අව පැහැ ගැන්වූණූ සමට ප්‍රතිකාර


තමන්ගේ සමේ ස්වභාවය පැහැපත් කර රූ සපූව වැඩි කර ගැනීමට ඕනෑම කාන්තාවක් කැමතිය. එවැනි පැහැපත් සමකට උරුමකම් කීමට කොතෙක් කැමැත්තෙන් සිටියද සම අව පැහැ ගැන්වීම බොහෝ කාන්තාවන් මූහූණ දී ඇති ගැටලුවකි. සම අව පැහැ ගැන්වීමට ප්‍රධාන හේතුව වන්නේ අධික

හිරු එළියට කෙලින්ම ශරීරය නිරාවරණය වීමයි. නිතර හිරු එළියට බදුන් වන

රැකියාවල නිරත වන අය ඒ සඳහා සූදුසූ ක්‍රමවේදයන් අනූගමනය කිරීමට සැලකිලිමත් විය යූතුය. ස්වභාවික විපර්යාස නිසාද ඕසෝන් ස්ථරයට හානිවීම නිසාද ශරීරය අහිතකර ලෙස සූර්ය කිරණවලට ලක් වීම සිදු වේ. මේ සඳහා සූදුසූ හා ගැලපෙන බොහෝ කී්‍රම් වර්ග අද වෙළෙඳ පොළේ ඇත. අප එකිනෙකාගේ සමෙහි සංයූතිය අනූව ඡ්‍ය අගය විවිධ ප්‍රමාණවලින් යූක්තය. ඒ අනූව වෙළෙඳපොළේ ඇති ක්‍රීම් වර්ග සමේ සංයූතියට අනූව තෝරා ගැනීමට ඔබ දෑනූවත් විය යූතුය. එම කී්‍රම් වල ද ඡ්‍ය අගය සඳහන්ව ඇත. එලෙස තෝරා ගන්නා කී්‍රම් වර්ග භාවිත කිරීමෙන් ඔබගේ සමෙහි පැහැය ආරක්ෂා කරගත හැකිය.

අඳුරු වූ සමක් පැහැපත් කර ගැනීමට වඩාත්ම සූදුසූ වන්නේ ස්වභාවික ක්‍රම අනූගමනය කිරීමයි. එමෙන්ම ස්කින් බ්ලීචින් යනූවෙන් හැඳින්වෙන කෘත්‍රිම ක්‍රමද අනූගමනය කිරීමට පූළුවන්.

පළමූවෙන්ම අපි ස්වභාවික ක්‍රම වේදයන් හඳුනා ගනිමූ. ස්වභාවික බ්ලීචින් පැක් ලෙස වේලා ගත් දොඩම් ලෙලි කුඩූ කර දෙහි යූෂ, ඉන්දියන් කහ, යෝගටි, හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් බිංදු කීපයක් යොදා පැක් එකක් සාදාගන්න. තවත් පැක් එකක් ලෙස කැකුළු හාල් පිටි , කිරි සමග මිශ්‍ර කිරීමෙන් ද භාවිත කළ හැක. එමෙන්ම මී කිරි, පෙරොක්සයිඩ්, ආමන්ඩ් මිශ්‍රණයෙන්ද පැක් එකක් සාදා ගත හැක. මෙලෙස සාදා ගනූ ලබන පැක් එක ආලේප කිරීමට පෙර මූහූණට ගැලපෙන ක්ලෙන්සර් වර්ගයකින් මූහූණ සහ පැක් ආලේප කරන ප්‍රදේශ හොඳින් පිරිසිදු කර විනාඩි 20 ක් තබා සෝදා හරින්න. පසූව සමට සූදුසූ ටෝනර් වර්ගයක් දමන්න.

ඉහත ආලේපන ස්වභාවික ලෙස භාවිත කළද අපට වෙළෙඳ පොළෙන් ලබාගත හැකි කෘත්‍රිම පැක් වර්ගද ඇත. මෙම පැක් වර්ග නිතරම යෙදීම කොහෙත්ම සූදුසූ නොවේ. මසකට එක් වරක් පමණ භාවිත කිරීම සූදුසූය. කෘත්‍රිම පැක් භාවිත කිරීමේදී සේවාදායකයාට අසාත්මිකතා ඇතිවේදෑයි මූලින්ම පරීක්ෂා කර බැලිය යූතුය. බ්ලීචින් කී්‍රම් යෙදීමට පෙර ඇහිබැමි නාසය අසල ආරක්ෂිත කී්‍රම් වර්ගයක් ආලේප කර ගැනීම කළ යතුය. සමෙහි සීරිම් තුවාල ආදිය තිබේනම් එම ස්ථානවල බ්ලීචින් කී්‍රම් ආලේප නොකළ යූතුය. පැක් එක යොදා විනාඩි 15 කට පමණ පසූව (අසූරනයෙහි ඇති උපදෙස් අනූව) ස්පොන්ච් එකක් මගින් පිරිසිදු ජලය භාවිතයෙන් පැක් එක ඉවත් කරගන්න. දිනක් යනතුරු සබන් භාවිතයෙන් වැළකී සිටින ලෙසත් හිරු එළියට නිරාවරණය වීමේදී හිරු ආවරණ කී්‍රම් එකක් ආලේප කිරීමත් අවශ්‍ය වේ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment