ගර්භනී සමයේ දෙවන අදියර මාස තුන අවසානයේදී සැලකිලිමත් වෙමු

ගර්භනී සමයේ දෙවන අදියර මාස තුන අවසානයේදී පටන් ගනී
අද පටන් අපි ගර්භනී අවදියේ දෙවන මාස තුන හෙවත් සූමාන දොළහ දාහතරේ සිට සූමාන විසි අට දක්වා කාලය ගැන කතා කරමූ. මෙම කාල සීමාව වෛද්‍යවරුන් ිැජදබා එරසපැිඑැර ලෙස හඳුන්වනවා. මෙය දළ වශයෙන් ගර්භනී අවදියේ මාස තුනේ සිට හත වනතෙක් තමයි සලකන්නේ.
කළලය සූමාන දාහතර සම්පූර්ණ කරන විට ළදරුවාගේ ශරීරයේ සියලුම අවයව සම්පූර්ණ කරලා ඉවරයි. මේ කාලය වන විට ගර්භාෂය තුළ කළලය ස්ථාපිත වෙලා ඉවරයි.

යම්කිසි කාන්තාවකට සැකයක් තියෙනවා නම් කළලයට විකෘතියක් ඇති වෙන්න පූළුවන් කියලා මේ කාලයේදී කවමාකවත් කළලයේ විකෘති ඇති නොවන බව දෑනගැනීම වැදගත්. මෙම කාලයේ වෙන්නේ යම් කිසි අවයවවල පරිමාවේ සහ ප්‍රමාණයේ වැඩිවීමක් සහ පරිණතවීමක් තමයි.

පළමූ සූමාන දොළහට පස්සේ කාන්තාවට දෑනූණ ගොඩක් අපහසූතා නැතිවෙලා ඇඟ සැහැල්ලු තත්ත්වයට පත් වෙලා ගර්භයේ තත්ත්වය ඉතා සතුටූදායක විදිහට වෙනත් විදිහකට කිව්වොත් ගර්භනී තත්ත්වය විඳින්න පූළුවන් තත්ත්වයට කාන්තාව පත්වෙනවා.

කෑමවලට තිබූණ අරුචිය නැතිවෙලා කෑම රුචිය කියන තත්ත්වයට පත්වෙලා කෑම වැඩිපූර ගන්න තත්ත්වයට ගර්භනී මව පත්වෙනවා. කාන්තාවගේ පෙනූමේ මතුවන ඉදිමූණ ගතිය ඉවත් වෙන්නෙත් මේ අවස්ථාවලදී. මෙයට හේතුව ශරීරයේ ප්‍රජෙස්ටරෝන් හෝමෝනයට හූරුවීමත් සහ එච්. සී. ජී. ්‍යකඨ හෝමෝනයට පූරුදු වීමත් තමයි.

මේ කාලය වෙන කොට කාන්තාව වමනේ කිරීම සහ ඔක්කාරයට ඒම අඩූවෙලා යනවා. කෑම වැඩිපූර ගැනීමට හේතුවීම නිසා බරෙහි වෙනසක් ඇතිවෙනවා.

ඒත් එක්කම ශරීරයේ ගර්භනි තත්ත්වය සමග ඇතිවන වෙනස්කම් ඇති වෙන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම කාන්තාවගේ පියයූරු විශාල වෙනවා. පියයූරුවල බර කිලෝ ග්‍රෑම් එකක් හෝ එකහමාරකින් ඉහළ යනවා. උදරය පහසූවෙන් නෙරා එනවා. බාහිරව පිට අයට ගර්භනී කාන්තාවන්ගේ උදරය පෙනෙන්නට පටන් ගන්නවා.

ඒත් එක්කම සූමාන 20 කට පස්සේ පළමූ වතාවට ගර්භනී වූ කාන්තාවට දරුවාගේ චලනයන් දෑනෙන්නට පටන් ගන්නවා. දෙවන තෙවන වතාවට ගර්භනී තත්ත්වයට ළඟා වන කාන්තාවට කුස තුළ වැඩෙන කළලයේ චලන හරිහැටි දෑනගන්න පූළුවන් වෙන්නේ සති 20 කට පස්සේ. දෙවන තෙවන දරු ප්‍රසූතිය සඳහා එකතු වන කෙනෙක්ගේ කළලයක් ෆොටල් මූව්මන්ටි ෙැඒක පදඩැපැබඑි දෑක ගන්නේ සූමාන දෙකකට විතර ඉස්සරවෙලා. ඒ කියන්නේ සූමාන දාහතර දාහත යන අවස්ථාවල තමයි.

මේ වෙලාව වෙනකොට සූමාන 14- 16 අතර ගත වෙලා ඉවරයි. කළලයට කුස තුළ ඉන්න කාන්තාවගේ කොටසට සම්බන්ධවීමත් වෙනවා. මූල් අවස්ථාවල කළළය ගර්භය තුළ තිබූණත් මවකට සම්බන්ධවීමක් නැහැ.

කළලයට අවශ්‍ය ආහාර ගැනෙන්නේ මව ගන්නා ආහාරවලින් ඔබට මතක ඇති මම මූල් ලිපිවලින් කිව්වා මූල් මාස දොළහ තුළදී කළලයට අවශ්‍ය ආහාර ගන්නේ ආහාර කේෂය ශධසෘණ ී්ක මගින්. මේ වෙලාව තුළ මවට කළ යූතුයි කියලා විශේෂ පරීක්ෂණ නැහැ. මන්ද බූද්ධිකභාවය හා විකෘතිතාවයන් බලාගැනීම පමණයි මෙතන තියෙන්නේ. ගර්භනී තත්ත්වය පත්වූ කාන්තාව පළමූ සූමාන දොළහ තුන අදාළ පරීක්ෂණ සියල්ලම කරගෙන තියෙනවා.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment