බබා අම්මා කල්පනාවෙන් ඉන්න ඕනෙ



ගර්භනී තත්ත්වයට පත් කාන්තාවකට මාස පහේදී ඇතැම්විට රුධිර පීඩනය ඇතිවෙන්න පූළුවන්. සාමාන්‍ය විදිහට ප්‍රශ්නයක් ඇතිවෙන්නේ සූමාන 28-34 අතර කාලවලදී රුධිර පීඩනය ඇතිවූ විටයි. මාස හත වගේ වෙනකොට අපි අවවාද කරනවා ගර්භනී කාන්තාවන්ට තමන්ගේ කුසේ වැඩෙන දරුවාගේ භ්‍රෑණචලන ගැන යම්කිසි අවබෝධයක් ලබාගන්න කියලා.
කළලයේ භ්‍රෑණ චලන අපි සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙනවා උදේ අටෙි ඉඳලා රෑ අට දක්වා. උදේ අටෙි ඉඳලා රෑ අට දක්වා භ්‍රෑණ චලන දහයක්වත් මවකට ඇතිවේවි කියලා අපි විශ්වාස කරනවා. මාස හතෙන් පස්සේ මවකට භ්‍රෑණ චලන දහයක්වත් ඇති නොවෙනවා නම් තමන්ගේ සායනයට හෝ වෛද්‍යවරයා වෙත යොමූවීම ඉතාම වැදගත්.

ලංකාව වැනි ආසියාතික රටවල කාන්තාවන් මාස හත සම්පූර්ණ වනවිට දියවැඩියාව සම්බන්ධයෙන් විශේෂ පරීකෂණයක් කර ගන්නවා නම් ගොඩාක් හොඳයි. ඔවූන් වෙනූවෙන් බහූලවම කරන පරීකෂණ තමයි ඨඔඔ (ධර්ක ඨකමජදිැ ඔදකැර්බජැ ඔැිඑ- ලෙස හඳුන්වන්නේ. මෙම පරීකෂණය සඳහා එන මව පැය දහයක කාලයක් නිරාහාරව සිටිය යූතුයි.

රසායනාගාරයකට ගිහිල්ලා රසායනාගාරයේ පැය 2 ක් ඉඳලා අපි ග්ලුකෝස් ප්‍රමාණයක් බොන්න දෙනවා. ඊට පස්සේ රුධිර සාම්පල් තුනක් ගන්නවා. එය පරීකෂා කිරීමෙන් යම්කිසි අවබෝධයක් ගන්න පූළුවනි. මෙම කාන්තාවට දියවැඩියාව තියෙනවාද නැද්ද කියලා. නැත්නම් මෙතනදී බලාගන්න පූළුවනි මෙම කාන්තාවට ගර්භනී තත්ත්වයේ දියවැඩියාව ඨෘඵ (ඨැිඒඑසදබ්ක ෘස්ඉැඑැි පැකසඑබි නැත්නම් ෂඨඔ (ෂබච්සරුා ටකමජදිැ එද කැර්බජැ- සොයා ගන්න පූළුවනි.

ගොඩක් වෙලාවට ප්‍රසව සංරක්ෂණයේදී මූල් කාලයේම කාන්තාව ඇවිල්ලා අපි බූකින් විසිටි එක කරලා තියෙනවා නම් සූමාන 14 ට ඉස්සර වෙලා සූමාන 28 වෙනතෙක් විශේෂයෙන් කළලයේ අවයවවල විකෘති අසාමාන්‍ය තත්ත්වය බැලීම හැර අනවශ්‍ය ලෙස මෙම ගර්භනී කාන්තාව සායනවලට සහ වෛද්‍ය පරීකෂණවලට ගෙන්වා ගැනීමට අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. විශේෂඥ වෛද්‍ය සායනවලට එකතුවන ගර්භනී කාන්තාවන්ට අපි ලබාදෙන උපදෙසක් තමයි මේ කාලය තුළදී ගර්භනී අවස්ථාවේ සතුට බූක්ති විඳින්න කියලා. ඒ කාලයට අදාළ ලිපි · සඟරා · අන්තර්ජාලය භාවිත කරලා ඉදිරියේදී සාර්ථක දෙමාපියන් ලෙස හැසිරෙන්න ඉගෙන ගන්න කියලා.

මොනවද මේ භ්‍රෑණ චලන ලෙස හඳුන්වන්නේ කියලා දැන් බලමූ

කළලය ගර්භාෂය තුළදී සිදුකරන ලොකු චලනයක් තමයි අපි භ්‍රෑණ චලනයක් ලෙස හඳුන්වන්නේ. කුස තුළ වැඩෙන බබාගේ අතක් හෝ පාදයක් සම්පූර්ණයෙන්ම නැවීම හෝ දිගහැරීම නැතිනම් බබා පෙරලීම, බබා තමන්ගේ කඳින්ම නැවීමත් කෙළින්වීමත්, බබා එහාට මෙහාට තල්ලුවීම අපි වෛද්‍ය විද්‍යාත්මකව භ්‍රෑණ චලනයක් ලෙස ගැනෙනවා. ලොකු වෛද්‍ය ප්‍රශ්නයක් නැතිනම් භ්‍රෑණ චලනවල අඩූවක් නැතිනම් මෙය සිතින් ගණන් කිරීම හොඳයි කියලයි අපි මවූවරුන්ට කියන්නේ.

ඇතැම් අවස්ථාවල මවූවරු හිතනවා භ්‍රෑණ චලන ගණන නිශ්චිතවම දැනගත යූතුයි කියලා. ඔවූන් කොළයක පවා ලකුණූ කරන්න ගන්නවා. මෙසේ කිරීමට මවට පෙළඹීමෙන් ඇයට දවසේ අනෙක් වැඩ කරගන්න කාලයත් නැතිව යනවා.

මවකට භ්‍රෑණ චලන දැනෙන කොට යම්කිසි භ්‍රෑණ චලන දෙකක් අතර කාලය තිබිය යූතුයි. කුස තුළ වැඩෙන බබෙක් එක දිගට එක දිගට දඟලගෙන දඟලගෙන යනකොට එය එක භ්‍රෑණ චලනයක් ලෙසයි ගණන් ගන්නේ. පැය හතරකටවත් එක භ්‍රෑණ චලනයක් විය යූතුයි. උදේ 8.00 ත් රාත්‍රී 8.00 ත් දක්වා දළ වශයෙන් මවකට පැය හතරකට එක චලනයක්වත් තිබිය යූතුයි. එයින් බලාපොරොත්තු වන්නේ මවගේ කුස තුළ තිබෙන කළලයක හොඳ කළලයක්ද කියලා දැනගැනීම.

මවක් වෙන්න පෙරුම් පූරන කාන්තාවකට කුස තුළ වැඩෙන කළල හොඳ නිරෝගී තත්ත්වයෙන් වැඩෙන බව දැනගන්න තියෙන සාර්ථක ක්‍රමයක් තමයි නිවැරදිව භ්‍රෑණ චලනයක් ලබාගැනීම සහ ඒ ගැන සංවේදීව සිටීම.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment