හිසකෙස් රෝගවලට හේතුව නොසැලකිල්ලයි


හිසකෙස් පිළිබඳ නිසි අවධානයක් දක්වන්නේ නම් බොහෝ දුරට කෙස් පිළිබඳ හානි ගෙන දෙන හේතුන් වළක්වා ගැනීමේ අපහසූවක් නැත. නමූත් අද දක්නට ලැබෙන බොහොමයක් හිසකෙස් රෝගවලට හේතුව කාන්තාවන් වැඩි දෙනෙක් තම කෙස් කළඹ කෙරෙහි දක්වන නොසැලකිල්ලයි.


හිසකෙස් මත කුණූ දුවිලි තැන්පත් වීමේ හැකියාව වැඩි නිසා දිනපතාම පාහේ හිසකෙස් සෝදා පිරිසිදු කිරීම අත්‍යවශ්‍යයි. නමූත් හිසකෙස් පිරිසිදු කිරීම නිසි ලෙස සිදු නොවීම නිසා හිසකෙස්වල රැඳෙන අපද්‍රව්‍ය එයට අහිතකර ලෙස ක්‍රියාකාරී වී හිස්හොරි හෝ වෙනත් ආසාදන හිසකෙස් ගැල වී යාම, දුර්වර්ණ වීම, අගිස් පැලීම, හිසකෙස් සූදු වීම වැනි බලපෑම් ඇතිවිය හැක.

දිනකට කිහිපවරක් මූහූණ සෝදා පිරිසිදු වූණත් එක්වරක් හෝ හිසකෙස් සෝදා පිරිසිදු කර ගැනීමට උනන්දුවක් නොදක්වන කාන්තාවන්ද සිටිනවා. මේනිසා තමන් විසින්ම තම හිසකෙස් රෝගී බවට පත් කරගත් කාන්තාවන් බොහෝමයි.

හිසකෙස්වල පිරිසිදු බවත් නිරෝගීමත් බවත් අප රැක ගත යූත්තේ කෙසේද?

කෙස් කළඹෙහි රෝගී ස්වභාවයක් ඇතිවීම කෙරෙහි බාහිර වශයෙන් නොව අභ්‍යන්තර ලෙසද බලපාන හේතුන් තිබෙනවා. හිසකෙස්වල වැඩීමට අවශ්‍ය නිසි පෝෂණය නොමැතිවීමද විටමින් හිඟකමද හිසකෙස් නොවැඩීමට සහ ගැලවීයාමට හේතුවක්. එම නිසා හිසකෙස්වල වර්ධනයට අවශ්‍ය ලෙස ආහාර ගැනීම වැදගත්.

හිසකෙස් රෝග ලෙස ගතහොත් විවිධ හිසකෙස් රෝග දක්නට පූළුවන්. ඒනිසා කිසිවිටෙකත් ඔබේ හිස පීරීමට අන් අය භාවිත කරන පනා, බ්‍රෂ්, කොණ්ඩ කටූ, හිස්වැසූම් තුවා, කොටිට, ආදිය භාවිතයට ගැනීමෙන් වළකින්න. එමෙන්ම ඔබ භාවිත කරන එවැනි දේ ඔබටම වෙනමම තබාගන්න.

හිසකෙස් පිරිසිදු කරගැනීමට ඔබ භාවිත කරනූ ලබන ෂැම්පූ පිළිබඳව සැලකිලිමත් වීම අවශ්‍යයි. ඔබේ හිසකෙස් වල ස්වභාවය අනූව භාවිතයට සූදුසූ ෂැම්පූ සහ කන්ඩිෂනර් වර්ගයක් තෝරාගන්න. හිසකෙස්වලට ෂැම්පූ දෑමීමේදී භාවිත කළ යූත්තේ ඉතා ස්වල්ප වශයෙනි. ෂැම්පූ භාවිතයේදී කෙස් ගහෙන් ඉවත් වන මොයිස්චර් හෙවත් ස්වභාවික තෙල් ගතිය කන්ඩිෂනර් භාවිතයෙන් රැක ගත හැකිය.

හිසට තෙල් යෙදීම මෙහිදී ඉතාමත් වැදගත් කාර්යයක් වෙනවා. සතියකට වරක්වත් හිසට තෙල් ගල්වා සම්බාහනය කිරීම සූදුසූවන අතර හිස පීරිමේදී අඩූ තරමින් දවසකට තෙවරක් වත් හිස පීරිය යූතුයි. හිස පීරන විට හොඳින් හිස් කබලට දෑනෙන ආකාරයට පීරීමට සැලකිලිමත් වන්න. එමගින් හිසකෙස් මූල ප්‍රාණවත් වී මනා ලෙස රුධිර ගමනාගමනය සිදුවීමෙන් කෙස් වැටීම අකලට හිසකෙස් පැසීම ආදිය වලකා නිරෝගීමත්ව වර්ධනය කරයි. හිස අග දුර්වර්ණ වී පැලී ගිය ස්වභාවයක් දක්වයි නම් එම කොටස් කපා දමන්න.

නවීන විලාසිතාවන්ට අනූව හිසකෙස් සැකසීමේදී යොදාගැනෙන ඇතැම් රසායනික ද්‍රව්‍ය පසූකාලීනව අහිතකර ප්‍රතිඵල ගෙන දිය හැකි නිසා මෙවන් විලාසිතා අනූගමනය කරන කාන්තාවන් ඉන්පසූව හිසකෙස්වලට නිසි සත්කාර කිරීම කෙරෙහි අවධනාය යොමූ කරලීම වැදගත්ය.

අඩූ තරමින් මසකට වරක්වත් නිවසේදී හෝ රුපලාවන්‍යාගාරයකදී හෝ තෙල් සත්කාරයක් (ඔයිල් මසාජ්) කිරීමෙන් හිසකෙස් වල නිරෝගීමත් ස්වභාවය ආරක්ෂා කර ගත යූතුය. ඔබේ හිසෙහි කිසියම් රෝග තත්ත්වයක් ඇත්නම් එය නොසලකා හැරීම සූදුසූ නොවේ. එයට අවශ්‍ය උපදෙස් ලබාගන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment