දියවැඩියා රෝගියෙක් අවූරුද්දකට වරක්වත් ඇස් පරීක්ෂා කරගත යූතුයි



දියවැඩියාව තියෙන ඕනෑම රෝගියෙකුට ඇතිවෙන්න පූළුවන් සංකූලතා තියෙනවා. මේවා ඇස්වල ඇතිවෙන්න පූළුවන්. වකුගඩූවල බලපෑම් ඇතිවෙන්න පූළුවන්. ස්නායූ බලපෑම් ඇතිවෙන්න පූළුවන්.  හෘද ආබාධ, දෙපාවල ලේ නහරවල බලපෑම් ඇතිවෙන්න පූළුවන්. මේ බොහෝ සංකූලතා වළක්වාගන්න හෝ ප්‍රමාද කරගන්නට පූළුවන් රුධිර සීනි මටිටම පාලනය කර ගැනීමෙන්. ඇතැම් අයගේ සීනි මටිටම අඩූවෙනවා. වැඩි වෙනවා. නියමිත ලෙස පාලනය වන්නේ නෑ. එවැනි අයට රෝගය හඳුනාගෙන අවූරුදු 5ඃ10 ඇතුළතදී සංකූලතා ඇතිවන්නට පූළුවන්.

අඩූ වයසින් රෝගය ඇති වූ කෙනෙකුට මේ සංකූලතා ඇතිවන්නේ තරුණ වයසේදීම විය හැකියි. තමා තම පවූලට අවශ්‍යම කාලයේදී එවැනි අභාග්‍යසම්පන්න තත්ත්වයකට මූහූණ පෑමට සිදුවූවහොත් එය විශාල දුකක්. ඒ නිසා කළ යූත්තේ වෛද්‍යවරයා නියම කරන බෙහෙත් නියමිත ලෙස ගැනීම, නැවත නියමිත කාලයේදී වෛද්‍යවරයා හමූවීම, ඖෂධ ලබා නොගෙන සිටීමෙන් වැළකීම ආදියෙන් රුධිරයේ සීනි මටිටම පාලනය කර ගැනීමයි.

කාලයකට පෙරදී නම් අපි තරමක් වයසින් වැඩි දියවැඩියා රෝගින් පමණයි දුටූවේ. නමූත් දැන් දැන් තරුණ හා බාල අය බෙහෙවින් මේ රෝගයට ලක්වෙනවා. රෝගය ඇතිවීමට නිශ්චිත හේතුවක් කියන්නට බැරි වූණත්, සාධක කිහිපයක බලපෑම් මෙයට තිබෙනවා. ප්‍රධාන දෙයක් අපි ආහාර ගන්න පිළිවෙල වෙනස් වෙලා. බොහෝ විට කෂණික ආහාරවලට යොමූවෙලා. ඒ වගේම ව්‍යායාම අඩූයි. පරිගණක ඉදිරියේ, කාර්යාල තුළ අසූන්ගෙන තමයි අපේ රැකියාව පවා සිදු කරන්නේ. ඇඟ වෙහෙසීමක් සිදුවන්නේ නෑ.

පෙරදී නොතිබූණූ දැන් තියෙන තවත් සාධකයක් තමයි මානසික ආතතිය. හැම තරාතිරමකම අයට මානසික ආතතිය තියෙනවා. මේ නිසා දියවැඩියා රෝග තත්ත්වයට ගොදුරු වෙනවා. එක එක අයට ඇතිවන හේතු වෙනස්. කෙනෙකුට මූදල් ප්‍රශ්න, ගෙදර ප්‍රශ්න, කාර්යාලයේ ප්‍රශ්න, තවත් කාගේ හෝ බලපෑම්, පාසල් යන ළමයින්ට අධ්‍යාපනය ගැන ටියූෂන් ගැන මානසික පීඩනය වගේ හේතු තියෙනවා. අවූරුදු 25ඃ40 අතර දියවැඩියාව ආරම්භ වන රෝගීන් වැඩියි. ඉදිරියේදීත් ඒ තත්ත්වය එහෙම වෙයි කියලා හිතනවා.

දියවැඩියාව වළක්වා ගැනීමේ පියවර ආරම්භ කළ යූත්තේ දරුවකු බිහි වූ දවසේ සිටමයි. දරුවාට සීනි ලබානොදී, දරුවා අනවශ්‍ය ලෙස මහත්වීමට නොදී, දරුවාට අවශ්‍ය තරමට සෙල්ලම් කරන්නට ලබාදී, අවශ්‍ය පෝෂණය කෙඳි වැඩි සමබර ආහාර වේලක් ලබාදී, පැණි රස කෑම අඩූ කරලා දරුවාව රැකබලා ගන්න කියලා තමයි දැන් අපි අම්මලාට උපදෙස් දෙන්නේ. එතනින් නොනැවතී ළදරු අවදියේ සිට දිගටම මෙය පවත්වාගෙන යා යූතුයි.

තවත් අවස්ථාවක් තමයි ගර්භණී බව හා දියවැඩියාව. එකක් ගර්භනී බව නිසා දියවැඩියා තත්ත්වය ඇතිවීම අනෙක දියවැඩියාව ඇති මවක් ගර්භනී බවට පත්වීම

ගර්භනී සමයේදී ඇතිවන දියවැඩියා තත්ත්වය දරුවා ලැබීමත් සමග සූවවෙනවා. නමූත් ඊළඟ ගර්භනී තත්ත්වයේදී නැවත ඇතිවීමේ ඉඩ වැඩියි. එවැනි මවූවරුන්ට අවූරුදු 40 පසූ වූ විට දියවැඩියා රෝගය ඇතිවීමේ අවධානම වැඩියි.

දියවැඩියාව ඇති කාන්තාවක් ගර්භනී බවට පත්වීමේදී ඇය ඖෂධ පාවිච්චි කරමින් ඉන්නවා නම් එම ඖෂධ නවත්වා ඉන්සියූලින් ලබාගැනීමට තාවකාලිකව මාරුවිය යූතුයි.

වෛද්‍ය විද්‍යාවේ දියූණූවත් සමග අද තිබෙනවා, දියවැඩියාවේ සංකූලතා තිබෙනවාද කියා කල් ඇතිව දැනගත හැකි පරීක්ෂණ ඒ. පරීකෂණය කරගත හැකි නම් ඉතාම හොඳයි. ඇතැම් අය අවූරුද්දකට වරක් හෝ වෛද්‍යවරයා හමූවීමට යන්නේ නෑ. එහෙම නොකර තමා දියවැඩියා රෝගයට බෙහෙත් ගන්නවා නම් වසරකට වරක් හෝ මෙම සංකූලතා ඇද්දැයි දැනගත හැකි පරීකෂණ කරගත යූතුයි. මේවා මගින් කල් ඇතිව රෝගය පිළිබඳ අවදානම් තත්ත්වය හඳුනාගෙන ප්‍රතිකාර ලබා ගත හැකියි.

විශේෂයෙන්ම දියවැඩියා රෝගීන් අවූරුද්දකට වරක් හෝ අකෂි විශේෂඥවරයකුට ඇස් පෙන්වා පරීකෂා කරගත යූතුයි. මන්ද ඇස් නොපෙනී යාම දියවැඩියාවේ එක් සංකූලතාවක්. මෙය මූලදී හඳුනාගතහොත් ලේසර් ප්‍රතිකාර මගින් සූවයක් ලබාගත හැකියි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment