ලස්සන රුවක් ලබා ගන්නේ කොහොමද ?



ලස්සන ගැන කතා කිරීමේදී අපි කතා කරන්නේ අපේ ප්‍රධාන ඉන්ද්‍රිය වන සම ගැනයි. එසේ නම් අප සම ආරක්ෂා කර ගත යූතු බව අමූතුවෙන් කිව යූතු නොවෙයි.


සම නිසි පෝෂණය යටතේ පවත්වා ගැනීම යනූ අපේ තාරුණ්‍ය බොහෝ කල් පවත්වා ගැනීමක් බව ඔබ නොදන්නා කරුණක් නොවන අතර, එසේ නම් සම නිසි පෝෂණයෙන් තබා ගැනීමට අප උත්සාහ ගත යූතුයි.

සමේ නීරෝගි බව අපට කියාපාන්නේ බාහිර පෙනූම මගිනි. ඒ නිසා අප සමේ බාහිර පෙනූම නිවැරදිව පවත්වා ගැනීමට ඒ සඳහා අවශ්‍ය කරුණූ අනූගමනය කළ යූතුයි.

අද වනවිට රූපලාවන්‍ය පිළිබඳ කවූරුත් කතා බහ කරන්නේ, එය ඉහළම වෘත්තියක් වී තිබෙන්නේ, රූපය ගැන කතා කිරීමේදී බාහිර පෙනූමට ලැබෙන ඉහළ ස්ථානය නිසාවෙනූයි.

බාහිරව පෙනෙන ලස්සන ගැන කතා කිරීමේදී සිරුර අභ්‍යන්තරයට ලැබෙන පෝෂණය ඒ සඳහා හේතුවන බව අමතක කරන්නට බැහැ.

බාහිරින් සමට කුමන ආලේපය ගැල්වූවත් එහි පිරිපූන් ලස්සන ඇතිවන්නේ සිරුර අභ්‍යන්තරය හේතුවෙන් වන බව අමතක නොකළ යූතුයි.

එසේ නම් ඔබේ හදවත පීඩනයෙන් තොර සැහැල්ලු එකක් විය යූතුයි. අපේ අධ්‍යාත්මය ලස්සනට තබා ගැනීම තුළින් එය බාහිරට බලපාන්නේ ඉතාම ලස්සනටයි.

කුමන පසූතැවිල්ල සිත තුළ වූවත්, තමා තමාට ආදරය කළ යූතුයි. තමා තමා ගැන අවධානය යොමූ කිරීමේදී, තමා තමාට ආදරය කිරීමේදී සමස්ත සමාජයට පෙනෙන්නේ ඔබේ ලස්සන මිස ඔබ අවලස්සන අයකු ලෙස නොවෙයි.

ලස්සන ගැන කතා කිරීමේදී අංක එක ලෙසට පිරිසිදුකම පෙන්වා දිය හැකියි. කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ඔබ පිරිසිදුව සිටිය යූතුයි.

ඔබ කණ්ණාඩියක් ඉදිරිපිට සිට ගැනීමේදී ඔබ, ඔබ ගැන අවතක්සේරුවෙන් සිතිය යූතු නැහැ.

මගේ සම තලෙළුයි. මම අවලස්සනයි කියා සිතමින් ළතවෙන ඕනෑම අයකු තුළ සැඟවූණූ ලස්සනක් තිබෙන බව අමතක නොකළ යූතුයි.

අප බාහිරින් සහ අභ්‍යන්තරයෙන් මතු කර ගන්නට උත්සාහ ගත යූත්තේ එම ලස්සනයි.

උදාහරණයක් ලෙසට හිස කෙස් වියළී ඇතිනම්, කෙස් අගින් පැලීගොස් නම්. හිසකෙස් වැඩිපූර වැටෙනවා නම්, එම තත්ත්වය නවතා ගැනීමටයි. ගැළපෙන කොණ්ඩා මෝස්තරයක් අනූගමනය කිරීමටයි.

සම දුර්වර්ණ නම් කුරුලෑ, ලප කැළැල් පිරී ඇති නම් එම තත්ත්වය මඟහරවා ගැනීමටයි.

ඒ සඳහා ඉවසීමෙන් කටයූතු කිරිම තුළ ඔබ බලාපොරොත්තු වන ලස්සන ලබා ගත හැකියි.

අභ්‍යන්තර පෝෂණයට මූල්තැන දෙමින් අලුත් එළවළු, පලතුරු වර්ග ආහාරයට එක්කර ගැනීමේදී, රූපලාවන්‍ය ගැන කතා කරන විට යම විටමින් වර්ගය වන විටමින් ෑ ස්වභාවික ලෙසින් සිරුරට ලබා ගැනීමේදී අඩූපාඩූව තිබූ ඔබේ පෙනූමට සූන්දරත්වය එක්වනූ ඇත.

ලස්සන වෙන්නට කිසිම අයකුට අපහසූවක් නොවන අතර, අවශ්‍ය වන්නේ ඔබේ සූළු කැප කිරිමක් පමණි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment