බිබික්කන් සාදන අයුරු



අවශ්‍ය ද්‍රව්‍ය 
පොල් පැණි බෝතල් 1/2

සිහින්ව ගා ගත් පොල් කෝප්ප 3

සූල්තානා ග්‍රෑම් 100

රට ඉඳි ග්‍රෑම් 50

කජූ ග්‍රෑම් 100

පිටි ග්‍රෑම් 125

මිශ්‍ර කුළු බඩූ තේ හැඳි 1/2

වැනිලා තේ හැඳි 1


සාදන ක්‍රමය 


පැණි උණූකරගෙන එයට පොල් දමා පොල් මලවාගෙන පැණි පොල් සාදාගන්න. පිටි යන්තම් බැදගන්න. සාදාගත් පැණි පොල්වලට පිටි දමන්න. කජූ, රට ඉඳි, සූල්තානා, වැනිලා, කුළුබඩූ එකට මිශ්‍රකර එය ද ඉහත මිශ්‍රණයට දමා හොඳින් කලවම් කරගන්න.

තැටියක් ගෙන එයට පත්තර පිටූ 4 ක් දමා ඒ මත බටර් තැවරූ තෙල් කඩදාසියක් දමාගන්න. උදුන රත්වෙන්නට තබන්න.


කේක් මිශ්‍රණය තැටියට දමා විනාඩි 45 ක්, පැයක් පමණ සෙල්සියස් අංශක 125 උෂ්ණත්වයේ රත් වූ උදුනේ දමා බේක් කරගන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment