හෘද ස්පන්දනයට සහ කරකැවිල්ලට කජූ





කජූ කන්න නම් කවූරුත් වාගේ කැමතියි. කැමති වූණාට එහි තිබෙන ගුණය ගැනනම් බොහෝ අය නොදන්නා තරම්ය. හූඟ දෙනෙක් සිතන්නේ කජූවල අධිකව මේදය තිබෙන නිසා රුධිර පීඩනයට, කොලෙස්ටරෝල්වලට එතරම් සූදුසූ නොවන බවයි. නමූත් අද ඔබට කජූවල තිබෙන ගුණය කොතෙක්ද කියලා දැනගන්න පූළුවන්.

කජූවල සෞඛ්‍යමය වැදගත්කම
කජූ කියන්නේ ඉතා රසවත් කෂණිකයෙන් කෑමට ගන්න පූළුවන් ආහාරයක්. හරියටම විවේක වේලාවට කම්මැලිකම යන්න කටෙි දමාගෙන කන්නට පූළුවන් ස්නැක් එකක්. ඇත්තටම එය ඔබට හොඳයි. එය හැපීම තුළින් මාංශ පේශී ක්‍රියාකාරීත්වයට ඉවහල් වෙනවා.


කජූ විවේක වේලාවේදී ආහාරයට ගත්තට ඇත්තටම මෙය ආහාරයට ගැනීමෙන් බිඳීගිය සන්ධි නැවත යථා තත්ත්වයට පත්කිරීමේ හැකියාව තිබෙන බව වෛදවරුන් පවසනවා.

ඒ වගේම කජූ ආහාරයට ගැනීමෙන් මහ වඩවැලේ පිළිකා ඇතිවීමේ ඉඩකඩ අවම කිරීමේ හැකියාව තිබෙනවා.


කජූ විටෙක වෛද්‍යවරයෙක්

බොහෝ අය කජූ පූහූලන් ආහාරයට ගැනීමට ප්‍රියකළ ද හැමෝටම නොලැබෙන පලතුරක් විදිහට පෙන්වා දීමට පූළුවන්. කජූ පහූලන් තරමක් කහට රසින් යූතුයි. ශාකමය ඔසූවක්. මෙය සතුව බැක්ටීරියා විනාශ කිරීමේ හැකියාව පවතිනවා. විශේෂයෙන් අතීසාර රෝගය දුරු කිරීමේ බලයක් කජූ පූහූලන්වලට තිබෙනවා. කජූ පූහූලන් ආහාරයට ගැනීමෙන් ලිංගික හැඟීම් වර්ධනය වන බව පර්යේෂණ මඟින් සොයාගෙන තිබෙනවා.


බොහෝ දෙනෙකුට කරදරකාරී වන රුධිර පීඩනය රුධිරයේ සීනි වැඩිවීම පාලනය කිරීම හා ශරීරයේ උෂ්ණත්වය පවත්වා ගැනීමට මහෝපකාරී වන අතර උණ අඩූකර ගැනීමේ හැකියාවත් පවතිනවා.


කජූවල ඛණිජ ලවණ, යකඩ, මැග්නීසියම්, පොස්පරස්, සින්ක්, කොපර්, කැල්සියම්, ප්‍රෝටීන් ආදී සංඝටක බොහොමයක් අන්තර්ගත වෙනවා. තන්තුමය (කෙඳි) සහිත ආහාරයක්. සිරුරේ බර පාලනය කිරීමේ හැකියාව තිබෙන නිසා තරබාරුකම ඇතිකිරීමේ හැකියාව අවම කරන්නට කජූවලට පූළුවන්.


මෙහි කොලෙස්ටරෝල් අවමයි. සෞඛ්‍ය සම්පන්න මේද ආහාරයක් නිසා හෘද රෝගීන්ට අගුණ නැහැ. හෘදයේ ක්‍රියාකාරීත්වය හා කරකැවිල්ල ආදී රෝග සඳහා සූදුසූ වෙනවා.


මැග්නීසියම් සහ කැල්සියම් අඩංගු නිසා මස් පිඩූ සහ මිනිස් සිරුරේ අස්ථි ශක්තිමත් කිරීමේ හැකියාව පවතිනවා. එමෙන්ම සන්ධි සම්බන්ධවී තිබෙන සියූම් පටක ශක්තිමත් කිරීමේ හැකියාව තිබෙනවා. ඒ කියන්නේ ඔස්ටියෝපොරෝසිස් රෝගීන්ට ඉතා සූදුසූ ආහාරයක් බවට කජූ පෙන්වා දීමට පූළුවන්.


සමට වගේම, කේෂකල්‍යාණය ආරක්ෂා කර ගැනීමට කැමති කාන්තාවන්ට හා යූවතියන්ට මෙය වැදගත් පණිවූඩයක් වෙනවාට කිසිම සැකයක් නැහැ. මන්ද හිසකෙස්වලට අවශ්‍ය වන මෙලනින් නිෂ්පාදනයටත් කජූ දායකවෙනවා.


කොපර් අඩංගු නිසා ශරීරයේ විෂ රුධිරය ඉවත් කිරීම හා ශරීරයේ අස්ථි සම්බන්ධතාවය රැකගැනීමට හැකිවෙනවා.

කජූ මූඛ සෞඛ්‍යය රැකගැනීමටත් ප්‍රයෝජනවත් වෙනවා. දත් දිරායාම, මූඛයේ ඇතිවන බිබිලි ආදී රෝග සඳහා ද කෂය රෝගය හා ලාදුරු රෝගීන්ටද කජූ සූදුසූ බවයි නවතම වෛද්‍ය පර්යේෂණවලින් සොයාගෙන තිබෙන්නේ. ඇදුම රෝගීන්ට ගුණදායක කජූ විශේෂයෙන් ඔසප් චක්‍රය අක්‍රමවත් කාන්තාවන්ට ගුණ දෙන බවත් සඳහන් කළයූතු වෙනවා.

රෝග බොහොමයකට ගුණ ලබාදෙන කජූ අපේ ගෘහනියන්ට නැතුවාම බැරි දෙයක්. ඔවූන්ගේ අතුරුපස හා විවිධ ආහාර රසගන්වන ප්‍රධාන දෙයක් හැටියට පෙන්වා දිය හැකියි.


විවේක වේලාවටත් විවිධ අතුරු පස, කෑම වර්ග ආදියට එක්කර ගන්නා කජූ කොතරම් වටිනා ඔසූවක් ද කියා දැන් ඔබට වැටහෙනවා නේද?

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment