ප්‍රෝටීන් බහූලව ඇති සෝයා බෝංචි





අප නිතරම වාගේ කෑමට යොදා ගනූ නොලැබූණද පෝෂණය අතින් ගුණදායක එළවළුවක් විදියට සෝයා බෝංචි පෙන්වා දීමට පූළුවන්.

මෙතරම් ගුණදායක වන සෝයා බෝංචි පැළයක් ඔබ නිවසේදීම හදාගැනීමට පූළුවනි. මන්ද කුඩා ඉඩ ප්‍රමාණයක වූවද මෙය සිටූවා ගත හැකි වන බැවිනි. මෙම පැළය බොහෝ කාලයක් වැඩීමට ගතවන්නේ නැහැ.

කෙටි කාලයකින් අස්වැන්න ලබා ගන්නට හැකි මෙහි ගුණය ගැන අපි කතා බහ කරමූ.

තරමක් සිහින් පැළෑටියක් වන මෙය එතරම් උසට වැඩෙන ශාකයක් නොවේ. පත්‍ර පළල් වන අතර රවූම් හැඩයක් ගනී. මෙහි හටගන්නා මල් සූදු පැහැයෙන් හෝ රෝස පැහැයෙන් හෝ මූතු පැහැයට හූරුවෙනවා. එයින් හටගන්නා කරල් කොළ පැහැයෙන් යූතු වන හා කෙටි, පළල් ස්වභාවයක් ගනී. ළපටි කාලවලදී බෝංචි මෙන් වෑංජනයක් සකසා ආහාරයට ගත හැකියි. මේ කරල් මේරූ පසූ එහි තුළ තිබෙන බීජ ප්‍රයෝජනයට ගනූ ලබනවා.


සෝයා එළවළු ප්‍රෝටීන්වලින් පරිපූර්ණ ආහාරයක් වන අතර එය මේද, කාබෝහයිඩේ්‍රටි, විටමින් හා ඛනිජලවණවලින් ද අනූන ආහාරයක් ලෙස පෙන්වාදීමට පූළුවන්.

මිනිස් සිරුරට අවශ්‍ය ප්‍රෝටීන් ලබාදෙන සෝයා විවිධ නිෂ්පාදන සඳහා යොදා ගනූ ලබනවා. සෝයාවලින් නිෂ්පාදනය කර ගන්නා මාගරින්, අයිස්ක්‍රීම්, යෝගටි, කිරි, චීස්, සෝයා ක්‍රීම් චීස්, බිස්කටි, සෝයා තෙල්, එළවළු බර්ගර්, සෝයා බටර් ආදිය වේ. මෙයින් ඔබ නිතරම වගේ ආහාරයට සෝයා අයිස්ක්‍රීම් සහ සෝයා තෙල් යොදාගන්නවා නේද? සෝයා කිරිවල කැල්සියම් අන්තර්ගත වන ගුණදායක පානයක් වෙනවා.


සෝයාවලින් ඔබ සිතන්නේ ආහාර නිෂ්පාදනය පමණක් සිදුකරන බවනේ. නැහැ, තවත් විවිධ නිෂ්පාදනවලට යොදා ගැනීම සිදුකරනවා. එනම් සබන් වර්ග, ඔබව හැඩ කරවන රූපලාවන්‍ය ආලේපන, ප්ලාස්ටික් තීන්ත, ආදී බොහොමයකට යොදා ගන්නා පරිසර හිතකාමී නිෂ්පාදනයන් බවයි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ.


සෝයාවල මේද බහූල නිසා එය ආහාරයට නූසූදුසූ බව ඇතැම් විට ඔබ හිතනවා නේද? එසේ බොහෝ විට හිතන්නෙත් කොලෙස්ටරෝල් තිබෙන හෘදයාබාධ ඇති අයයි. නමූත් කොලෙස්ටරෝල් ඇති අය හා හෘදයාබාධ ඇති අයට ද අගුණ නොවේ.


තවද සෞඛ්‍ය පැත්තෙන් මිනිසාගේ හෝමෝන ක්‍රියාකාරීත්වයටද උපකාරී වෙනවා. මෙය කෙඳි සහිත ආහාරයක් නිසා ආහාර ජීර්ණයද පහසූ කරවයි. මෙය ආහාරයට ගැනීමෙන් කාන්තාවන්ට වගේම පිරිමි අයටද ගුණදායකය. දෙපකෂයේම පිළිකා රෝග නැසීමේ හැකියාව පවතින අතරම පිරිමින්ගේ හෝමෝනවලට ද බෙහෙවින් උපකාරී වන ආහාරයකි.


සෝයා මිනිසාගේ සෞඛ්‍යයට ඉතා වැදගත් වන ආහාරයකි. එමෙන්ම රෝග බොහොමයකට ගුණදායක වන මෙය මිනිස් සිරුරේ ශක්තිය හා වර්ධනයට අවශ්‍ය කරන ප්‍රෝටීන ස්වභාවිකවම ලබාගත හැකි එළවළුවක් බව පෙන්වා දීමට හැකියි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment