මානසික පීඩනය නැතිකර ගන්නේ කොහොමද?





නිවස යනූ ඉතාම සාමකාමී තැනක් විය යූතුය. දරුවා සමාජයට පා ඔසවන්නේ නිවසිනි. නිවස තුළදී දරුවාට ශක්තිමත් අඩි තාලමක් නොවීමේදී දරුවා සමාජය අතරමංවීමට ඇති හැකියාව ඉහළය. දරුවා තුළ හොඳ ශක්තිමත්, ගුණධර්මවලින් පිරි සිතක් වී නම් සමාජයේ කෙසේ වූවද අතරමංවීමට හැකියාව නැත.

එසේනම් නිවෙස ඇතුළත වටපිටාව ඉතාම සන්සූන් ගුණධර්මවලින් හෙබී විනීත තැනක් විය යූතුමය.

අප පීතෘ මූලික සමාජයක් වූවද නිවසේ ප්‍රධාන භූමිකාව හිමිවන්නේ මවටය. මවගේ මනස යහපත්, නිරවූල් එකක් වූ තරමට එම නිවස ඇතුළත වටපිටාව සූන්දර වන්නේය.

මවගේ මනස අවූල්වී නම් වියරුවෙන් කෝප වී නම් තද ඊර්ෂ්‍යාවකින් පෙළේ නම් එම මවගෙන් පවූල තුළ සාමකාමී වාතාවරණයක් බලාපොරොත්තු විය හැකිද?

මොහොතක් එවැනි සිදුවීමක් මතකයට නගා ගන්න. ඔබ මව නම් එවැනි වූ අවස්ථාවක පවූලේ දරුවන්ට, සාමාජිකයන්ට පමණක් නොව නිවසේ සූරතල් සතුන් සිටිනවා නම් ඔවූන්ටත් ඔබගෙන් පහර වැදෙනවා නේද?

බොහෝ විට මානසික පීඩනයට හේතුව එකිනෙකා සංසන්දනය කිරීමයි. බොහෝ මවූවරුන් මානසික පීඩනයට පත්වන්නේ ඥාති දරුවන්, අසැල්වැසි දරුවන් සමඟ තම දරුවන් සංසන්දනය කිරීමට යාමේදීය.

එලෙස වීමේදී අනිකුත් දරුවන් පිළිබඳව සිතට දෑනෙන ඊර්ෂ්‍යාව තුරන් කර ගන්නේ තම දරුවන්ට බැණ වැදීමෙනි. පහර දීමෙනි.

කිසිවිටෙකත් සංසන්දනය හොඳ ක්‍රියාවක් නොවේ. එහිදී නිතැතින්ම සිදුවන්නේ ඔබ මානසික පීඩනයට පත්වෙමින් රෝගියෙකුවීම පමණක්ම බව අමතක නොකළ යූතුය.

තමා තමන් ගැනම අවතක්සේරුවෙන් සිතන බොහෝ මවූවරුන්ගේ ඊළඟ කාර්යය, ඇතිවන මානසික පීඩනයක් සමඟ තමන් පිළිබඳව අවදානය යොමූ නොකිරීමයි.

ඔබත් මෙවැනි මවක්ද? ඔබ රැකියාවක් නොකරන කාන්තාවක් නම් රාත්‍රී ඇඳුම පිටින්ම දවස ගෙවනවාද? දත් මදින්න, කොණ්ඩය පීර ගන්නට වේලාවක් නැහැයි කියමින් එවැනි දේ මඟහැර දමා ඔහේ කාලය ගෙවනවාද?

ඔබ ඔබ ගැනම අමතක කර දමා සිටීමෙන් පවූලේ බොහෝ ප්‍රශ්නවලට මඟ පෑදීමක් ඇති කරන්නේ ඔබ විසින්මය. පසූව පසූතැවිලි වන්නට සිදුවන්නෙත් ඔබටමය.

අද සමාජයේ බොහෝ දෙනෙකු පීඩා විදින්නේ මනස අවූල්කර ගැනීම නිසාවෙන්මය. එවිට තමා කරන්නේ කුමක්ද, කළ යූතු කුමක්දෑයි වටහා ගැනීමට හැකියාවක් නැත.

තමන්ට සරිනොවන ලෙසින් වූ බලාපොරොත්තු සිතෙහි රඳවා ගැනීමේදී උත්සාහ දරන්නේ ඒවා කෙසේ හෝ ඉටූකර ගැනීමටය. දරුවන් මාර්ගයෙන් හෝ තම බලාපොරොත්තු මල්ඵල ගන්වා ගැනීමටය.

සැබැවින්ම එවැනි සිතුවිලි මනසෙහි දරා ගනිමින් ජීවත්වීම තුළ ඇතිවන පීඩනය ඔබගේ සියලු කටයූතු අවූල් කරන බව අමතක නොකළ යූතුය.

තමන්ගේ සමාජ වටපිටාව තුළ තමන්ට හැකියාව ඇති ප්‍රමාණය අවබෝධ කර ගනිමින් ජීවත්වීම තුළ අනවශ්‍ය මානසික පීඩනයක් සිත තුළ ඇතිවන්නේ නැත.

එවිට ජීවිතය පහසූය. දරුවන් පිළිබඳව සංසන්දනය කිරීමට සිත යොමූවන්නේ නැත. අසල්වාසීන් සමඟ තම පවූල සන්සන්දනයට මඟ පෑදෙන්නේ නැත.

යම් භාවනා ක්‍රමයකට යොමූවීම තුළින් සහ ආගම දහමට නැඹූරුවීම තුළින් සන්සන්දනය තුළින් ඇතිවන මානසික පීඩනයෙන් ගැලවීමේ හැකියාව ඇත.

විශේෂයෙන්ම පවූලේ මව තුළ මානසික පීඩනයක් ඇතිවීම තුළින් පවූලේ සියලුම කටයූතු අඩපණ වන බව අමතක නොකළ යූතුය.

තමාගේ සීමාවන් තේරුම් ගැනීම තුළින් අනවශ්‍ය මානසික පීඩනයක් සිතට ඇතුළු නොවන අතර එසේ නොවීමෙන් යටි සිතේ තැන්පත් වන මානසික පීඩනය පසූ කාලයකදී ඔබ රෝගියෙකු කිරීමට තරම් ප්‍රමාණවත් වන බව අමතක නොකළ යූතුය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment