දෑන් මේ පූර්විකාව කියන්න හේතුව පොඩි එවූන් විදිහට නැතිනම් වගකීම් නැති අය විදිහට ඔබ කරපූ කියපූ දේවල් වැරදුණාහම ඒ වෙලාවට ඔබ හැසූරුණ ආකාරය මොහොතකට සිහියට නංවන්නයි. නිදසූනක් විදිහට විභාගයෙන් අඩූ ලකුණූ ලැබූණොත් උගන්නපූ ගුරුවරයාත් ප්‍රශ්න හදපූ කෙනාත් ඒක බලපූ කෙනාත් විභාග ශාලාවේ හිටපූ පරීක්ෂකවරයාත් ආදී වශයෙන් සියලු දෙනාම ඊට වැරදි කාරයෝ විදිහට ඔබ අරුත් දෑක්වූ ආකාරය මොහොතකට කල්පනා කරන්න. ඔබ පාඩම් කළා නම් ඔබ ඉගෙන ගත්තා නම් ඔබ විභාගයෙන් නිසි පරිදි ලකුණූ ලබාගත යූතුව තිබූණා යැයි ඔබට අද හිතෙන්න ඕනෑ. අදත් ඒකේ වරද අනිත් අය පිට දමනවා නම් නියත වශයෙන්ම අදටත් ඔබ සාර්ථකත්වය වෙත යොමූ නොවන කෙනෙක් බැව් කනගාටූවෙන් වූවත් කිව යූතුයි.
සත්තකින්ම සාර්ථකත්වය වෙත අපි යොමූ වන මේ ගමනේදී දුක් කම්කටොලු අසාධාරණකම් කුහකකම් ආදියට මූහූණ දෙන්න සිදුවෙනවා. ඒවා නිදහසට කාරණයක්. කරගනිමින් ඔබ ඔබේ ගමන නවතිනවා නම් බොහොම සරල විදිහට කියන්න තියෙන්නේ ඔබේ ඉදිරිගමන එතැතින් නවතින බැව් පමණයි.
වගකීම් පිරුණ පවූල් සංස්ථාවක වගකීම් දරන අයෙක් විදිහට තව දුරටත් ඔබ නිදහසට කරුණූ කියමින් ඉන්නවා නම් එතන විශාල ගැටලුවක් තිබෙන බැව් පැහැදිලියි. බොහෝ වෙලාවට පවූලේ අනිත් සාමාජිකයන් පවා මෙවැනි ගතිගුණ ඇති අයට සමීප වන්නේ නැහැ. නැතිනම් බොහොම සමීප අන්දමින් කටයූතු කරන බව පෙන්නූවත් තීරණාත්මක අවස්ථාවන්වලදී ඒ අය බොහොම පහසූවෙන් එවැනි නිදහසට කරුණූ පෙන්වන තැනැත්තාගෙන් ඈත් වෙන්න පූළුවන්.
මා දන්නා ඉතාම පී්‍රතිමත් යූග දිවිියක් ගත කළ පවූලක් හිටියා. ටික කාලයකදී සැමියා හා බිරිඳ අතරේ නොයෙක් ගැටලු හටගත්තා.
එයට මූලික හේතුව උනේ සැමියා කිසිදු වැදගත් තීරණයක් ගන්නා විට කරුණූ නොවීමසීමයි. සැමියා කාර් එකක් ගත්තෙ අලුත් නිවසක් හැදුවේත්
රැකියාව මාරු කළේත් ්බිරිඳගේ අදහස් ප්‍රකාශයට ඉඩක් තියන්නේ නැතිවමයි. අවසානයේ මෙය ගැටූමක් ලෙස පූපූරා ගියේ දරුවන්ගේ උසස් අධ්‍යාපනයේදී විෂයයන් තෝරන්නට බිරිඳට කිසිදු ඉඩක් නොලැබීම තුළින්. මේ ගැටූම බොහෝ දරුණූ තත්ත්වයක් දක්වා ගියා . බිරිඳ හැම තිස්සෙම කිව්වේ සැමියා තමා නොතකමින් තනි තීරණ ගන්නා බවයි. ගැටූම් බොහෝ දුරක් ගියාට පස්සේ තමයි ඒකට හේතුව සැමියා හෙළි කළේ. ඇත්තට එයට හේතුව බිරිඳ කිසිදු දෙයක් වගකීමක් නොගෙන නිදහසට කරුණූ ඉදිරිපත් කිරීම පූරුද්දක් කරගෙන සිටීමයි.
නිරන්තරයෙන්ම නිදහසට කරුණූ කියන තැනැත්තා ජීවිතයේ කිසිදු වගකීමක් ගන්නා අයෙක් නොවනවා සේම ඕනෑම දේක තීරණාත්මක වගකීම අනිත් අය පිට පැටවීම පූරුද්දක් කරගත් අයෙක්. එවැනි කෙනෙකු සම්බන්ධයෙන් අනිත් අයගේ සිත් තුළ කිසිදු ගෞරවයක් ඇතිවන්නේ නැහැ. ඇත්තටම අනිත් අයගේ සිතේ එවැනි කෙනෙක් ගැන ගෞරවයක් ඇති වෙන්න හේතුවකුත් නෑ.
මේ නිසා වැඩිහිටියෙක් විදිහට පමණ ඉක්මවා නිදහසට කරුණූ දෑක්වීම කිසියම් බියගුළු කමක් විදිහට පෙනෙනවා නම් ඒක ලොකු වරදක් නෙමෙයි. ඇත්තටම වැඩිහිටියන් විදිහට අපිට කෙසේ හෝ කළ යූතු කොටසක් ජීවිතය විසින් උරුම කර තිබෙනවා. ජීවිතයේ සාර්ථකත්වය මනින්නේ ඒ කොටස අපි ඉටූ කරන ආකාරයෙන් සමහර විට මේ දේවල් කරුණූ කාරණා විවිධ හේතු ආදිය එක පෙළට පෙළගැස්විය හැකි තර්කානූකූල දේවල් වෙන්න පූළුවන්. එයට හොඳම උදාහරණය අධ්‍යාපනයයි. හොඳින් ඉගෙන ගත්තොත් හොඳ ජීවිතයකට දොරටූ විවර වෙනවා. ඒක අපි කවූරුත් දන්නා පැහැදිලි සත්‍යයක්. නමූතේ මේ අතරේ අපිට තවත් පිරිසක් හමූවෙනවා. අපිට ගුරුවරු හිටියේ නැහැ. හිටපූ ගුරුවරු අපිට ඉගැන්නූවේ නැහැ අපේ තාත්තයි අම්මයි පිස්සූ නටපූ හින්දා අපිට ඉගෙන ගන්න බැරි වූණා" අපේ ගෙදර ලයිටි තිබූණේ නැහැ. ආදී වශයෙන් ඉගෙන නොගන්නට නිදහසට හේතු පෙන්වන අය කොච්චර අපිට හමූවෙනවද ? හැබැයි ඒ අය මොන තරම් නිදහසට කරුණූ පෙන්නූවත් ඒ අයගේ සාර්ථකත්වය අද විඳින්නේ ඒ අයම නේද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. ඉතින් ඔබත් එහෙම වෙන්න කැමතිද?
නිදහසට කරුණූ දෑක්වීම කිසිම සාර්ථක අයෙකුගේ සම්ප්‍රදායක් නෙමෙයි. අපේ ජීවිතවලට සම්බන්ධ අයගේම විවිධ දුූර්වලතා හෝ වැරදි නිසා අපිට අනවශ්‍ය වගකීම් ගන්නට සිදුවෙන වෙලාවල් තියෙනවා. නිදසූනක් විදිහට සැමියා බේබදුකමට ඇබ්බැහිවෙලා නම් ඔහූ තමන්ගේ වගකීම් ඉටූ නොකරනවා නම් මව ගෘහනියක් විදිහට ඔබට ප්‍රමාණයට වඩා වගකීම් සමූදායක් වෙනූවෙන් උරදෙන්නට සිදුවෙනවා. එහිදී අවශ්‍ය නම් නිදහසට කරුණූ දෑක්වීමේ හැකියාවත් ඔබට තිබෙනවා ඒ වගේම එබට අනූකම්පා කරන පිරිසකුත් බිහිවේවි. නමූත් ඒ කිසිවකින් ඔබේ අරමූණූ සාර්ථකත්වය වෙත යොමූවෙන්නේ නැහැ.
කවූරුන් මොන දේවල් කළත් ඔබ ඔබගේ ජීවිතය තුළ ඇති වගකීම් සමූදාය එලෙසින්ම ඉටූ කළොත් ජීවිතය නියත වශයෙන්ම ඔබට සාධාරණ වනවාට කිසිදු සැකයක් නැහැ. නිදසූනක් විදිහට ඔබේ මෙහෙවර දරුවන් අසල්වැසියන්, ඥාතීන් නැතිනම් ඔබ නොදන්න බොහෝ දෙනෙක් අගය කරාවි. ඔබ සාර්ථක කෙනෙක් කියලා අහන්න ලැබෙන එක තරම් කෙනෙකුට සතුට ගෙනෙන තවත් ඇගයීමක් නැහැ එවැන්නක් බැංකු ගිණූමක පොලිය දෙනවා වගේ සතුට දෙගුණ කරමින් ලබාදෙනවා.
ස්වභාවයෙන්ම වගකීම් ගන්නා අය ගැන බොහෝ දෙනා බලන්නේ ලොකු ගෞරවයකින්. මම දන්නා එක ගෙදරක ආච්චි කෙනෙක් හිටියා. මම හිතුවේ ඇය ජීවත් වූ නිවසේ ඥාතියෙක් කියලයි. ඇය මියගොස් හත්දවසේ දානේ දුන්නටත් පසූවයි මම ඇය කවූද කියලා දෑනගත්තේ. ඇත්තටම ඇය කිසියම් කාලයක ඒ නිවසට ආ මෙහෙකාරියක්. ඇය ඇගේ ජීවිත කාලය තුළ ඒ නිවසේ දරුවන් හැදුවා. සියලු යූතුකම් ඉටූ කළා. මේ නිසාම ගෙදර ගෘහනිය ඇයට සැලකුවේ සහෝදරියකට වගේ. ගෙදර දරුවෝ ඇයට කතා කළේ කිරි අම්මා කියලයි. කාත් කවූරුවත් නැතිව ඒ නිවසේ මෙහෙකාරිය ලෙස ආ ඇය අවසානේ මිය ගියේ පවූලේ ආදරය ගෞරවය දිනාගත් සාමාජිකාවක් විදිහට හැමෝගෙම නෙතු කඳුළු නංවමින්. ඇය එතරම් ආදරණීය වන්නට එකම හේතුව අසාමාන්‍ය ලෙස වගකීම් දෑරීම පමණයි.
අවසාන වශයෙන් කිව යූතු ප්‍රධාන කරුණ වන්නේ අපි හැමෝම ජීවිතයේ කිසියම් වගකීම් සමූදායක් දරන බවයි. එය ඉටූ කිරීමේදී කුමන හේතුවක් නිසාවත් අපි නිදහසට කරුණූ දක්වනවා නම් අනිත් අය තුළ අපි ගැන ප්‍රියමනාප හැඟීමක් ඇති වෙන්න කිසිම ඉඩක් නෑ. ඒ නිසා අපි ඉගෙන ගත යූතු පාඩම් අතරේ නිදහසට කරුණූ නොකියා අදාළ කොටස කිරීමත් ප්‍රධාන කරුණක් වෙනවා.
0 comments :
Post a Comment