වැලි ඇල්ලූවාම හොරි හැදෙනවාද?




පූතා වැලි අල්ලන්න එපා වැලි අල්ලන් නැතිව ඕන සෙල්ලමක් කරන්න. වැලි ඇල්ලුවාම හොරි හැදෙනවා. මෙලෙස ඔබත් ඔබේ දරුවාට අනන්තවත් පවසා ඇති. දරුවා කියන දේ නොඅසා වැලි අල්ලන නිසා ඔබ දරුවාට දඬූවම් කරන්නත් ඇති. පොඩි දරුවන් සෑමදෙනාම පාහේ වැලිත් සමග සෙල්ලම් කරන්නට මහත් කැමැත්තක් දක්වයි. එමගින් දරුවා ලොකු සතුටක් ලබනවා. ඒ වගේම ඔබ දන්නවාද වැලි ඇල්ලීම දරුවාට හොඳ අත්දෑකීමක්. වැලියි වතුරයි කලවම් කරලා කෝම් පිටිටූ හදන්න කුඩා දරුවන් හරි කැමතියි. ළදරු පාසල් වලත් වැලි පෙටිටියක් තිබෙනවා ඔබ දෑක ඇති. එවැනි දේවල් වලින් දරුවා බොහෝ දේ ඉගෙන ගන්නවා. මව්වරුන් හිතනවා වැලි ඇල්ලුවාම හොරි හැදෙනවා කියලා එය වැරදි මතයක්. වැලි ඇල්ලීමෙන් හොරි හැදෙන්නේ නැහැ.

නමූත් දරුවා සෙල්ලම් කරන වැලිවල සතුන් ජරා කරලා තිබූණොත් එම වැලිවල බල්ලන් වැනි සතුන් නිතරම ලැග සිටිනවා නම් ඒ වැලි දරුවා අතගෑමෙන් ආසාදන ඇතිවන්නට පූළුවන්. ඒ නිසා දරුවාට සෙල්ලම් කිරීමට වැලි ටිකක් වෙනම ලබා දෙන්න. එම වැලි සූරක්ෂිත තැනක සතුන්ට අසූ නොවන්න තබන්න.එලෙස කිරීමෙන් ඔබ අනිසි බියක් ඇති කරගත යූතු වන්නේ නෑ. දරුවාට වැලි අල්ලන්න එපා කියලා දරුවාගේ සිතට දුකක් දෙන්නට වෙන්නෙත් නෑ. ඒ වගේම දරුවා වැලි සෙල්ලම් කළාට පසූ දරුවාගේ දැත් හොඳින් සබන් ගා සෝදන්නටත් මතක තබා ගන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment