අල සමඟ රෝස්ටි කුකුළෙක්



(මෙය මැටි හටිටියක හෝ ගැඹූරු මැටි ඇතිලියක පවා කරගත හැකිය. පහසූකම් ඇති අයට විදුලි හෝ ගෑස් පෝරණූව නොන්ස්ටික් භාජනයකද කළ හැකිය.)


අවශ්‍ය ද්‍රව්‍ය
කිලෝ 1 1/2 බරැති කුකුළෙක්

සූදුළුෑනූ බික් 3 ඃ 4

අමූ ඉඟුරු කැබැල්ලක්

තක්කාලි පේස්ටි මේස හැඳි 3 ඃ 4

විනාකිරි මේස හැඳි 1

කුඩූ කරගත් ගම්මිරිස් තේ හැඳි 2

එළවළු තෙල් මේස හැඳි 2

සෝයා සෝස් මේස හැඳි 2

කපාගත් කොත්ත මල්ලි කොළ

අඟල් 2 පමණ සේර කැබැල්ලක්

කරඳමූංගු, එනසාල්, කරාබූනැටි

වතුර හෝ ස්ටොක් කෝප්ප 1 1/2


සාදන ක්‍රමය


කුකුළා හොඳට සෝදා ගන්න. අවශ්‍ය නම් පමණක් සම ඉවත් කරන්න. තක්කාලි සෝස්, කුළුබඩූ, සෝයා සොස්, ලුණූ, විනාකිරි, ගම්මිරිස් තෙල් මේස හැඳි 1 දමා මිශ්‍ර කරමින් ආලේපයක් සාදාගන්න. මෙම ආලේපය කුකුළාගේ ගල්වා පැය 3 ඃ 4 සීසන් වෙන්න තබන්න. ශීතකරණයක් ඇත්නම් එහි තබන්න. නැතිනම් වීදුරු භාජනයක හෝ ඇතිලියක පැයක් පමණ හරවා හරවා සීසන් වෙන්න හරින්න.


සූදුසූ ගැඹූරු ඇතිළියක් හෝ මැටි බඳුනක් නැතහොත් නොන්ස්ටික් පෑන් එකක් ලිප තබා තෙල් මේස හැන්දක් එක්කර රත්වෙන්නට හැර කපාගත් ඉඟුරු, සූදුළුෑනූ, සේර, රම්පෙ, කරාබූනැටි දුඹූරු පැහැ වනතෙක් බැදගන්න. එයට සීසන් කරගත් කුකුළා ද එක්කර රන්වන් පැහැයට දෙපැත්තම සකස් කරගන්න. මෙසේ කිරීමේදී මූවහත් පිහියකින් හෝ ගෑරුප්පූවකින් ඇන මිශ්‍රණය උරා ගැනීමට සලස්වන්න. මෙයට වතුර හෝ කුකුළු මස් ස්ටොක් කෝප්ප 1 1/2 දමා පියන වසා තම්බාගන්න. වතුර මදිනම් උණූවතුර ටිකක් එක්කළ හැකිය. රන්වන් පාටට ආපසූ භාජනයකට දමන්න. (අවන් එකකින් කුකුළා බේක් කිරීමේදී ෆොයිල් එකකින් වසන්න)

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment