අපේ රියදුරන් වාහන පදවන්නේ නලාවෙන් කිව්වොත් එය වැරදිද නැද්ද?




නීතියක් විනයක් නොමැති සමාජයක් දියූණූව කරා ළඟාවේ යැයි බලාපොරොත්තු විය නොහැක. අප සමාජය තුළ නීතියට ගරු කරන්නන් සිටිනූයේ කොතරම් අල්ප වශයෙන්ද? එමෙන්ම නීති පනවන මෙන්ම නීති ක්‍රියාත්මක කරන පිරිස්ද අවනීතියට අනූබල දෙද්දී එවැනි සමාජයක් තුළ නීතියට පැවැත්මක් තිබේ යැයි සිතිය නොහැක.

ශ්‍රී ලංකාවේ මහා මාර්ගවල කිසිදු නීතියක් හරිහැටි ක්‍රියාත්මකවේදැයි සැක සහිතය. වාහන පැදවීම සලකා බැලුවහොත් මාර්ග නීතිවලට අනූව රථ පැදවීම කරනූයේ ඉතාම ස්වල්ප දෙනෙක් පමණි. සමහරුන්ට රියදුරු බලපත්‍රය පවා නොමැත. වට රවූමකදී දකුණෙන් එන වාහනවලට ප්‍රමූඛතාවය දිය යූතු බව අප රටෙහි රියදුරන් දන්නේම නැත. විදුලි සංඥා පූවරුවෙහි රතු එළිය දර්ශනය වෙද්දීත් එය පසූ කර ඉදිරියට යාමට අප රියදුරන්හට එතරම් කාර්යක් නොවේ. මේ හේතුවෙන් වටරවූම හා විදුලි සංඥා පූවරු අසල රාජකාරියෙහි යෙදීමට පොලීසියට සිදු වී ඇත.

ලංකාවේ රියදුරන් (විශේෂයෙන්ම පෞද්ගලික බස් රියදුරන්) වාහන පදවන්නේ නලාවෙන් දෑයි විටෙක සැක සිතේ. ඔවූහූ අවශ්‍ය අනවශ්‍ය සෑම අවස්ථාවකදීම නලාව ශබ්ද කිරීම තුළින් පරිසර දූෂණය සිදු කරති. ලංකාවේ තරම් වාහනවල නලාව ශබ්ද කරන වෙනත් රටක් තිබේ නම් එය ඉන්දියාව පමණක් වනූ ඇත.

ලංකාවෙහි පොදු ප්‍රවාහන පද්ධතිය සැලකුවහොත් එය එකම අවූල් ජාලයකි. පෞද්ගලික බස් රථවල කිසිදු නීතියක් හරිහැටි ක්‍රියාත්මක වේදෑයි සැක සහිතය. රියදුරා තමන්ට අවශ්‍ය සෑම තැනකම බසය නවතයි. අනෙකුත් වාහනවලට අවහිර වනසේ අපරීක්ෂාකාරීව අධික වේගයෙන් බස් රථය පදවයි. තම ගමන් මාර්ගයෙහි යන බස් රථයක් ඉදිරියෙන් ගමන් කරයි නම් රියදුරා සීඝ්‍රගාමීව කැළෑ සතකු බවට පරිවර්තනය වේ. මෙවැනි වගකීම් රහිත අපරීක්ෂාකාරී රියදුරන් හේතුවෙන් අහිංසක ජීවිත කීයක් විනාශ වී ඇද්ද? සමහර රියදුරන් බීමත්ව රිය පදවන බවද අපි දනිමූ නමූත් රියදුරන් බීමත්ව සිටීද යන්න පරීක්ෂා කරනූයේ යම් කිිසි අනතුරක් සිදුවූ විට පමණි. එය ප්‍රමාණවත්ද? නැත. ලංකාවේ එසේ වූවද සමහර රටවල සෑම දිනකම පරිගණක මගින් තෝරාගන්නා රියදුරන් පිරිසක් එම පරීක්ෂණයට භාජනය වෙයි. වැරදි කරුවෙකු වූවහොත් ඔහූට· ඇයට රැකියාවද අහිමි වෙයි. ලංකාවෙහි එවැනි ක්‍රියා පටිපාටියක් අනූගමනය නොකිරීම කනගාටූවට කරුණකි.

අප රටෙහි ජංගම දුරකතන කණේ තබාගෙන කතා කරමින්ද වාහන පදවති. මේ සියල්ල නීතියට පටහැනි වූවද වගකිව යූත්තෝ අන්ධයන් බිහිරන් මෙන් කල් ගෙවති. එහෙයින් වැරදි කිරීමට රියදුරන් තුළ කිසිදු චකිතයක් නොමැත. වැරදි කර අසූ වූවද අල්ලසක් දී බේරීමේ හැකියාව ඇත.

ලංකාවෙහි පොලීසිය පිළිබඳවද යමක් පැවසීම වටී. ඇතැම් පොලිස් නිලධාරින්ගේ ක්‍රියා කලාපයන් පිළිබඳ මහජනතාව පසූවන්නේ කළකිරීමෙන් බව ප්‍රකට කරුණකි. නමූත් ලංකාවෙහි පොලීසිය ස්කොටිලන්ඩ් යාඩ් පොලීසිය සමග සැසදීමට මම උත්සාහ නොකරමි. අප රටෙහි පොලිස් නිලධාරින් හට විවිධ ප්‍රශ්න මෙන්ම ආර්ථික අපහසූතා ඇති බවද අපි දනිමූ.

පීල්ලක් මත ගමන් කළද දුම්රිය රියදුරන්ගෙන් සමහරක්ද අත්තනෝමතික ලෙස ක්‍රියා කරති. මෑතකදී මම එලවන්නේ මට ඕන විදිහට. යැයි පැවසූ දුම්රිය රියදුරෙකුට විරුද්ධව මගීන් හෝමාගම දුම්රිය ස්ථානය අසල දුම්රිය මාර්ගය මත විරෝධතාවය දෑක්වීම හේතුවෙන් මහත් කලබගෑනියක්ද සිදුවිය.

ශ්‍රී ලාංකික මගීන් පිළිබඳවද යමක් සටහන් කළ යූතය. ඔවූන්ගෙන් බොහොමයක්ද කිසිදු නීතියක් පිළි නොපදිති. පදික වේදිකාව තිබියදී ඔවූහූ මහා මාර්ගය දිගේ ගමන් කරති. කහ ඉර මතින් ඉතාමත්ම අපරික්ෂාකාරී ලෙස පාර මාරුවෙති. අධික වාහන තදබදයක් ඇති මංසන්ධි වලදී පාර මාරුවීමට ගුවන් පාලම් හා උමං මාර්ග සපයා ඇති නමූත් සමහර මගීහූ මංසන්ධිය මැදදී පාර හරහා යති. තවත් සමහර මගීහූ ධාවනය වන බස් රථවලට හා දුම්රියවලට පනිති. ඒ අයූරෙන්ම වාහන ධාවනය වෙත්දීම බිමට පනිති. මෙවැන්නක් දුටූ මගේ විදේශීය මිතුරෙක් පැවසූවේ ලංකාවේදී නොමිලේම සර්කස් දර්ශන නැරඹිය හැකි බවයි.

නියම විදිහට පෝලිම් ක්‍රමය ක්‍රියාත්මක වන තැන දන්නවාද?

පෝලිම් ක්‍රමය ලංකාවේ නිවැරදිව ක්‍රියාත්මක වන්නේ ගුවන් තොටූපලෙහි පමණක් විය යූතුය. බස් නැවතුම් පොලවලදී , බැංකු තුළදීද, වෙනත් ආයතන තුළද බොහෝ දෙනා පෝලිම පනිති. එයට එරෙහිව කතා කළහොත් සමහර විට එම පූද්ගලයාට ගුටි කෑමට ද සිදුවනූ ඇත. මක් නිසාද යත් එසේ අයූක්තියට එරෙහිව කතාකරන විට අවට සිටින බොහෝ දෙනෙකු ගොළුවන් බවට පරිවර්තනය වන හෙයිනි. ලංකාවෙහි මිනිසූන් මෙතරම් නිවට නියාළුද?

බොහෝ යූරෝපීය රටවල බැංකු ආදී ස්ථානවල ඇත්තේ එක් පෝලිමක් පමණි. කවූන්ටර කිහිපයක් පැවතියද ඒ සියල්ල සඳහාම ඇත්තේ එකම පෝලිමකි. කවූන්ටරයක් හිස් වූ විට පෝලිමෙහි ඊළඟට සිටින තැනැත්තා එම කවූන්ටරයට යයි. නමූත් ලංකාවෙහි මෙම නීතිය ක්‍රියාත්මක කෙරෙනූයේ ආයතන ස්වල්පයක පමණි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment