විටමින් C බහූලව ඇති දොඩම් ගැන නොදත්දේ



දොඩම් කිව්වහම කාගේත් කට ඇඹූල් වන්නේ නිරායාසයෙනි. පිපාසය සහ වෙහෙස වී සිටින අවස්ථාවකදී සීත කළ දොඩම් වීදුරුවක් ලැබූණාහම අප එය පානය කරන්නේ උගුරට දෙකටයි. පිපාසය විඩාබර බව සංසිදීමේ මාහැඟී හැකියාව ඇති දොඩම් ලොව පූරා වෙසෙන ලොකු කුඩා කා අතරත් ප්‍රියතම පානයක් හා පලතුරක් විදිහට හඳුන්වා දීමට පූළුවන්.

දොඩම් ගෙඩිය විටමින් වලින් පොහොසත් පලතුරක්. එහි විටමින් ක බහූලව පවතින නිසා එයින් සිරුරේ මූලධා ආරක්ෂා කිරීමේ බලයක් තිබෙනවා

මෙහි විටමින් C  බහූල වූවද අනෙකුත් විටමින් වර්ගවන විටමින්  A  කැල්සියම්, පෝස්පරස්, පොටෑසියම් , තයමින්, ෆෝලික් අම්ලය, විටමින් ඊල ආදී විටමින් වර්ගත් අන්තර්ගත කර තිබෙනවා.

දොඩම් ඔබ පානයක් විදිහට තමයි වැඩිපූර යොදාගැනීමක් කරන්නේ. එහි තිබෙන ගුණ ඉමහත්ය. ඔබ දන්නවාද? දොඩම් මෙන්න මේ රෝගී අවස්ථාවලදී ඉතා ගුණ බවයි වෛද්‍යවරුන් පවසන්නේ. ඇදුම රෝගීන්ට ශ්වාසනාලය ඉදිමූණ රෝගීන්ට , ක්ෂයරෝගය, නිව්මෝනියාව, වාත රක්ත රෝගීන්ට (හන්දි ඉදිමූව) විශේෂයෙන් වකුගඩූ රෝග වළකාලීමේ හැකියාව, කොලෙස්ටරෝල් ඇති අයගේ කොලෙස්ටරෝල් පාලනය කිරීම, දියවැඩියා රෝගීන්ට, ආතරයිටීස් රෝගීන්ට, අධි රුධිර පීඩනය ඇති අය සඳහා බොහෝ ගුණදායක වෙන පලතුරකි.

ඒ වගේම මධ්‍ය සාරයට ඇබ්බැහි වූවන්ගේ බව දුරු කිරීමේ බලයත් දොඩම් සතුව තිබෙනවා. එවැනි අවස්ථාවකදී එය පානයක් විදිහට ලබා දෙන්න පූළුවන්.

තවද සෙම අවස්ථාවලදී අගුණ නොවන පලතුරක් එම රෝගී තත්ත්වයන් ක්ෂය කිරීමේ හැකියාව පවතිනවා. මූඛයේ අප්‍රිය භාවය දුරු කිරීමේ හැකියාවත් එහි තිබෙන ඉමිහිරි සූවඳ නිසා ආහාර රුචිය ඇති කිරීමටත් සමත් වෙනවා.

කැල්සියම් අඩංගු බැවින් අස්ථි සහ දත් ශක්තිමත් කිරීම සඳහා උපකාරී වෙනවා. දොඩම්වල මැග්නීසියම් සහ තයමින් ඇති හෙයින් රුධිර පීඩනය පාලනය කිරීමේ හැකියාව සහ ශක්තිය ලබාගැනීමට උදව් කරනවා. තවද විටමින් ඊ6 උපකාරයෙන් සිරුරේ රුධිර සංසරණය සඳහාද වැඩි දායකත්වයක් ලබාදීමේ හැකියාව දොඩම් සතුව පවතිනවා.

ඒ වගේම රුව ගැන සිතන යූවතියන්ට බොහෝ ප්‍රයෝජනවත් වෙනවා. මේදය පාලනය කිරීමේ හැකියාව පවතින බැවින් වර්තමානයේ රූපලාවන්‍ය ආලේපනයක් විදිහට මූහූණ පිරිසිදු කරන සබන් ලෙසට නිෂ්පාදනය කර තිබෙනවා. එය කුරළෑ ආදී තෙල් සහිත සමක් සඳහා යෝග්‍ය වෙයි.

මෙතරම් ගුණදායක පලතුරක් වන මෙය සෑම උදෑසන පානය කරන්නේ නම් ගුණදායක වගේම සම ආරක්ෂා කිරීමටද හැකි වෙනවා.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment