පේෂල් කිරීමට පෙර ක්ලෙන්සර් කිරීම කළ යූතු ආකාරය





පේෂල් කිරීමෙන් අප බලාපොරොත්තු වන අරමූණ ඉටූ කර ගැනීමට නම් ක්‍රමවත්ව සහ නිවැරදිව කළ යූතුය. පේෂල් කිරීම තුළින් මූහූණේ මාංශපේශීන් මනාව ශක්තිමත් වෙනවා පමණක් නොව පැහැපත් පෙනූමක් ප්‍රබෝධමත් බවක් මනසට විවේකයක් ලබා ගැනීමට හැකිවනූ ඇත. ඒ නිසා පේෂල් එකක් කරන විට ඒ පිළිබඳ මනා වැටහීමකින් දෑනූවත් බවකින් යූතුව කිරීම වැදගත් වේ.

පේෂල් කරන විට ඊට අයත්වන්නේ මූහූණේ පමණක් නොව උරහිස ප්‍රදේශය, පපූවෙන් උඩ කොටස පිට බෙල්ල ආදී ප්‍රදේශ මෙයට අයත් වෙනවා. ඒ නිසා පේෂල් එකකදී එම ප්‍රදේශ නිරාවරණව තිබෙන ආකාරයට බාත් ටවල් එකක් ඇඳ ගැනීම සූදුසූයි. පූටූවක හිඳ පේෂල් එක කරනවාට වඩා පේෂල් බෙඩ් එකක වැතිරී පේෂල් එක කිරීම වඩාත් සූදුසූයි.


අප දෑන් බලමූ පේෂල් එකක් ආරම්භ කිරීමේදී එහි මූල් පියවර
හොඳින් මූහූණ ක්ලෙන්සර් කර පිරිසිදු කරගන්න.
මෙහිදී අප මෙම පිරිසිදු කිරීම ඩබල් ක්ලෙන්සර් කිරීම එනම් දෙවරක් පිරිසිදු කිරීම ලෙස හඳුන්වනවා. ක්ලෙන්සර් පිළිබඳ සඳහන් කළහොත් එය නෝමල් ක්ලෙන්සර් සහ ඩීප් ක්ලෙන්සර් ලෙස වර්ග දෙකකට දෑක්විය හැකිය.ි

නෝමල් ක්ලෙන්සර් මගින් සිදුවන්නේ මතුපිට කුණූ ඉවත් කිරීමයි. ඩීප් ක්ලෙන්සර් මගින් ගැඹූරට පිරිසිදු කිරීමක් සිදු කරන අතර මතු පිට පමණක් නොව රෝම කූපවල තැන්පත් වූ කුණූ ආදියද මින් ඉවත් කරයි. මේද ග්‍රන්ථින්ගෙන් නිකුත් වන තෙල් සම මතුපිටට පැමිණ කුණූ සමග සිර වූ විට බ්ලැක් හෙඩ්ස් ඇතිවීමේ ප්‍රවණතාවය වැඩිවෙයි. එනිසා ඩීප් ක්ලෙන්සර් කිරීම ඉතා වැදගත්. බොහෝ විට බ්ලැක් හෙඩ්ස්, වයිටි හෙඩ්ස් සියූම් බිබිලි කුරුළෑ ආදිය මතුවීමේ ඉඩකඩ වැඩි වන්නේ ගැඹූරට පිරිසිදු නොකිරීම නිසයි. මූහූණ පිරිසිදු කිරීමේදී මතුපිට කුණූ සහ රෝම කූපවල තැන්පත් වී ඇති කුණූ ඉවත් කිරීම ඉහත කී ක්‍රම දෙක අනූව සිදුකිරීමට අප දෑනූවත් විය යූතුය.


මෙහිදී භාවිත කරනූ ලබන සබන් පේස්වොෂ් වැනි දේ කෙලින්ම මූහූණේ ආලේප කිරීමක් නොකළ යූතු අතර ඒවා මූහූණේ සමට සැරවැඩි බැවින් සමෙහි අධික වියළි බවක් ද ඇති වේ. රැළි වැටීමටද පූළුවනි. එබැවින් පේස්වොෂ් අතට ගෙන අත්ලෙන් මදක් පිරිමදින්න ඉන් නැගෙන පෙන පමණක් මූහූණේ තවරන්න. පසූව සාමාන්‍ය වතුරෙන් මූහූණ සෝදා දමන්න. මෙය සාමාන්‍ය ක්ලෙන්සර් කිරීමයි.


ඉන්පසූ කළයූතු වන්නේ ගැඹූරට පිරිසිිදු කරීමයි. මූහූණේ මාංශපේශීන් ඉත සියූම් නිසා මාංශපේශීන් පිහිටා ඇති ආකාරය සහ දිසාවන් සැලකිල්ලට ගනිමින් මූහූණ පිරිමැදීම කළ යූතු බව මෙහිදී අවධානයට ගැනීම වැදගත්. මූහූණ පිරිමැදීමට යාමෙන් මාංශපේශීන් පහත්වීමකට ලක්වන්නට පූළුවන්. මෙය තවදුරටත් පැහැදිලි කළහොත් ඇස්වටා සහ කට වටා මාංශපේශීන් රවූමටත් කම්මූල්වල නහය මූල පිටතට සහ උඩටත් නළලේ කෙලින් අතට බෙල්ලේ දිග අතට ආදී ලෙස මාංශපේශීන් පිහිටා ඇති නිසා එම පිහිටීම සැලකිල්ලට ගෙන ඒ අනූව ආලේප කිරීම පිරිමැදීම සහ තැවරූ ආලේප ඉවත් කිරීම කළ යූතුය.


පේෂල් කිරීමේදී මූලින්ම ක්ලෙන්සර් කළ යූත්තේ ඇස් ප්‍රදේශය ඇස් ක්ලෙන්සර් කිරීමේදී එහි මාංශ පේශීන් රවූමට පිහිටා ඇතිි බැව් අමතක නොකළ යූතුය. ඇස තිබෙන්නේ කුහරයක තුළ එම කුහරය වැසී තිබෙන්නේ මූළු ඇසෙහිම තිබෙන තුනී සමෙනි. මෙහිදී වැරදි ආකාරයට පිරිමැදීමෙන් ඇස ගිලා බැසීමකට ලක්විය හැකි අතර සියූම් ඇදීමකට සහ රැළි වැටීමටද ඉඩ තිබෙයි ඒ නිසා ඇස පිරිසිදු කරන විට ඉතාමත් සැලකිලිමත් බවකින් යූතුව කළ යූතුය. ඇස් ක්ලෙන්සර් කරන විට අතෙහි හතරවෙනි ඇඟිල්ල තෝරාගැනීමට හේතුව අඩූම බලයක් ඇති ඇඟිල්ල මූදු ඇඟිල්ල වීම නිසාය. මේ ආකාරයට ක්‍රමානූකුලව ක්ලෙන්සර් එකක් කර ගැනීම කළ යූතුය.


පහසූවෙන් ඔබටම කරගත හැකි හර්බල් පේෂල් එකක්

ක්‍යූකම්බර් ක්ලෙන්සර් මූහූණේ තවරා විනාඩියක් පමණ මසාජ් කර තෙත ස්පොන්ච් එකකින් පිසදා ගන්න. ඉන්පසූ ක්ලෙන්සර් කී්‍රම් නැවත මද වශයෙන් තවරා තෙත පූළුන්වලින් ඇස් ආවරණය කර ස්ටීම් කරන්න. සාමාන්‍ය සමක් නම් විනාඩි 6 ද වියළි හෝ සංවේදී සමක් නම් වී 4 ක්ද ස්ටීම් කළයූතුය. ගෙදරදී මෙය කරගන්නේ නම් වෙළෙඳපොළේ කුඩා ස්ටීමර් මිලදී ගත හැක. පූටූවක වාඩි වී මූහූණ මෙම ස්ටීමරයට ලං කර ස්ටීම් කරගන්න.

ස්ටීම් කිරීමෙන් පසූ පිම්පල් එක්ස්ට්‍රැක්ටරය මගින් තද කර අපද්‍රව්‍ය ඉවත් කරගන්න. මෙසේ කිරීමේදී උවමනාවට වඩා තද කිරීමෙන් වළකින්න.


පිරිසිදු මී පැණි මූහූණේ සහ බෙල්ලේ තවරා අත රවූමට කරකවමින් විනාඩි 15 ක් පමණ හොඳින් මසාජ් කරන්න. පසූව තෙත ස්පොන්ච් එකක් ආධාරයෙන් මී පැණි ඉවත් කරන්න.


වෙනිවැල්ගැට කුඩූ මේස හැඳි 2 ක් දෙහි ඉස්ම තේ හැඳි 1·2 ක් සහ ජලය මිශ්‍ර කර ස්ක්‍රබ් එකක් සාදා මූහූණේ සහ බෙල්ලේ තවරා හොඳින් ස්ක්‍රබ් කරන්න. මෙමගින් මැරුණූ ෙසෙල තටිටූ ඉවත් වීම යයි. ඉන්පසූ තෙත ස්පොන්ච් එකකින් පිසදා හරින්න.


සූදු හඳුන් , කස්තුරි, කොකුම් අඩංගු සම වඩාත් පැහැපත් කරන ශාකසාර අඩංගු ගෝල්ඩන් පැක් නැමති ද්‍රව්‍ය ගෙන ජලය තරමක් මූසූකොට කී්‍රම් එකක් සාදා මූහූණේ සහ බෙල්ලේ තවරා විනාඩි 20 ඃ 25 න් පමණ සෝදා හරින්න. ඉන්පසූ මොයිස්චරයිසර් කී්‍රම් එකක් මූහූණේ තවරන්න. පේෂල් එක කරගත් පසූ අව්වේ යාමෙන් වළකින්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment