මෝහනයෙන් රෝග සූව කරන්නේ කෙසේද?




මෝහනයෙන් රෝග සූවකරන බව අපි අසා ඇත්තෙමූ. ඇත්තටම මෝහනයෙන් රෝග සූවකළ හැකිද? මෝහනය කියන්නේ කුමක්ද? අපි ඒ පිළිබඳව විමසා බලමූ.


හිත සියූම් තත්ත්වයකට ගැනීම තමයි එතනදී කෙරෙන්නේ. එම තත්ත්වයේදී යටි සිත සමග කතා කිරීමේ හැකියාව ලැබෙනවා. යටි සිතට අවට ශබ්ද ඇසෙනවා. ඒත් කතා කරන්නට පූළුවන් තමා කැමති නම් විතරයි.

තමන් නොතේරෙන තත්ත්වයක පසූවීම නිසා නොදැන යම් දේ කරයි ද, කියවයි ද කියලා. බොහෝ අය තුළ බියක් තිබෙනවා. ඒ නිසාම තමයි මෝහනයට යොමූවීම සඳහා බියක් දක්වන්නේ.

සිත තුළ තදකරගෙන ඉන්න දේ මෝහනයට පත්වූවිට කියන්නට හැකියාව ලැබෙනවා. එම හැකියාව ලැබෙන්නේ යටි සිත මගින්.

එයට හේතුව උඩූ සිත නිද්‍රාගතවීමේදී යටි සිතට ඇමතීමේ හැකියාව ලැබීමයි.

අප සිත තුළ තිබෙන සියලුම ප්‍රශ්න ගබඩාකර ගන්නේ යටි සිත තුළයි. පූද්ගලයාවත් නොදැනීම සිදුවන ක්‍රියාවක් ලෙසින් එය හඳුන්වා දෙන්නට පූළුවන්.

එහි ප්‍රතිඵලය තමයි කාලයත් සමග සිරුරින් රෝග තත්ත්වයන් ලෙසට එය එළියට පැමිණීම. බොහෝවිට ඇදුම, පීනස, දියවැඩියාව සහ හමේ රෝග ලෙසින් එම තත්ත්වයන් මතුවිය හැකියි.

සිත තුළ තද කරගෙන සිටින ප්‍රශ්න එළියට මතුවෙමින් කය ලෙඩ කරන්නට ගන්නේ අන්න එහෙමයි.

යටි සිතට කතා කරලා මෝහනය මගින් සිදුකරන්නේ උඩූ සිතේ පියන ඇරලා යටි සිත දිහා බලනවා වගේ වැඩක්. තවත් විදිහකින් කියනවානම් සෝඩා බෝතලයේ පියන ගැලෙව්වා වගේ. සෝඩා බෝතලයේ පියන ගැළවූ විට තිබෙන තරම් බූබූළු ටික උඩට මතුවී එය අවසන් වූ පසූ සෝඩා ටික නිශ්චල වෙනවා. අන්න ඒ වගේ.

මෝහනය කළ සිත කියවන්නට පටන් ගන්නේ ඒ නිසයි. එවිට තමාගේ සිත තුළ ගුලිවී ඇති දුක ඉවරවෙන තුරුම කියවනවා. අඬනවා. ඇත්තටම ඒ ක්‍රියා කරන්නේ යටි සිත.

මෙය විහිළුවක් නොවෙයි. මෝහනය කළ වේලාව ඇතුළත අවට පරිසරයේ ශබ්ද, කතා කරන දේ පිළිබඳව ඉතාම කල්පනාකාරී විය යූතුයි. මෝහනයෙන් පසූ යම් සංකූලතා ඇතිවන්නේ මෝහනයට ලක් වූ පූද්ගලයා සිටි පරිසරය නිවැරදි එකක් නොවීම නිසාවෙනූයි.

උදාහරණයක් ලෙසට මෝහනට පත්වූ අවස්ථාවේදී හෙණ හඬකට ගොදුරු වූණා කියමූ. එවිට පූද්ගලයා කම්පනයට පත්වෙනවා. එවිට යථා තත්ත්වයට පැමිණි පසූත් එම කම්පනය එලෙසින්ම පවතිනවා. වැරදි වචනයක්, නරක දෙයක් හිතට දැම්මා නම් එය ද යටි සිතේ තැන්පත් වෙනවා. ඒ නිසාමයි මෝහනය කිරීම ඉතාම කල්පනාකාරීව කළ යූතු බව පවසන්නේ.

මෝහනයෙන් රෝග නිධානය සොයන විට එය කරන්නේ වෛද්‍යවරයා පමණක්මයි. එයට හේතුව යටි සිත තුළ තැන්පත් සියලුම දේ අදාල පූද්ගලයා විසින් කියවන නිසාවෙනූයි. ඒ නිසා විශ්වාසයෙන් පෞද්ගලිකවම එය කළ යූතුයි. එය ප්‍රතිකාරමය මෝහනයක් විය යූතුයි.

ඉන්පසූ තමයි උපදේශනය ලබා දෙන්නේ මෙය සාමාන්‍ය උපදේශනයක් නෙමෙයි. විද්‍යානූකූලව සිදුකරන උපදේශන ක්‍රමයකුයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment