රෙදි පිළි මිලදී ගැනීමේදී ඔබ සැලකිලිමත් විය යූත්තේ කෙසේද?



වනිතාවන් රෙදි පිළි මිලදී ගැනීමේදී බොහෝ විට කූට වෙළෙඳුන්ට අසූවන වාර අනන්තයි අප්‍රමාණයි. වැඩි මිලක් දී රෙදි පිළි මිලදී ගෙන පැමිණියද ඉන්පසූ එය භාවිත කිරීමේදී ඇය බොහෝ විට විවිධ දුෂ්කරතාවන්ට ලක් වෙනවා. ඇය විසින් මිලදී ගන්නා රෙදි පිළි ඇතැම් විට සරිලන මූදලට ඇයට නොලැබෙන අවස්ථා එමටයි. එහෙත් ඔබ විසින් ගන්නා රෙදි ගෙවන මූදලට සරිලන වටිනා කමකින් යූතුව ලබා ගැනීමට හැකි වේද? එය දෑන ගන්නේ කොහොමද? යන්න පිළිබඳ දෑනූවත් වෙමූ.

අපේ කාන්තාවන් රෙදි පිළි වගේම ඕනෑම භාණ්ඩයක් මිලදී ගැනීමේදී එතරම් සැලකිලිමත් බවක් නොපෙන්වයි. මූලින්ම බලන්නේ එහි අලංකාරය පිළිබඳවයි. ඉන්පසූ කීයක් ගියත් එය මිලදී ගැනීම සිදු කරයි. නිවසට රැගෙන ආපසූ එය ප්‍රයෝජනයට ගත් විට තමයි එහි ගුණ අගුණ පවසන්නේ. ඉතින් ඒ නිසා අප මෙතැනදී පවසන්නේ මූලින්ම ඔබ රෙදි පිළි මිලදී ගැනීමේදී එහි ගුණාත්මක භාවය ප්‍රමිතිය පිළිබඳ විමසිලිමත් වන්න. මිලදි ගන්නා රෙදිවල නිමාව හැඩය වර්ණය සායම් යන රෙදිද නොයන රෙදිද යන්න ගැන මෝස්තරය ඇසූරුම් කර තිබෙන ආකාරය, දිග පළල, ප්‍රමාණය ආදිය ගැනත් සොයා බැලීම වැදගත් වෙනවා.

අපි බලමූ, දෑන් ඔබට සාරියක් මිලදී ගැනීමට අවශ්‍යයිි කියලා එය මිලදී ගැනීමේදී වර්ණය, නිමාව සාරියට තිබෙන නිශ්චිත ප්‍රමාණය, පිළිබඳ සැලකිලිමත් විය යූතුය. කමිසයක් මිලදී ගැනීමේදී එහි තිබිය යූතු දිග පළල වැනි ප්‍රමාණයන් නිසි ලෙස තිබිය යූතු වෙනවා. එය නිවැරදිව තිබේදෑයි බැලිය යූතුයි.

යම් දෙයක මිල නිශ්චය කරන්නේ එම රෙදි පිළි නිර්මාණය කරන ශිල්පියාගේ වියදම රැගෙන ඒමට ගිය ප්‍රවාහන වියදම ආදිය ගැනද සොයා බලලයි. එසේ සොයා බලා තමයි ඔබටත් නිර්මාණ ශිල්පියාටත් පාඩූවක් නොවන අයූරින් මිල සටහන් කරන්නේ.

හොඳ රෙදිද කියලා බලන්නේ එහි තිබෙන නූල් ප්‍රමාණය අනූවයි. ඒ වගේම නිමාව තුළිනූයි.

කපූ රෙදි මිලදී ගැනීමේදී එම නූල් පිළිබඳ සැලකිලිමත් වීමට පූළුවන්. හොඳ ප්‍රමිතියෙන් යූතු රෙදිවල නූල් ප්‍රමාණය වැඩිහා ළංව පිහිටා තිබෙනවා. සිනිඳු භාවයකින්ද යූතුයි. ඒ වගේම ඔබගේ පළපූරුද්ද තුළින් රෙදි තෝරාගැනීම සිදු කළයූතු වෙනවා. ඒ වගේම මැහූම් පිළිබඳවත් දෑනූමක් තිබිය යූතු වෙනවා.

අතරමැදි වෙළෙන්දන් සමග ගනූදෙනූ කිරීමෙන් තමයි ඔබට නියමිත මූදලට සරිලන ලෙස මිලදී ගන්නා රෙදි පිළි මිලදී ගැනීමට නොහැකිවන්නේ. මෙහිදී ඔබට සියලුම රෙදි නියම උසස් තත්ත්වයෙන්ම ඔබ ගෙවන මූදලට මිලදී ගැනීමට හැකියාව තිබෙනවා. බූද්ධිමත් රෙදි පිළි ගැනීමේදී ඉතා උසස් තත්ත්වයෙන් දීර්ඝ කාලීනව භාවිත කරන්නට හැකි ප්‍රමිතියක් ඇති දේ මිලදී ගැනීම සිදු කරන්න. එවිට ඔබගේ මූදල් නාස්ති නොවන හා කපටි වෙළෙඳුන්ට හසූ නොවන අතර ගෙවන මූදලට හරියටම රෙදි පිළි ලබාගැනීමට හැකිවෙනවා.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment