ලග්නය අනූව පේ්‍රම සම්බන්ධය ජය ගත හැකිද?



මේෂ ලග්නයෙන් හෝ වෘශ්චික ලග්නයෙන් ජනිත අය සමහර අවස්ථාවල පාසල් අවදියෙහි සිටම පේ්‍රම සබඳතාවල පැටලේ. ප්‍රථම පේ්‍රමය ඉතාම කෙටි කාලයකින් අහෝසි වී යයි. එය තමන්ටම එපා වී නතර කර දමයි. එයින් පරාජිත වූවා කියා පසූතැවිලි වන්නේ නැත. පස් වැන්න පේ්‍රම සබඳතා ගැන කියයි. මෙහිදී මේෂ ලග්න අයට පස්වැන්නාධිපති රවි ග්‍රහයා වේ. තමන් පතන පෙම්වතා හෝ පෙම්වතිය අවංක කෙනෙකු විය යූතුය. ඒ ගැන පළමූවෙන්ම හොඳින් විමසා බලයි. අවංක නැති කෙනෙකු බව තේරුම් ගත් විට පේ්‍රමයට තිත තබයි. වෘශ්චික ලග්න හිමි අයත් අවංකව පේ්‍රම කරයි. තමන්ට නොගැලපෙන අයකු බව තේරුම් ගත් දින සමූගනී.

වෘශ්චික, මේෂ, ලග්න හිමියන් පේ්‍රම සබඳතාවන් කීපයක් ඇති කර ගත්තත් අවසානයෙහි යෝජිත විවාහයක් කර ගනී.

වෘෂභ ලග්නයෙන් ජනිත අය ඉතා බූද්ධිමත්ව තම ආදරවන්තිය හෝ ආදරවන්තයා තෝරා ගනී. ඔහූ හෝ ඇය ගැන පළමූව හොඳින් සොයා බලයි. ආදරය ගැන තමන්ගෙන් කෙනෙකු විමසූවාට එකවර වචනයක් කියන්නේ නැත. වෘෂභ ලග්න පේ්‍රමවන්තයා තම ආදරවන්තිය ගැන කලක් හොඳින් සොයා බලා ඇය වෙත තම අදහස ඉදිරිපත් කරයි. බොහෝ විට එය ඉතා සාර්ථක වේ. වෘෂභ ලග්න අයගෙ ්පේ්‍රම සබඳතා ගිලිහී යන්නේ කලාතුරකිනි. ප්‍රථම පේ්‍රමය අහෝසි වූවත් දෙවන හෝ තුන්වන සබඳතාවෙදි විවාහය සිදු කරගනී, බොහෝ දුරට ප්‍රථම පේ්‍රමය සාර්ථක වේ.

තුලා ලග්න හිමි අය පේ්‍රම සබඳතාවන් ඉතා දිගු කලක් නොබිඳි පවත්වාගෙන යයි. ආදරවන්තයකු තෝරාගැනීමේදී තුලා ලග්නකාරිය බොහෝ විට ඔහූගේ ගතිගුණ ගැන සොයා බලය.ි රුවට වඩා ගතිගුණවලට ප්‍රධාන ස්ථානයක් දෙනූ ලබයි. බොහෝ තුලා ලග්න කාරියන්ට විවාහයේදී ලැබී ඇත්තේ එතරම් ලස්සනම අය නොවේ. එහෙත් ඔවූන් ගතිගුණ අතින් ලස්සනම පූරුෂයෝ වෙති. තුලා ලග්න පූරුෂයින්ට ලස්සන සහකාරියන් ලැබේ.

මිථූන ලග්න අයත් පේ්‍රම සබඳතාවලින් ජය ලබන්නෝ වෙති. සමහර විට පාසල් දිවියෙදිම තම පෙම්වතා හෝ පෙම්වතිය තෝරාගනී. එහෙත් එය අධ්‍යාපනයට බාධාවක් නොවේ. දෙදෙනාම උසස් අධ්‍යාපනයක් ලබා හොඳ රැකියාවක නිරත වී සූදුසූ වයසෙදි විවාහයට පත්වෙති. විවාහ ජීවිතද සාර්ථක වේ. මිථූන ලග්න හිමියා තම සහකාරිය තමා විසින්ම සොයා ගැනීමයි. ඉතා කලාතුරකිනි යෝජිත විවාහයකින් සහකාරිය සොයාගත්ත මිථූන ලග්න කාරිය තම පෙම්වතා ගැන ඉතා හොඳින් සොයා බලයි. තමන්ට ගැලපේ යයි වැටහේ නම් පමණයි,. ආදරය කිරිමට පෙළඹෙන්නේ එහෙත් ඉතාම ප්‍රවේශම් සහිතවයි. තම පෙම්වතා ඇසූරු කරන්නේ. සමාජය ඉදිරියෙහි ඉතාම ප්‍රවේශම් සහිතව හැසිරේ. ඒ කෙනෙකුගේ කතාවක් අහන්න මිථූන ලග්න කාරිය අකැමැති බැවිනි. බොහොම සංවරශීලී වේ.

කන්‍යා ලග්න අයගේපේ්‍රම සබඳතා කරදර බාධක මැදින් ගෙවී යයි. කන්‍යා ලග්න පිරිමියා හට ලැබෙන්නේ තරමක් හිතුවක්කාරී අදහස් ඇති පේ්‍රමවන්තියකි. ඇය නිතරම ඔහූගේ සිත පාරයි. හිත් කළකිරවන වචන නිතර පවසයි. ප්‍රථම පේ්‍රමය අහෝසි වී යයි. කන්‍යා ලග්න කාරියන්ගේ ප්‍රථම පේ්‍රමය රැවටීමක්වේ. මූලාවීමක් වේ. කන්‍යා ලග්න කාරියට බොහෝ විට හමූවන පළමූ පෙම්වතා ඉතා කපටි පූද්ගලයෙකු වේ. ඔහූ ඇයව මූලා කරගෙන මූදල් වංචාකරයි. බොහෝ දුරට කනයා ලග්නයට අයත් කෙනෙකුගේ පේ්‍රම සබඳතාවකින්ම විවාහයට පත් වේ. එහෙත් විවාහ ජීවිත එතරම්ම සාර්ථක නැත.

සිංහ ලග්න අයගේ පේ්‍රම සබඳතාවන්ද එතරම් සාර්ථක ඒවා නොවේ. සිංහ ලග්න අයගේ පළමූ පේ්‍රම සබඳතාව වෙනස්වී යයි. බොහොම කලාතුරකින් ප්‍රථම පේ්‍රමය ජයගත්ත සිංහ ලග්න කාරිය පේ්‍රම සබඳතාවලට මූලදී එතරම් ප්‍රියබවක් නැත. නිතරම තම පෙම්වතාගේ හිත රිදවයි. ඇය තම පෙම්වතාගේ වැරදි සොය සොයා එයට පහර දෙයි. කෙසේ හෝ එම වැරදි වලින් ඔහූ අත්මූදවා ගනී. සිංහ ලග්න පෙම්වතාටත් ලැබෙන්නේ අවංකව ගති පැවතුම් හිමි ආදරවන්තියකි. සිංහ ලග්න අය බොහෝ දෙනෙකු තමන් විසින් සොයා ගත් කෙනෙකු සමග විවාහ වේ.

ධනූ ලග්න පිරිමි අයට පේ්‍රම සබඳතාවක් ගොඩ නගා ගන්න අපහසූයි. ඔවූන්ගේ හිතුවක්කාරි අදහස් නිසා ඇති වූ පේ්‍රම සබඳතාව වූවත් පවත්වාගෙන යාමට නොහැකි වේ. ධනූ ලග්නකාරිය පේ්‍රම සබඳතාවන් ද දිගු කලක් පවත්වාගෙන යාමට නොහැකි වේ. ධනූ ලග්න අයගේ විවාහය බොහෝ දුරට යෝජිත විවාහය කරගනී. විවාහ වූවත් විවාහ ජීවිත බාධා කරදර මැදින් ගෙවී යයි.

මීන ලග්න හිමි අයට වූවත් පේ්‍රම සබඳතාවන් පවත්වාගෙන යාමට නොහැකි වේ. මීන ලග්නකාරියත් බොහෝ දෙනෙකු ආදරය කිරීම ප්‍රතික්ෂේප කරයි. ආදරය පිළිකුල් එකක්යයි වැරදි වැටහීමකින් කල් ගෙවයි. බොහෝ දුරට මව්පිය අදහස් අනූව යෝජිත විවාහයක් සිදු වේ. මීන ලග්න පිරිමි අය වූවත් පේ්‍රම සබඳතාවලට එතරම් කැමති නොවේ.

මකර ලග්නයෙන් ජනිත වූවෝ ඉතා අවංකව තම පෙම්වතා හෝ පෙම්වතිය ඇසූරු කරයි. එහෙත් ඔවූන්ට හමූවන්නේ බොහෝ දුරට රැවටිලි කරන අයයි. මකර ලග්න අය නිතර නිතර පෙම්වතුන්ගේ පෙම්වතියන්ගේ රැවටිලි වලට හසූවෙති. මකර ලග්න කාරියන් පේ්‍රම සබඳතා කීපයකින් සිත් තැවූල් වලට පත් වී කෙසේ හෝ දහසක් බාධා කරදර මැද ආදරය ජයගෙන විවාහයට පත් වේ.

කුම්භ ලග්න අයද ආදරය කිරීමේදී ඉතා කල්පනාකාරී විය යූතුයි. ඔවූන්ට හමූන ව පෙම්වතා හෝ පෙම්වතිය ඉතා කපටි අදහස් ඇති අය වෙති. කලකදී ඔබගේ හිත රිදුවා ආදර සබඳතා බිඳ වැටෙි. කුම්භ ලග්නකාරියන් තම ආත්ම ගරුත්වය රැකගැනීම සිතේ තබාගෙන ආදරය කිරීම යහපත් වේ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment