මවූබිම රැක ගැනීමට අපිත් දායක වෙමූ




ආරක්ෂක හමූදාවෝ හා පොලීසිය ත්‍රස්තවාදීන්ගෙන් රට රැකගැනීම පිණිස අභීත සටනක නියැලී සිටිති. රණවිරුවන් තම මවූබිම රැකගැනීම පිණිස මෙසේ දිවි පරදුවට තබා සේවය කරත්දී, ඔවූන්ගේ සිතසූව පිණිස අපට යම්කිසිවක් කළ නොහැකිද?
ඔබ යම්කිසි භාරදූර රාජකාරියක යෙදී සිටී යයි සිතන්න. එවිට නිවසෙහි ප්‍රශ්න ඔබගේ මනසෙහි රජකරයි නම් ඔබගේ රාජකාරිය හරි හැටි ඉටූකිරීමේ මානසික පසූබිම ළඟාකර ගතහැකි වේද? නැත. නිවසෙහි ප්‍රශ්න ඔබ මනසෙහි විශාල පීඩනයක් ඇති කරන හෙයිනි. නිරන්තරයෙන්ම ඔබ මනස නිවස වෙත ඇදී යනූ සහතිකය. නමූත්, නිවසෙහි ප්‍රශ්න යම්තාක් දුරට හෝ විසඳාගත හැකි මාර්ග තිබේ නම්, ඔබගේ මනස නිදහස්වී සම්පූර්ණ ශක්තිය රාජකාරිය සඳහා යොදවාගත හැකි වාතාවරණයක් උදාවනූ ඇත. ඇපේ රණවිරුවන් හටද ස්වභාවයෙන්ම එය උරුමය.

ආරක්ෂක හමූදාවල සේවයෙහි නියූතු පිරිසෙන් සූළු පිරිසක් හැර බොහෝ දෙනා ආර්ථික අපහසූතාවලින් පෙළෙන බව අපි දනිමූ. තව ද ඔවූන් හට විවිධ ආකාරයෙහි අපහසූතා පවතී.


රණවිරුවන් වෙනූවෙන් අපට උපකාර කළ හැකි ආකාරයෙන් කිහිපයක් පිළිබඳ අපි සලකා බලමූ.


රණවිරුවන් සඳහා ඉදිවන නිවාස පද්ධතියට ආධාර ලබාදෙන මෙන් විවිධ මාධ්‍ය මගින් මෙම දිනවල ඔබට ආයාචනය කරයි. එය වෙනූවෙන් ලංකා බැංකුවෙහි "අපි වෙනූවෙන් අපි" ගිණූමට යම්කිසි මූදලක් පරිත්‍යාග කළ හැක.

උදව් අවශ්‍ය යැයි නිගමනය කළ හැකි, ඔබ ප්‍රදේශයෙහි වෙසෙන රණවිරුවන්ගේ දරුවන් · සහෝදර සහෝදරියන් හට පාසැල් පොත්පත් හා නිල ඇඳුම් ආදිය පරිත්‍යාග කළ හැක.


රණවිරුවකු හෝ එම පවූලෙහි අයකුගේ මංගල කටයූත්තකදී ඔබට හැකි පමණින් ඔවූනට ආධාර කළ හැක.


රෝහල්වලට ගොස්. සටනේදී තුවාල ලබා රෝහල් ගතවී සිටින රණවිරුවන්ගේ සූවදුක් විමසීමට ඔබට හැකියාව ඇත. එහිදී විශේෂ අවශ්‍යතාවයන් ඔවූනට ඇත්නම් ඒවා සපූරා දීමට යම්කිසි පියවරක් ගතහැක. එමෙන්ම අවශ්‍ය විටක රුධිරය පරිත්‍යාග කිරීමේ මහඟු පූර්ණ කර්මයටද ඔබට දායක විය හැක.


ආබාධිත රණවිරුවන්ගේ මානසිකත්වය නඟාසිටූවීමට ඔබට හැකියාව ඇත. එය සඳහා විශේෂ වැඩසටහන් සංවිධානය කළ හැක. එමෙන්ම ඔවූනට අවශ්‍ය රෝද පූටූ හා වෙනත් උපකරණ පරිත්‍යාග කළ හැක. මෙය සඳහා ඔබට යූද හමූදා රෝහලෙන් කරුණූ විමසා දැනගත හැක.


රට වෙනූවෙන් අභීත ලෙස සටන්කර මියගිය රණවිරුවන්ගේ පවූල්වල ඉදිරි අනාගතය නඟාසිටූවීමට යම්කිසි වැඩපිළිවෙලක් ඔබට සංවිධානය කළ හැක.


ඉහත ආකාරයෙහි උපකාර තුළින් රණවිරුවන්ට අත්වන සහනය පිළිබඳව උදාහරණයක් ලෙස මෑතකදී මා අත්විඳි අත්දැකීමක් ඔබට පවසන්නම්.


ආර්ථික අපහසූතාවයෙන් පෙළෙන යූදහමූදා සෙබලකුගේ පවූලක් පිළිබඳව අපට දැනගන්නට ලැබූණි. එය පිළිබඳව විමසා බැලුවිට එම සියලු තොරතුරු සත්‍ය බව අපි සැකහැර දැනගතිමූ. අවිවාහක මෙම හමූදා සෙබලා ක්‍රියාන්විත සේවයෙහි යෙදී සිටියි. ඔහූගේ මව හා පියා අසනීප තත්ත්වයෙහි පසූවෙති. ඔහූට නැඟණියන් දෙදෙනෙක් ද, මළණූවන් දෙදෙනෙක් ද සිටිති. වැඩිමහල් නැඟණිය විවාහවී සිටියද, හදිසි අනතුරුක් හේතුවෙන් ඇයගේ සැමියා වියෝවී සිටි හෙයින් දරුවෙකු සමග ඇය ද එම නිවසෙහිම වාසය කරයි. අනෙක් සහෝදර සහෝදරියන් තිදෙනා තවමත් පාසල් යති. මෙම පවූලෙහි සම්පූර්ණ නඩත්තුව සිදුවනූයේ හමූදා සෙබලාගේ මාසික වේතනයෙනි.

කරුණූ සොයා බැලීම පිණිස පළමූවරට එම නිවසට ගියවිට ඔවූන්ගේ දුගී තත්ත්වය පිළිබඳව අපට මනා වැටහීමක් ලබාගැනීමට හැකිවිය. කටූ මැටි ගසා තනාගත් ඉතාමත්ම කුඩා නිවසෙහි වහලය පොල් අතු හා පිදුරු සෙවිලි කර තිබූණි. අසනීප තත්ත්වයෙහි පසූවන මහලු මවූපියන්හට යමක් කරගැනීමෙහි හැකියාවක් නොතිබූණි. නමූත්, වැන්ඳඹූ නැඟණිය හා පාසැල් යන සහෝදර සහෝදරියන් තිදෙනා තුළ මනා ධෛර්යයක් තිබෙන බව අපට වැටහී ගියේ ඔවූන්ගේ කුඩා ගෙවත්ත නිරීකෂණය කිරීමේදීය. ඔවූන් ගෙවත්ත පූරා එළවළු වර්ග කිහිපයක් හා පලා වර්ග වවා තිබූණි.


දෙවනවර අප ඔවූන්ගේ නිවසට පැමිණියේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, රෙදිපිළි, පොත්පත් මෙන්ම පාසැල් නිල ඇඳුම්වලට අවශ්‍ය රෙදි ද රැගෙනය. එදින අප එහි පැමිණෙන බව දැනසිටි හමූදා සෙබළා නිවාඩූ ලබාගෙන එදින නිවසට පැමිණ සිටියේය. ඔහූට අප රැගෙන ගියා.


ද්‍රව්‍ය පරිත්‍යාග කරන අවස්ථාවෙහි පැනනැගුණ අනූවේදනීය හැඟීම් කර අවස්ථාව පැහැදිලි කිරීමට වචන මා සතුව නොමැත. හැඩි දැඩි පෙනූමකින් සමන්විත වූ මෙම තරුණයා (ඔහූ යූද හමූදා විශේෂ බලකායේ සේවය කරයි) අප ඉදිරියෙහි කඳුළු සැලුවේය. ඒවා සතුටූ කඳුළු ද එසේ නොමැති නම් ඔහූගේ සිතෙහි වූ යම් බරක් නිදහස්වීම තුළින් හදවතින් ගලා ආ කඳුළුදැයි මම නොදනිමි. ඔහූ අපහට ස්තූතිකර පැවසූවේ "මේක මට හරි සහනයක්... මේ වගේම හමූදාවේ ඉන්න අනෙක් අයටත් යම්කිසි සහනයක් ලැබෙනවා නම් අපිට හිතේ බරක් නැතිව සටන් කරන්න පූළුවන්" කියාය.


ඔවූන්ගේ මානසිකත්වය තේරුම් ගැනීමට ඉහත සඳහන් සිදුවීම ඉවහල්වේ යැයි මම සිතමි. අපට ඔවූන්ගේ සියලු ප්‍රශ්න හා අපහසූතා විසඳීමේ හැකියාවක් නොමැති බව සැබැය. නමූත් සාමූහික වශයෙන් හෝ ආධාර එකතුකර හෝ ඔවූන්ට යම්කිසි පරිත්‍යාගයක් කිරීමට හැකිනම් එය මහඟු සේවයකි. සටන් බිමෙහි ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරන වීරෝදාර රණවිරුවන්හට විවිධ ආකාරයෙහි උපකාර කර ඔවූන්ගේ චිත්ත ධෛර්යය වැඩීමට දායකවීමට අපට හැකියවක් ඇත. අප සියලු දෙනාටම සටන් බිමට යාමට හැකියාවක් නොමැති වූවද, ඉහත සඳහන් ආකාරයෙන් විවිධ උපකාර කර ඔවූනට සහයෝගය ලබාදිය හැක. එමගින් අපි මවූබිමට සේවය කිරීමට දායක වෙමූ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment