තුලා ලග්න කාන්තාවගේ ගතිගුණ



තුලා ලග්නකාරියන් පැහැපත් ශරීරයකට හිමිකම් කියයි. ඉතා ප්‍රසන්න රුවක් හිමිවන්නීය. රවූම් මූහූණක් වේ. සිහින් ශරීරයක් හිමි වූවත් මධ්‍යම

වයසේදී හෝ විවාහයෙන් පසූව තරමක් මහත ් ශරීරයක් වේ. කතාවට දක්ෂයි. දිගු කේශ කලාපයක් ඇත.


තුලාව නර රාශියක් බැවින් තුලා ලග්න කාන්තාව සතුව උතුම් මිිනිස් ගුණ පවතී. අනූකම්පා සහගත සිතකි. හදවත කරුණාවන්තයි. නිතරම අන්‍යයන්ට උදව් කරන්නට සැරසේ. එහෙත් තමන් කිසි දිනක කිසිම කෙනෙකුගෙන් පිහිට උපකාර බලාපොරොත්තු වන්නේ නැත. දුර දක්නා නූවණක් හිමි තුලා කාන්තාව හදිසි ඉක්මන් තීරණ ගැනීම්වලින් බොහෝ දුරට වැලකී සිටීමට උත්සාහ දරන්නීය. යම් කටයූත්තක් කිරීමට පෙර ඒ ගැන හොඳින් විමසා බලයි. නැවත නැවත සිතා බලයි. සාමය ඉතා අගයයි. ධනයට වඩා සාමය අගයන තැනැත්තියන් තුලා ලග්නයෙන් ජනිත වන්නීය. සාමයට මූල් තැන දී කටයූතු කරයි.

තුලා ලග්නයෙන් සඳුදා ජනිත කාන්තාව රුවැත්තියකි. සූන්දර මූහූණකි. කුඩා දරුවන්ට ආදරය කරයි. වැඩිහිටියන්ට ගෞරව කරයි. අනූන්ගේ දුකට පිහිට වෙයි.

අඟහරුවාදා දින තුලා ලග්නයෙන් ජනිත කාන්තාව නිර්භීත හිතක් ඇත. ස්වඋත්සාහයෙන් දියූණූවට පත් වේ. විදේශ ගමන් බිමන් යෙදේ. ඉගෙනීමට මෙන්ම කී්‍රඩාවන්ට දක්ෂයි.

බදාදා තුලා ලග්නයෙන් ජනිත කාන්තාව ඉගෙනීමට දක්ෂ වේ. එහෙත් වරින් වර ඉගෙනීම්වලට බාධා පැමිණේ. සමහර අවස්ථාවල නිතර නිතර කුඩා කල නිවසින් බැහැරව කල් ගෙවීමට සිදු වේ.


බ්‍රහස්පතින්දා දින තුලා ලග්නයෙන්ජනිත කාන්තාව භාග්‍යවන්තියක් වේ. කුඩා කල සිටම සැප සම්පත් විඳගැනීමට භාග්‍ය හිමිවන්නීය. ආගමික කටයූතු කිරිමට පෙළඹේ.


තුලා ලග්නයෙන් සිකුරාදා දින ජනිත කාන්තාවට දුටූවන් මන බදින රුවකට හිමිකම් කියයි. හොඳ අධ්‍යාපනයක් ලැබීමට වාසනාව හිමි වේ.


සෙනසූරාදා දින ජනිත තුලා ලග්න කාන්තාව පස්කම් සැපතට ප්‍රිය කරයි ඊර්ෂි්‍යාව කුහකකම ඇති වේ. අනූන්ගේ හිත් රිදවීමට දක්ෂයි. මූදල් උපයා ගැනීමට දක්ෂ වූවත් මූදල් අත ඉතිරි නැත.


ඉරිදා තුලාවෙන් ජනිත කාන්තාව හිතුවක්කාර අදහස් ඇත. මව්පිය වැඩිහිටියන්ගේ අදහස්වලට එතරම් ගරු කිරීමක් නැත. නිතර නිතර හිසදරයෙන් පීඩා විඳි.


මෙහි දිනය ගණන් ගන්නේ එක් හිරු උදාවක සිට පසූදින හිරු උදාව දක්වා එක් දිනයකටයි. උදාහරණ සඳුදා හිරු උදාව උදේ 6.05 නම් එම මොහොත සිට පසූදා හිරු උදාව තෙක් සඳුදා දිනයට ගණන් ගැනේ.


අධ්‍යාපනය


නවවෙනි කොටූවේ රවි බූධ පිහිටීම උසස් අධ්‍යාපනයක් ලැබීමට භාග්‍ය උදා වේ. වෛද්‍යවරියක් වීටම භාග්‍ය හිමි වේ. රවි බූධ නවය යෙදීම හොඳ අධ්‍යාපනයක් ලැබීමට භාග්‍ය උදා කරවයි. බූධ ලග්න ගතව (පළමූ කොටූව) යෙදී තුලා ලග්න කාන්තාව කුඩා කල සිට අධ්‍යාපන කටයූතුවලට දක්ෂතා දක්වන්නීය. රවි බූධ යෝගය 11 වන කොටූව යෙදී කාන්තාවට වැඩිපූර අධ්‍යාපනයට බාධා පමූණූවයි. අධ්‍යාපනය ලබන වයසේ සෙනසූරු අපල රාහූ මහ දශා ලැබීම අධ්‍යාපනයට බාධා ඇති කරවයි. රාහූ රවි බූධ පස්වැන්න ගත වූ කල අධ්‍යාපන කටයූතුවලට බාධා පැමිණේ. බොහෝ තුලා ලග්නකාරියන් අධ්‍යාපන කටයූතු සාර්ථකව කරගෙන ගොස් ඇති බව පෙනී යයි. අත් අකුරු ලස්සනට ලියන්නට හැකියාව පවතී.


ධනය

ධනය උපයා ගැනීමට දක්ෂතා ඇත්තීය. අධ්‍යාපන කටයූතු අවසන කළ දින සිට රැකියාවක් සොයාගැනීමට උත්සාහ කරයි. අධ්‍යාපන සූදුසූකම් අනූව හොඳ රැකියාවක් ලබා ධනය උපයා ගනී. මූදල් ඉතිරි කර ගැනීමට නිතර මහන්සි ගනී. කුඩා කල සිට මූදල් ඉතිරියට ආශාවක් දක්වන්නීය. ව්‍යාපාර කටයූතුවලින් ධනය උපයා ගැනීමට දක්ෂ වන්නීය. තුලා ලග්නයෙන් ජනිතව දහවැනි කොටූව කුජ යෙදුන කාන්තාව ධන හීන තැනැත්තියක් වන්නීය. ධනය ලැබූණත් කලකදී ධන හානියට පත් වේ.


විවාහය


පේ්‍රම සම්බන්ධතා නිසා විවාහයක් සිදුවන්නේ කලාතුරකිනි. පේ්‍රම සම්බන්ධයක් ඇති වූවත් එය සාර්ථක වන්නේ බොහෝ බාධක මැදිනි. පේ්‍රම සබඳතා කීපයක් අසාර්ථක වූ විට මව්පියන් ගෙන එන යෝජනාවන්ට කැමති වේ. ශනි හත් වැන්න ගත වීම විවාහය තරමක් පවාවීමට ඉඩ ඇත. පමා වූවත් හොඳ විවාහයක් සිදු වේ. රට තොට ප්‍රසිද්ධියට පත් මහජනතාව අතර ජනප්‍රිය පූද්ගලයෙක් සමග විවාහ වීමට භාග්‍ය හිමි වේ. සහකරුට ඉතාම හොඳින් තම යූතුකම් ඉටූ කරන තැනැත්තියක් වන්නීය. ලග්න 12 න්ම හොඳම බිරිඳක් වීම තුලා ලග්නකාරිය භාග්‍ය ලබන්නීය.


දරුවන්

දරුවන්ට ඉතාම ආදරය කරන්න තුලා ලග්න කාන්තාව සතු ලක්ෂණයකි. දරුවන්ගේ අධ්‍යාපන කටයූතු ගැන නිතර සොයා බලමින් කටයූතු කරයි. කෙසේ හෝ දරුවන්ට උසස් අධ්‍යාපනයක් මෙන්ම සමාජයෙහි ජීවත් වන්නේ කෙසේද යන්න ඉතා හොඳින් කියා දෙයි. දරුවන්ට ආගම දහම ගැන හොඳ අවබෝධයක් ලබාදෙයි. තුලා ලග්න කාරියන්ගේ දරු දැරියන් හික්මූණ දැහැමි දරුවන් බව බොහෝ දුරට ජ්‍යොතිෂ පරීක්ෂණ තුළින් හෙළි වී ඇත.


මව්පියන්

බොහෝ තුලා ලග්න කාරියන් කුඩා කල සිටම අධ්‍යාපන කටයූතු සඳහා මව්පියන්ගෙන් වෙන්ව කාලය ගත කරයි. මව්පියන්ට ආදරය දක්වයි. මව්පියන්ගෙන් එතරම් උදව් උපකාර බලාපොරොත්තු වන්නේ නැත. ශනි හත්වැන්න ගත තුලා ලග්නකාරියට මවගෙන් උදව් උපකාර ලැබෙන්නේ කලාතුරකිනි. සඳු කේතු සමග සිව් වැන්න වීම මව සමග නිතර හිත් අමනාපකම් ඇති වේ. පියාට ලෙන්ගතු බවක් දක්වයි. මවට වඩා පියාගේ ලෙඩ දුක් ගැන සොයා බලයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment