ගැබ්ගත් කාන්තාවක් පළමූ මාස තුනේදී පිළිපැදිය යූතු කරුණූ



ගර්භනී කාන්තාවක් පළමූ මාස තුන තුළදී පිළිපැදිය යූතු අත්‍යවශ්‍ය කරුණූ ගැන අපි කතා කරමූ.

අපි කලින් ලබාදෙන උපදෙස් අනූව ෆෝලික් අම්ලය ගර්භනී තත්ත්වයට පත්වෙන්න ඉස්සරවෙලා ඉඳලා ගත්තා නම් එය නොකඩවා පළමූ මාස තුන තුළදීත් ලබා ගැනීම ඉතාම වැදගත්. කළලයේ ෙසෙල වැඩිලා පටක වර්ධනය වෙලා අවයව ඇතිවෙන්නේ පළමූ සති 12- 14 අතරදී. මේ අවස්ථාවේ ෆෝලික් අම්ලයේ යම් ඌනතාවයක් ඇති වූණොත් වැඩෙන කළලයේ යම් විකෘතිතාවයන් ,අසාමාන්‍ය තත්ත්වයක් ඇතිවීමට ඉඩකඩ වැඩියි. මාතෘ සායන සහ වෛද්‍ය සායනවලින් මෙම පෙති මවූවරුන්ට නොමිලේ ලබා දෙනවා. ඖෂධහල් මගින් මිලට ගන්නවා නම් ඉතාම අඩූ මූදලකට ගන්න පූළුවන්. මවක් දවසට එක පෙත්තක් බැගින් ෆෝලික් අම්ලය ගැනීමෙන් ළදරුවන්ට වන ආබාධවලින් සෑහෙන ප්‍රමාණයක් වළක්වා ගන්න පූළුවන්. ෆෝලික් අම්ලය අපි ලබාගන්නා සමබල ආහාරවේල තුළ තිබූණත් පෙත්තක් වශයෙන් ලබාගැනීමත් අවශ්‍යමයි. විශේෂයෙන්ම පළමූ සති දොළහ දාහතර අතර කාලවලදී ගර්භනී කාන්තාවගේ බර ප්‍රමාණය මදි කියලයි අපි විශ්වාස කරන්නේ. ෆෝලික් අම්ලය ලබා ගැනීමේදී කෑමට පෙර කෑමට පසූ කියලා විශේෂයක් නැහැ. දිනකට එක ෆෝලික් අම්ල පෙත්තක් බැගින් ලබාගත යූතුයි. සමහර වෙලාවට ඔබ වූණත් දෑකලා ඇති ප්‍රමාණ දෙකකින් ලොකු සහ කුඩා වශයෙන් ෆෝලික් අම්ල පෙති දෙකක් තියෙනවා. නමූත් ලංකාවේ තියෙන සහ ලබාදෙන ෆෝලික් අම්ල පෙතිවල අඩංගු ෆෝලික් අම්ල ප්‍රතිශතය එකයි. මොන වෙළෙඳ නාමයෙන් ඖෂධහල්වලට පැමිණියත් එහි අන්තර්ගත ෆෝලික් අම්ල ප්‍රමාණය එකයි. ගර්භනී කාන්තාවන්ට අවශ්‍ය ප්‍රමාණයට ෆෝලික් අම්ලය එම පෙතිවල අඩංගු වෙනවා.
දෙවනි කාරණය තමයි ස්කෑන් පරීක්ෂණයේ ඇති වැදගත්කම. ස්කෑන් පරීක්ෂණය මගින් දින නිවැරදිව නිර්ණය කර ගන්න පූළුවන්. දින නිවැරදිව නිර්ණය කිරීමෙන් ඉදිරියේදී ගර්භනී තත්ත්වයේ විිවිධ අවස්ථාවලදී කළ යූතු දේවල් සැලසූම් කළ හැකියි. ඒත් එක්කම ගර්භනී කාන්තාවට දරුවන් එක් අයෙක්ද දෙදෙනෙක් ද කියලා නිවැරදිව දෑනගන්න පූළුවන්.

තවත් ඩිම්බ කෝෂයේ ගෙඩියක් ෆයිබ්‍රොයිඩ් එකක් වැනි ගර්භාෂය තුළ ඇති රෝග තත්ත්වයන් දෑනගැනීමටත් ඒවාට ප්‍රතිකාර කිරීමටත් හැකියාව ඇති වෙනවා ස්කෑන් පරීක්ෂණයන් මගින්.

පළමූ සූමාන අටෙිදී දොළහේදී වෛද්‍ය සායනයකට ගියොත් වෛද්‍යවරයෙක් හමූවූණොත් අපට ගර්භනී තත්ත්වය නිවැරදිව සැලසූම් කළහැකියි. සාමාන්‍යයෙන් අපි මවකට විටමින් සහ කැල්සියම් පටන් ගන්නේ සූමාන 12 කට පසූව. එයට හේතුව තමයි මවක් පළමූ සූමාන දොළහ තුළ වමනය, කෑම අරුචිය වැනි තත්ත්වයන්ගෙන් පෙළෙන නිසා.


එවැනි කාලවලදී වමනය ඇතිවීම ඔක්කාරය ඇතිවීම ස්වභාවික තත්ත්වයක්. ගර්භනී තත්ත්වයේ විශේෂයෙන් පළමූ මාස තුන හතරේ මළබද්ධය ඇතිවෙනවා. මෙවැනි තත්ත්වවලදී යකඩ අඩංගු පෙති ගැනීමෙන් කාන්තාවට අවාසියක් තමයි සිදුවෙන්නේ. ඔක්කාරය, වමනය නිසා යකඩ පෙතිවලින් අපි බලාපොරොත්තු වෙන වාසිය ලැබෙන්නේ නැතිව යනවා.


ගර්භනී මවකට පළමූ මාස තුන තුළදී අවශ්‍ය වෙන්නේ ෆෝලික් අම්ලය සහ ජලය පමණයි. නමූත් සමබල ආහාරවේලක් සහ කෑමට රුචි ඕනෑම දෙයක් කෑමට ගැනීම වරදක් නොවේ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment