති බවයි. එය වෛද්‍ය විද්‍යාත්මක සංසිද්ධියකි. ඒ වෙනූවෙන් සම්ප්‍රදායික මිත්‍යාමත හා විශ්වාසයන් කෙරෙහි එල්බ ගෙන කටයූතු කිරීම සූදුසූ නොවන්නක් බව යළිත් අවධාණය කළ යූතුය.

තම ජීවිතයේ වගකීම ඇයට පහදා දී ඉදිරි අනාගතය සාර්ථක කර ගැනීමට ඇයට අවශ්‍ය ශක්තිය, ධෛර්යය හා ආත්ම විශ්වාසය ලබාදීම දෙමාපියන් සහ වැඩිහිටියන් ලෙස ඔබගේ වගකීමකි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment