වර්ණයකය සිරුරේ මතුවීමත් සමග තදබල ලෙසින් ඇතිවන මානසික පීඩාව රෝගය පැතිරී යාම ඉක්මන් කරයි



සූදු කබර යනූ සිරුර පූරාම පැතිරී යන වර්ණයකි. කායිකව කිසිම ආකාරයකට රෝගියාට පීඩාවක් ඇති නොවනමූත් මානසිකව ඉතාම පීඩාකාරී තත්ත්වයක් බව අමූතුවෙන් කිවයූතු නොවේ.



සූදුකබර තත්ත්වයට පත්වූ පූද්ගලයන් යම් පවූලක් තුළ වේ නම් එම පවූලේ සියලුම සාමාජිකයන් ඉතාම අසරණ තත්ත්වයකට පත්වන අයූරක් සමාජය දෙස බැලීමේදී පෙනේ. එවැනි පූද්ගලයන් සමාජයෙන් වසන් වී ජීවත්වන්නට උත්සාහ දරනවා මෙන්ම නිවැසියන් ද සමාජයට මූහූණ නොදී සිටීමට උත්සාහ කරන අයූරක් බොහෝ අවස්ථාවලදී දක්නට ලැබේ.

සූදු කබර සිරුර පූරා පැතිරී ඇති විට එවැනි රෝගීන් නොයෙක් නම්වලින් හැඳින්වීමට පවා අප සමාජය නපූරුවී ඇත.

සැබැවින්ම මෙය ඕනෑම අවස්ථාවක ඕනෑම අයෙකුට වැළඳීමේ යම් ප්‍රවණතාවයක් ඇති බවට සමාජය අවබෝධ කර නොගැනීම නිසාම මෙලෙසින් නම් පටබැඳීමක් සිදුකරන බව අවබෝධ කරගත හැක.

මිනිස් සිරුරේ පමණක් නොව සත්වයන් ගත්ත ද ශාඛ වර්ග ගත්තද මෙලෙස වර්ණකයන් පැතිරී යාමක් ඇති බවට ඔබට අමතක වූවාද?

අලි, ඇතුන්ගේ සිරුරේ සූදු පැහැති වර්ණකය විසිරී ඇති අයූරු ඔබ දැක තිබෙනවා නේද? ක්‍රෝටන් වැනි කොළ වර්ග දෙස හොඳින් බලන්න. වර්ණකයක් විහිදුනූ ආකාරය හඳුනාගන්නට ඔබට හැකිවනූ ඇත.

මෙය යම් රෝගී තත්ත්වයක් නොවන බව ඔබ තේරුම් ගත යූතුය.


පූංචි උදාහරණයක් කියන්නම්. ඇය ඉතාම ප්‍රියමනාප යූවතියකි. විවාහ වූණේ රජයේ ඉහළ නිලධාරියෙක් සමග. ඇයගේ සිරුර පූරා මෙම වර්ණය පැතිරෙන්නට වූණේ විවාහයෙන් මාස කිහිපයකට පස්සේදී.


තම පූතු රවටා විවාහය සිදුකළ බවට ඇයගේ නැන්දම්මාගෙන් ප්‍රධාන චෝදනාව වූණා. පවූල දික්කසාදය දක්වා යොමූ කිරීමට තරම් ඇයගේ නැන්දම්මා නපූරු වූණේ තම පූතාට විශාල වරදක් වූ බව පවසමින්.


ඇය කොතෙක් හඬමින් මේ තත්ත්වයට පත්වූයේ විවාහයෙන් පසූව බව පැවසූවත් නැන්දම්මාටත් ඇගේ නෑනාලාවත් එය පිළිගන්නට කැමති වූණේ නැහැ.


කොටින්ම පවූල් දෙක අතර ඇති වූණේ තද වෛරයක්.


අලුතින් යූගදිවියට එළඹූණූ යූවල ඉතාම අසරණ තත්ත්වයකට පත්වූණත් සමාජ අවබෝධයෙන් සිටි ඔහූ තම බිරිඳ මෙම තත්ත්වය නිසාවෙන් දික්කසාද කිරීමට කැමති වූණේ නැහැ. ඒ සඳහා ප්‍රතිකාරයක් සෙවීම ඔහූගේ මූලික පරමාර්ථය වූණා.


අද ඔවූන් දෙදෙනා ඉතාම සතුටින්. ඒ කැදැල්ලට පූංචි සිඟිත්තෙකුත් එක්වෙලා. ඇයගේ සිරුරේ ඇති වූ තත්ත්වය හොඳටම සූවවෙලා.


ඇති වූ තත්ත්වය මත මේ පවූලේ ස්වාමි පූරුෂයා නපූරු තීරණයක් ගත්තා නම් අද ඇය ජීවතුන් අතර නොසිටින්නටත් හැකි බවකුයි ඇය පවසන්නේ.


ඇත්තටම මෙම අවස්ථාවේදී තේරුම් ගත යූත්තේ මෙහි ස්වභාවයයි. ලෝක ධර්මතාවයයි. සූවකර ගතහැකි ක්‍රමයක් වේ නම් ඒ පිළිබඳවයි. ඔවූන්ටත් සමාජයේ අන් පූද්ගලයන් මෙන්ම ජීවත්වීමේ අයිතිය ඇති බවයි. කොන් නොවිය යූතු බවයි.


සිරුර පූරා වර්ණකය වෙනස්වීමෙන් ඇතිවන සූදු කබර ලෙසින් සමාජය හඳුන්වන තත්ත්වය ප්‍රභේද තුනකින් සමන්විතයි.


එක් තත්ත්වයක් සූදු පැහැයෙන්ය. රෝස පැහැය සහ රතු පැහැය අනිකුත් ප්‍රභේද දෙකය.

ඇතැම් අයට මෙම තත්ත්වය කසන සූළුය. එයට හේතුව එය රෝගයක් ලෙසට හඳුනාගෙන සිටීම නිසාය.


සූව කිරීම සඳහා යම් කාලයක් ගතවන බව සැබෑය. නිශ්චිත වශයෙන්ම මෙම දිනයේදී සූවවන බව ඉඳුරාම කිව නොහැකි තත්ත්වයක් ඇත.

සිරුරේ වර්ණකය මතුවීමත් සමග තදබල ලෙස මානසික පීඩාවට පත්වීම මෙම තත්ත්වය පැතිරී යාම වේගවත් කරන බව අමතක නොකළ යූතුය.


වෛකල්පිත

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment