පළමූ ශ්‍රේණියට ඇතුළත් කරගැනීමේ පරීක්ෂණයෙන් අසමත් දරුවන් පාසලක් ලබාගන්නේ කොහොම ද?



සෑම දෙමාපියකුගේම උත්සාහය අභිප්‍රාය තම දරුවාට උසස් අධ්‍යාපනයක් ලබාදීමය. ඒ වෙනූවෙන් ඔවූන් දරුවා උපන්දා සිටම වෙහෙස මහන්සි වේ. ඒ තම දරුවාට අධ්‍යාපනය ලබන්නට හොඳ පාසලක් ලබාදීමටය. මෙය වර්තමානයේ ජාතික ප්‍රශ්නයක් වෙන තරමටම උග්‍ර වී ඇතැයි පැවසීම අතිශෝක්තියක් නොවේ. මන්ද බොහෝ දෙමාපියෝ තම දරුවාට පාසලක් අහිමිවී ඇති බවට මේ දිනවල මැසිවිලි නගති. ඒ නිසාම අප මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික පාසල් අධ්‍යකෂ ශ්‍රීලාල් නෝනිස් මහතා සමග සාකච්ඡා කළා.




ප්‍රශ්නය

නව චක්‍ර ලේඛය යටතේ 2009 සඳහා පළමූ වසරට ළමූන් ඇතුළත් කරගන්නේ කෙසේද?


පිළිතුර


පාසලට ආසන්නයේ පදිංචිකරුවන්ගේ දරුවන් සියයට 50 ක් පාසලේ ආදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් වන මවූපියන්ගේ දරුවන් සියයට 25 ක් එවකට එම පාසලේ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය සහෝදර සහෝදරියන්ගේ සියයට 15 ක් පාසල් අධ්‍යාපනය සෘජූවම බලපාන ආයතනවල කාර්ය මණ්ඩලවලට අයත් තැනැත්තන්ගේ දරුවන් සියයට 05 ක් රජයේ අවශ්‍යතාවය මත ස්ථාන මාරුවීම් ලැබූ රාජ්‍ය · සංස්ථා, රාජ්‍ය බැංකු නිලධාරීන්ගේ දරුවන් සියයට 04 ක් ළමයා සමග විදේශගතව සිට පැමිණෙන තැනැත්තාගේ දරුවන් සියයට 01 ක්

මේ අනූව තෝරා ගන්නා නව සිසූ සිසූවියන් සඳහා ලකුණූ සියයක් ලබාදෙන අතර එම ලකුණූ ලිපි ලේඛන නිසි ලෙස ඔප්පූ කිරීමෙන් ලබා ගත යූතුයි. එමෙන්ම ළඟම පාසලට ඉල්ලුම් නොකර අනෙකුත් පාසල්වලට ඉල්ලුම් කිරීමෙන් ආසන්න පාසල් පහට ඉල්ලුම් නොකිරීම නිසා ලකුණූ 50 ක් කැපෙනවා. ඒ වගේම ස්ථිර ඔප්පූ, බදු ඔප්පූවලින් පදිංචිය සනාථ කරන අයට ඡන්ද නාම ලේඛනයේ නම ඇති අයට ආදී ලෙස ලකුණූ දෙනවා.

නව චක්‍ර ලේඛනය අපි පූවත්පත් මගින් ප්‍රසිද්ධ කරලයි තියෙන්නේ. ඒ අනූව දෙමාපියන්ට මේ චක්‍රලේඛය පිළිබඳව සෘජූ අවබෝධයක් ලබාගත හැකියි.


ප්‍රශ්නය

2015 සඳහා සිසූන් ඇතුළත් කර ගැනීමේ සම්මූඛ පරීකෂණ කටයූතු අවසන්ද?

පිළිතුර

සම්පූර්ණයෙන්ම අවසන් කර නැහැ. ප්‍රථම අදියරේ සම්මූඛ පරීකෂණ අවසන් කෙරීගෙන යනවා. සමහර පාසල්වල තෝරාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ තාවකාලික නාම ලේඛණය ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ඒ අය ලබාගත් ලකුණූ සඳහන් කර තිබෙනවා. එයින් තම දරුවා පාසලට තේරී ඇද්ද නැද්ද යන්න බලාගත හැකියි. ඒ අනූව අභියාචනා ඉදිරිපත් කරන්නත් වැරදි ලේඛන ඉදිරිපත් කළ අය ගැන තොරතුරු ඇත්තේ නම් ඒවා ඉදිරිපත් කිරිමටත් හැකියාව තිබෙනවා.

ප්‍රශ්නය

මේ චක්‍රලේඛනට පිටින් වැඩ කිරීමට විදුහල්පතිව හෝ පළාත් අධ්‍යාපන අධ්‍යකෂවරයාට බලයක් තිබේද?


පිළිතුර

මේ චක්‍ර ලේඛයට පිටින් වැඩ කරන්න කිසිවකුට අයිතියක් හෝ බලයක් නැහැ.


ප්‍රශ්නය 

ඔබ කියන්නේ මේ සම්මූඛ පරීකෂණ සියයට සියයක් නිවැරදිව සිදුවූණා කියලාද?


පිළිතුර

ඔව්. ඒ ඒ සම්මූඛ පරීකෂණ මණ්ඩලවල අධ්‍යාපන කාර්යාල අධ්‍යකෂවරයෙක් සහභාගි වූණා. සමහර අයගේ පදිංචි තහවූරු කර ගැනීමට නිලධාරීන් ඒ ඒ ලිපිනයන්වලට ගොස් සොයා බලා තිබෙනවා. යම්කිසි වැරදි තීරණයක් ඇත්නම් අභියාචනා ඉදිරිපත් කරන්න දෙමාපියන්ට පූළුවන්.
යම්කිසි කෙනෙක් වංචනික ලෙස තම පදිංචිය ආදිය තහවූරු කර ළමයකු පාසලට ඇතුළත් කිරීමට උත්සාහ කළොත් එම ශිෂ්‍යායාට ශිෂ්‍යයාට වෙනත් රජයේ පාසලක් ලබාදි ඊළඟ ශිෂ්‍යාට හෝ ශිෂ්‍යාවට පාසලට ඇතුළත්වීමට අවස්ථාව ලබාදෙනවා. මෙහිදී තව දෙයක් කිව යූතුයි. බොහෝ දෙමාපියන් උත්සාහ ගන්නේ ජාතික පාසල් හෝ ජනප්‍රිය පාසල්වලට තම දරුවන් ඇතුළත් කිරීමටයි. ඒ නිසයි මේ තදබදය. ඇතැම් දෙමාපියන් තමාට ආසන්න ජාතික පාසලට ඉල්ලුම් නොකර ඈත තියෙන ජාතික පාසලට හෝ ජනප්‍රිය පාසලට අයදුම්පත් යොමූ කරනවා.

ප්‍රශ්නය

සම්මූඛ පරීකෂණ මණ්ඩලයේ සාමාජිකයන් පත් කරන්නේ කෙසේද?


පිළිතුර

මෙහෙමයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් · පළාත් අධ්‍යාපන අධ්‍යකෂක විසින් ඔහූගේ නියෝජිතයකු ලෙස පත් කරනූ ලබන අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරියෙක් (සභාපති)


විදුහල්පති විසින් නම් කරනූ ලබන එම පාසලේ වසරකට වැඩි සේවා කාලයක් සහිත නියෝජ්‍ය විදුහල්පති හෝ ජ්‍යෙෂ්ඨ ගුරුවරයෙක් (ලේකම්)

වෙනත් පාසලක සේවය කරන විදුහල්පති, ශ්‍රේණිධරයෙක්.. පාසල් සංවර්ධන සමිතිය විසින් නම් කරනූ ලබන නියෝජිතයෙක්. (එම පාසලේ ආදී ශිෂ්‍යයෙක් හෝ එම පාසලේ ගුරුවරයෙක් නොවිය යූතු අතර අවම වශයෙන් වසර 03 ක් පාසල් සංවර්ධන සමිතියේ සාමාජිකත්වය හිමි අයෙක් විය යූතුය.)


ආදී ශිෂ්‍ය සංගමය විසින් නම් කරනූ ලබන සාමාජිකයෙක්.


හොඳයි.. ඔබ පවසන ආකාරයට හා නව චක්‍ර ලේඛය අනූව පාසලකට ළමයෙකු ඇතුළත් කිරීමේදී කිසිදු වංචනික ක්‍රියාවක් සිදුවීමට ඉඩක් නැහැ.


නමූත් සමහර දෙමාපියන් තම දරුවාට පාසලක් නැතැයි කියා මැසිවිලි නගනවා. මේ සම්මූඛ පරීකෂණවලින් අසමත්වන දරුවන්ගේ අධ්‍යපානය ලැබීමේ අයිතියට මොකක්ද වෙන්නේද?

කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. තම පදිංචියට ආසන්න පාසලට ඉල්ලුම් කර අවශ්‍ය ලේඛන නීත්‍යානූකූලව ඉදිරිපත් කර ඇති කිසිම දරුවෙකුට ඒ පාසල අහිමි වෙන්නේ නැහැ. ඒ කොහොම වූණත් යම්කිසි ජනප්‍රිය හෝ ජාතික පාසලකට ඇතුළත් කර නොගත් දරුවන්ට රජයේ පාසලක් අනිවාර්යයෙන්ම ලබාදෙනවා. පාසලකට ඇතුළත් කර ගත හැක්කේ ළමයි 200 නම් අපි ළමයින් 1000 ක් සම්මූඛ පරීකෂණයට ලක් කරනවා. වඩා සූදුස්සාට සූදුසූ තැන ලැබෙනවා. අනිත් දරුවන් සූදුසූ නැහැ කියනවා නොවෙයි. ඔවූන්ගේ අධ්‍යාපන කටයූතු සඳහාත් රජයේ පාසලක් ලබා දෙනවාමයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment