විටමින් E වැඩිපූර අඩංගු වන ආහාර

රූපය ගැන හිතන, ලස්සන ගැන කතා කරන, ලස්සනට ඉන්න කැමති ඕනෑම කෙනෙකු විටමින් E පිළිබඳව වැඩි අවදානයක් යොමූ කළ යූතුයි. රුපලාවන්‍ය ශිල්පීන් එහෙම තමයි කියන්නේ.

ඇත්තටම රූපලාවන්‍යාගාරයේදී විටමින් E පිළිබඳව මේ තරමටම කතාබහ කිරීමට හේතුව ගැන කියනවා නම්,

සිරුර ඇතුළත නිපදවෙන්නේ නැති විටමින් E ආහාර මගින් හෝ සෘජූවම සිරුරට ලබාදිය යූතුයි.

විශේෂයෙන්ම හිසකෙස් වර්ධනයට, සමේ පැහැපත් බව රැකගැනීමට නිය වර්ධනයට අවශ්‍ය පෝෂණය විටමින් ෑ මගින් ලැබෙන්නේ විශාල පිටිවහලක්.

සිරුරේ ප්‍රධාන අවයව තුනක් සඳහා විටමින් E අවශ්‍ය බව පවසන්නේ ඒ නිසයි. සිරුරේ එම කොටස් තුන දැනටම ඔබ දන්නවා. එනම් සම, හිසකෙස්, සහ නියයි.

රූපලාවන්‍ය ගැන කතා කරන අය වැඩිපූරම අවදානය යොමූ කරන වැඩිපූරම සත්කාර කරන සම, හිසකෙස් සහ නිය යන කොටස්වල වැඩිපූරම ප්‍රශ්න ඇතිවන්නේ විටමින්  E කියන සංඝටකය නැතිවීම නිසාවෙනූයි.

විටමින්  E ඌනතාවය ගැන කතා කිරීමේදී හිසකෙස් ගැන කතා කළොත් අකලට හිසකෙස් ගැළවීම, හිසකෙස් අකලට සූදුවීම, හිසකෙස් අග පැලීම පෙන්වා දෙන්නට පූළුවන්.

විටමින්  E අඩූවීමෙන් සම රැළි වැටෙනවා. අව පැහැ ගැන්වෙනවා. ඒ වගේම සම ගොරෝසූ වෙනවා. ඇස් යට කළු පැහැගැන්වීමත්, කුරුලෑ වැනි දේ මූහූණේ ඇතිවීමත් විටමින්  E ඌනතාවය නිසා ඇතිවන දේවල් තමයි.

නියපොතු නිසි පරිදි නොවැවීම, කහ පැහැ ගැන්වීම, නියපොතු ලස්සනට වවා ගත නොහැකි වීම, විටමින් E අඩූවීමෙන් නියපොතුවලට ඇතිවෙන බලපෑම් ලෙස පෙන්වා දෙන්නට පූළුවන්.

අපි ආහාරයට ගන්නා ආහාරවලින් විටමින් Eලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ධාන්‍ය වර්ගවල, සලාද වගේ දේ වල විටමින් E අඩංගු වෙනවා.

අද වෙලා තියෙන්නේ ධාන්‍ය වැනි දේ ආහාරයට එක්කර ගැනීම අඩූවෙලා. කෘත්‍රිම ආහාරවලට වැඩි නැඹූරුවක් ඇතිවෙලා. ඒ නිසාම ආහාරයෙන් සිරුරට ලැබෙන විටමින් E ප්‍රමාණය හොඳටම අඩූවෙලා.

ඒ නිසාම අපි අපේ ආහාරය පිළිබඳව හොඳ අවදානයක් යොමූ කළ යූතුයි. ධාන්‍ය වර්ග, සලාද වර්ග වැඩිපූර ආහාරයට එක්කර ගන්නවා යනූ සිරුරට නියමිත විටමින් E  ප්‍රමාණය ලැබී ලස්සන සිරුරකට හිමිකම් ලැබෙනවා යනූයි.

ආහාරයට අමතරව කෙලිින්ම සිරුරට විටමින් ු ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. එවැනි අවස්ථාවක ස්වභාවික විටමින් වර්ගයක් තෝරා ගැනීමට අමතක නොකළ යූතුයි. ඒකට හේතුව ස්වභාවික විටමින් වර්ග ලබා ගැනීමේදී අතුරු ආබාධ කිසිත් මතු නොවීමයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment