අඹ ආහාර දිරවීම පහසූ කරවයි



අඹ කිව්ව පමණිින් අපගේ මතකයට නැගෙන්නේ එය දෙවියන්ගේ ශාකයක් ලෙසටයි. මන්ද අපේ ජනවහරේ පත්තිනි මෑණියන් ගේ උපත අඹයෙන් බව ප්‍රචලිත වෙනවා. එම නිසා, එම ශාකය දේවත්වයෙන් සලකනූ ලබන අතර කිරි දානයකදී ශාන්තිකර්ම අවස්ථාවලදී අඹ සහ අඹ අත්ත යොදා ගන්නා බව ඔබ දෑක ඇතිවාට සැක නැහැ.

අඹ ප්‍රභේද කිහිපයකින් යූතු වෙනවා. ඒ වගේම විවිධ රසවලින් යූතු වෙනවා.

ඉදුණූ අඹ ඉතා මිහිරි රසකින් යූක්තවන අතරම සූවඳකින්ද යූතුයි. නමූත් බොහෝ අය පැසූණ අඹ මිරිස් කුඩූ සහ ලුණූ මිශ්‍ර කර ආහාරයට ගැනීමටත් ප්‍රිය කරනවා. ඇඹූල්බව අධිකව තිබෙන නිසා මූඛයේ කේඨ ග්‍රන්ථ උද්දීපනය කිරීමේ හැකියාවත් පවතිනවා. එයින් මූඛය පිරිසිදු කිරීමේ කාර්යයත් නිතැතින්ම ඉටූ වෙනවා.

ඉදුණූ අඹ ආහාරයට වගේම ස්වභාවික පානයක් විදියටත් සකස් කර ගන්න පූළුවන්. අඹවලින් බොහෝ රටවල විවිධ නිෂ්පාදන සඳහා යොදා ගැනීමක් සිදු කරයි. පානවර්ග, ජෑම්, අයිස්ක්‍රිම්, සෝස්, චටිනි, පේස්ටි වර්ග, මිල්ක් ෂේක්, කෝඩියල්, ආදී නිෂ්පාදන බොහොමයකට අඹ යොදා ගනී.


අඹ සිරුරට ඉතා ගුණ පලතුරක් හැටියට හඳුන්වන්නට පූළුවන්. විටමින් සී බහූල පලතුරක් මෙන්ම විටමින් සහ ඛනිජ ලවණ බොහෝ වෙනවා.

විටමින් ්ල ෑ ල විටමින් ඊ විටිමින් ණ, විටමින් ඊ , පොටෑසියම්, කොපර්, ඇමයිනෝ අම්ලය, ප්‍රෝ විටමින්ල් ්ල බීටා කැරොටීන්, යකඩ, සින්ක්, ආදී විටමින් වර්ග රැසකින් පෝෂණය ලද පලතුරක් විදියට හඳුන්වන්නට හැකියි.


මෙම පලතුර ආහාරයට ගැනීමෙන් සිරුරේ මේදවලට බලපෑමක් කළහැකි බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. එ ්කියන්නේ කොලෙස්ටරෝල් මටිටූ කළහැකි එම රෝගීන්ට ද ආහාරයට ගත හැකි පලතුරක් වෙයි. ආහාර දිරවීම පහසූ කරවයි. අඹවල කෙඳි බෙහෙවින් ඇති නිසා මිනිසාගේ සිරුරේ සෑම ඉන්ද්‍රියක් කරාම අවශ්‍ය ගුණය ලබා දේ.


නවීන වෛද්‍ය විද්‍යාවට අනූව රුධිර පීඩනය අඩූ කරවන ගුණය හා පිළිකා නැසීමේ බලයත් අඹගෙඩිය සතුව පවතිනවා. උණටත් සෙම්ප්‍රතිශ්‍යාවටත් අගුණ නොවන අඹ ගැබිනි මව්වරුන්ගේ ප්‍රියතම පලතුරක්. මන්ද එහි අඩංගු ඇඹූල් බව නිසා ආහාර අප්‍රියතාවය වමනය ආදියටද සූදුසූ වෙනවා. මළ බද්ධය දුරුකරලීමේ හැකියාවත් පවතියි.


අමූවෙන් අඹ ආහාරයට ගැනීම ගැස්ට්‍රයිටීස් රෝගීන්ට සූදුසූ නොවන්නේ එහි ඇසිඩ් වර්ග ඇති නිසාවෙනි.


සිරුරේ නිරෝගිබවට පැහැයට වගේම සිරුරට අවශ්‍ය කරන පෝෂණ ගුණය ඇති කිරීමේ හැකියාව අඹ ආහාරයට ගැනීමෙන් ලබාගන්නට පූළුවන්.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment