හිතුමතේට ව්‍යායාමවල නිරතවීම සූදුසූ නැත



කොයි කාගේත් බලාපොරොත්තුව සතුට සොම්නස පිරි ජීවිතයක් ගත කිරීමයි. ඒ සඳහා මනා සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය අංගයකි. මනා සෞඛ්‍ය තත්ත්වයකින් කල්ගත කිරීමට නම් පෝෂණයෙන් යූක්ත ආහාර අවශ්‍යවන්නා සේම ව්‍යායාම ද අත්‍යවශ්‍ය අංගයකි.

එහෙත් ව්‍යායාම සම්බන්ධයෙන් කතා බහ කරන විට බොහෝ දෙනෙක් පවසන්නේ පවසන්නේ තමන්ට ඒ සඳහා කල් වේලාවක් නොමැති බවයි. බැලූ බැල්මට එය සත්‍යයකි. මන්ද වැඩිහිටියන් රැකියා හා වෙනත් කටයූතු සම්බන්ධයෙන් කාර්ය බහූල වන අතර ළමයින් අධ්‍යාපන කටයූතුවල නිරතවීමෙන් අතිශය කාර්යබහූල ජීවිත ගත කරයි.

මෙහිදී මනා සෞඛ්‍ය තත්ත්වය කුමක්ද යන්න අපි අවධාරණය කරගෙන සිටිය යූතුය. මනා සෞඛ්‍ය තත්ත්වයක් යනූවෙන් සරළව අප හඳුන්වන්නේ කායික හා මානසික සූවතාවය මෙන්ම සාමාජික සූවතාවයයි.

කායික, මානසික සූවතාවය යනූ කායිකව ආබාධ හෝ රෝගවලින් දුරස්ව සිටීම, මානසික රෝගවලින් දුරස්ව සිටීම පමණක්ම නොවෙයි. යම්කිසි පූද්ගලයෙකු බැලූ බැල්මට නිරෝගී පූද්ගලයෙකු ලෙස බාහිරින් පෙනීමට පූළුවන. එහෙත් ඔහූ හෘදයාබාධයකින් දියවැඩියා රෝගී තත්ත්වයෙන් කොලෙස්ටරෝල් තත්ත්වයෙන් මානසික පීඩනයකින් කල් ගෙවන්නේ නම් එතැන නිරෝගී බවක් නැත. යම්කිසි තැනැත්තෙකු සතු බාහිර නිරෝගී පෙනූමෙන් ඵලක් නැත.

නිරෝගී පූද්ගලයෙකු උසට සරිලනා බරකින් යූක්ත විය යූතුය. මෙම මැනීමේ ක්‍රියාවලිය අප ශරීර ස්කන්ධ දර්ශකය ලෙස හඳුන්වනවා. ඒ කොහොම වූනත් කෙනෙකු ඕනෑවට වඩා කෙටිටූවීමත් ස්ථූලතාවයට පත් වීමත් රෝගී බවක ලකෂණයක් ලෙසින් හැඳින්විය හැකිය.

නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගෙවීමට නම් ළමා, සෞඛ්‍ය, වැඩිහිටි හා වයස අවූරුදු පනහට වැඩි අයත් පෝෂ්‍යදායී ආහාර ලබාගත යූතු මෙන්ම ශරීරයට ව්‍යායාමද අත්‍යවශ්‍ය අංගයක් බව අමතක නොකළ යූතුය.

අද බොහෝ මව්වරු තම දරුවන් රූපවාහිනියට හූරු කර තිබෙනවා. ඔවූන් කන්නේ බොන්නේ රූපවාහිනිය දෙස බලාගෙන මෙය නොකළ යූත්තකි. මෙසේ ළමූන් එක තැන වාඩිවී සිටීමත්, ක්‍රීඩා නොකිරීමත් හේතුවෙන් බෝ නොවන රෝගී තත්ත්වවලට ලක්විය හැකිය. මෙය වැඩිහිටියන් සම්බන්ධයෙන්ද බලපාන තත්ත්වයකි.

බොහෝ ගෘහනියන් නිවෙස් තුළ අතු පතුගෑම ඉවූම් පිහූම් කිරීම ආදිය ශරීරයේ වෙහෙස වැඩි කිරීමක් ලෙස හැඳින්වූවත් එය මූළු ශරීරයටම ලැබෙන ව්‍යායාමයන් නොවන බව අමතක නොකළ යූතුය.

විශේෂයෙන් නගරාශ්‍රිත පිරිස්වලට ව්‍යායාමයක් නොලැබෙන තරම්ය. ඔවූන් වඩාත් කෂණික ආහාරවලටද පූරුදු වී සිටියි.

යොවූන් වියේ පසූවන්නන් තරගකාරී ක්‍රිඩාවල හෝ විනෝදයට ක්‍රිඩා හා ව්‍යායාමවල යෙදෙන පිරිසකි.

තරගකාරී ක්‍රීඩාවල නියැලෙන්නේ නම් තමා දෙමව්පියන් පූහූණූ කරුවන් වෛද්‍යවරුන්ගේ උපදෙස් මත කුසලතා වර්ධනය සඳහා යොමූවෙතත් විනෝදයට ක්‍රීඩා කරන්නන් කිසිවෙකුගේ උපදෙස් ලබන්නේ යැයි සිතිය නොහැකිය.

අල්ලපූගෙදර කෙනාගේ මිතුරා ව්‍යායාමවල නිරතවෙන නිසා මමත් ව්‍යායාමවල නිරත වියයූතු යැයි සිතා නොකළ යූතුය.

සාමාන්‍යයෙන් පූද්ගලයෙකු වයස අවූරුදු තිහ හතලිහ වෙද්දී වෛද්‍ය පරීකෂණයකට යොමූවිය යූතුය. යටත් පිරිසෙන් මාස හයකට වතාවක්වත් තමා වෛද්‍ය පරීකෂණයකට ලක්ව තම නිරෝගී බව සනාත කරගත යූතුය.

මෙවන් පරීකෂණයකදී ඇතැම් රෝග තත්ත්වයන් ව්‍යායාම හා ආහාර පාලනයෙන් සූව කළ හැකිය. එසේ නොවූන කළ අදාල වෛද්‍යවරයා ඖෂධ නිර්දේශ කරනූ ඇත.

පාසල් ළමූන් දෑඩි තරගකාරීත්වයෙන් අධ්‍යාපන කටයූතුවල නිරතවන බවක් පෙනේ. අධ්‍යාපනය ලැබීම අවශ්‍යය. එමෙන්ම දරුවන් ක්‍රීඩා කටයූතුවලද නිරතවිය යූතුය. ශරීරයට ව්‍යායාම මදකම හේතුවෙන් පාසල් ළමූන් වැඩි ප්‍රමාණයක් දියවැඩියා රෝගයට ගොදුරු වී සිටියි.

ගෘහනියන් නිවසේ වැඩ කටයූතුකරන නිසා ඔවූන්ගේ දැත ශක්තිමත්ව තිබෙනූ දෑකිය හැකිය. එහෙත් බඩ ඉදිරියට නෙරා ඇති බවක් ද දෑකිය හැකිය. මෙය ශරීරයට නිසි ව්‍යායාම ලබා දීම මගින් සූවකර ගත හැකිය.

ඇවිදීමද පහසූ ව්‍යායාමයක්. නමූත් එයද ආවාට ගියාට නොකළ යූතුය. බයිසිකල් පැදීමද එසේය.

වයස හා ශරීර තත්ත්වය අනූව තමාට සූදුසූ ව්‍යායාම කළ යූතුය. නිරෝගී දිවියකට සමබල ආහාර වටිටෝරුවක් අවශ්‍ය වන්නා සේම ව්‍යායාම පෙළක්ද අවශ්‍යයි.

මේ ව්‍යායාම කළ යූත්තේ ඔබ වෛද්‍ය පරීකෂණකයට ලක්ව වෛද්‍යවරයාගේ උපදෙස් මතය. මන්ද එසේ නොවූනොත් ඔබ හිතුමතයට ව්‍යායාම කිරීමට යාමෙන්, අනතුරුදායක තත්ත්වයන් ඇතිවීමට ඉඩ කඩ ඇති බැවිනි.

උදා ඃ ඔබ හෘද රෝගියෙකු නම් හෘදයේ ක්‍රියාකාරීත්වය මනා පාලනයකින් පවත්වා ගෙන ව්‍යායාම කළ යූතුය. එය ඔබට සිතැඟි පරිදි කළ නොහැකිය. වෛද්‍ය උපදෙස් මත ක්‍රියා කළ යූතුය.

මේ අනූව ඔබට ශරීර සූවතාවය වෙනූවෙන් ව්‍යායාම කළ යූත්තේ කෙසේද යන්න ගැන අවබෝධයක් ලැබෙනූ ඇත.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment