සමට පෝෂණය ලබා දෙන කැරටි



කැරටි ආහාරයට ගන්න කවූද අකමැති. එහි තිබෙන රසය නිසා කවූරුත් වගේ එය අමූවෙන්ම ආහාරයට ගන්නවා. කැරටිවල තිබෙන සිත් ඇඳගන්නා පෙනූම නිසා කාගේත් නෙත පිනවන අතර කෑම පිඟානද අලංකාර ලෙස හැඩට දිස්වෙන බව ඔබ නිරායාසයෙන්ම දන්නවා.

කැරටි රසවත් ගුණවත් සලාදයක් සකස් කර ආහාරයට ගන්න පූළුවන් බව ඔබ දන්නවාද? බොහෝ අය මෙය එළවළුවක් විදියට භාවිතා කළ ද පලතුරක් විදියටත් රස විඳින්න පූළුවන්.


එළවළු ලොවේ විටමින්වලින් සපිරුණූ වීරයා ලෙසට විරුධාවලිය ලබා තිබෙන කැරටි එළවළු අතර සූවිශේෂී ස්ථානයක් හිමි කරගෙන තිබෙනවා.


මිනිසාගේ සිරුරේ නිරෝගීතාවයට කැරටි මහෝපාකාරී වෙනවා. කැරොටීන්වලින් පොහොසත් මෙය විටමින් A හිමි වී තිබෙන ප්‍රධාන ආහාරයක් බව පෙන්වා දිය හැකියි. මේ නිසා මිනිසාගේ සිරුරට විටමින් A ස්වභාවිකවම ලබාගන්නට හැකිවෙනවා.


කැරටිවල විටමින් A වලට අමතරව විටමින් ඊ සහ විටමින් ක, කැල්සියම්, ඛණිජ ලවන, සෝඩියම්, විටමින් ඪ සහ ෑ , පොටෑසියම් ඊ 6 , තයිමින්, ෆෝලික් අම්ලය, මැග්නීසියම්, යකඩවලින් පරිපූර්ණ වන අතරම ජලය 87% ක් අඩංගු වෙනවා.

අද බොහෝ අයට කොලෙස්ටරෝල් තත්ත්වය මහත් කරදරයක් බවට පත් වී තිබෙනවා. එවැනි අයට කැරටි මහත් ගුණදායක බව සඳහන් කරන්න පූළුවන්. මන්ද කැරටිවල කාබෝහයිටි ඩේ්‍රටි සහ මේදය සූළු වශයෙන් තමයි ගබඩා කර තිබෙන්නේ. මේ නිසා කැරටි ආහාරයට ගැනීමට බිය වෙන්නට අවැසි නෑ.

මිනිසාගේ සමට ඉතා හිතවත් වන කැරටි නිරෝගී සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට එකතු කර ගැනීම වැදගත් බව බවයි වෛද්‍යවරුන් පවසා සිටින්නේ.


එපමණක් නොව කැරටි සතු රෝග නිවාරණ ගුණය පිළිබඳ නවතම පර්යේෂණවලින් ද තහවූරු කර තිබෙනවා. ඔබගේ රුධිර පීඩනය සහ පිළිකා මර්දනය කිරීමේ බලය කැරටි සතුව පවතිනවා.

තවද බීටා කැරොටින්, ඇල්ෆා කැරොටින්, විටමින් ඊ, විටමින් ඊ2 සිරුරට ඉතා වැදගත් වෙනවා. මෙවැනි විටමින් වර්ගත් ඔබට කැරටි ආහාරයට ගැනීමෙන් ලබාගන්න පූළුවන්.


ඔබ අප කවූරුත් වගේ දන්නවා කැරටි කහ පැහැති එළවළුවක් බව. මෙය ආහාරයට ගැනීමෙන් අකෂි රෝග, සමේ රෝගවලට සූදුසූ වෙනවා වගේම සිරුර වෙහෙස බව දුරුකර ගැනීමට හා පිපාසයට ඉතා හොඳ බව කියන්නම වෙනවා.

සෞඛ්‍ය සම්පන්න දිවියක් සඳහා කැරටි ඔබට වැදගත් වන්නේ ඇයි?

කැරටි ආහාරයට ගැනීම ඕනෑම කෙනෙකුට සූදුසූයි. ගැස්ට්‍රයිටීස්, වමනය යෑම, උණ, සෙම්ප්‍රතිශ්‍යාව කියලා ආහාරයට ගැනීමට අගුණ නොවන එළවළුවක්. හැදෙන වැඩෙන දරුවන්ගේ නිරෝගී පැවැත්මට බොහෝ ඉවහල් වෙනවා. මන්ද විටමින් ් අඩංගු නිසාවෙනි.

ඒ වගේම මහලු අයගේ සම හිරු එළියෙන් රැකගැනීමට ද කැරටිවලට හැකියාව පවතිනවා. ඒ බීටා කැරොටින් අන්තර්ගත වී තිබෙන බැවිනි.

එමෙන්ම එච්. අයි. වී ආසාදනය තිබෙන අයට අධි රුධිර පීඩනයෙන් පෙළෙන අයටද ගුණදායක වෙනවා.


තරුණ යූවතියන් නිතර සම ගැන සිතන නිසා කැරටි ආහාරයට ගැනීමෙන් දීප්තිමත්, පැහැපත් පෙනූමක් ලබාගන්න පූළුවන්. මූහූණ පිරිසිදු කර ගැනීමට ද උපකාරී වෙනවා. මන්ද රූපලාවන්‍ය ආලේපන සඳහා අද වන විට කැරටි යොදා ගනූ ලබනවා. එයට හේතුව මේදය පාලනය කිරීමේ ශක්තිය තිබෙන නිසාය.

කැරටි සතුව විටමින් ් පරිපූර්ණ නිසා අකෂි රෝගවන ඇසේ ඇතිවන සූදමය තත්ත්වය වළක්වාලීමේ හැකියාව පවතිනවා. හෘදයට හිතැති වන මෙය පෙනහලුවලට ද ගුණදායක එළවළුවකි.

ඔස්ටියෝ පොරෝසිස් රෝගීන්ට සූදුසූවන්නේ කැරටිවල කැලිසියම් තිබෙන නිසා වන අතරම කැරොටින්වලින් සවිමත් බවින් අධි රුධිර පීඩනය ඇති අයට ගුණදායක වෙනවා.


ලොකු කුඩා කාහටත් ගුණ දෙන කැරටි පානයක් ලෙස සකස් කර පානය කිරීමෙන් සිරුර පැහැපත් කර ගැනීමට පූළුවන්.


දෑන් ඔබට වැටහෙනවා නේද? කැරටි සතුව පවතින ගුණය කොපමණ ද කියලා. ඔබේ පවූලේ නිරෝගීකම පිළිබඳව සිතන මවක්, ගෘහනියක් නම් එදිනෙදා ආහාර වේලට කැරටි එක්කර ගැනීමට අමතක කරන්න එපා.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment