ඔස්ටියෝපොරෝසිස් පිළිබඳ ඔබ දෑනගෙන සිටිය යූත්තේ ඇයි?

ඇත්තටම ඔස්ටියෝපොරෝසිස් කියන්නේ මොකක්ද? එහි රෝග ලක්ෂණ මොනවද?

ඔස්ටියෝපොරෝසිස්වලදී වෙන්නේ අස්ථි ස්කන්ධය අඩූවීම සහ අස්ථි කැඩෙන සූළු හෝ බිඳෙන ස්වභාවයට පත්වීම. මෙහිදී අස්ථිවල ඝනත්වය අඩූවෙනවා. උකුල් ඇට, කශේරුව, මැනික් කටූව වැනි තැන්වල පිහිටන අස්ථිවල අපි කියපූ දේවල් ඇතිවන නිසා බොහෝ අවදානම් තත්ත්ව එනවා. මෙම රෝගයට කාන්තාවන් පූරුෂයන් යන කොටස් දෙකම ගොදුරු වෙනවා.

අස්ථි හැදිලා තියෙන්නේ කොලජන්, කැල්සියම් පොස්පේටිවලින් . කොලජන් කියන්නේ ප්‍රෝටීනයක්. කොලජන් සහ කැල්සියම් පොස්පේටි ඛනිජ ලවනය නිසා ශක්තිය තද බව ලැබෙනවා. එම නිසා තමයි අස්ථි ඕනම පීඩනයකට ඔරොත්තු දෙන්නේ. මෙම අස්ථි අලුත් කරන කාර්ය ජීවිත කාලය පූරාම අපේ ශරීරය පූරාම තියෙනවා. ළමා වියේදී තරුණ වියේදී පරිනත අස්ථි පටක ඉවත්වීමේ වේගයට වඩා වැඩි වේගයෙන් නව පටක එකතු වීම වෙනවා. වයස පරිනත වන විට අස්ථි පටක ඉතා වේගවත් වන අතර අලුතින් තැන්පත්වීමත් ඊට වඩා අඩූ වේගයෙන් වෙනවා. ආර්තවහරණය වන කාන්තාවට පළමූ වසර තුළ අස්ථි පටක ඉවත්වීම ඉතා වේගවත්ව වන අතර පටක ඉවත් වීම වේගවත් සහ අස්ථි පටක එක්වීම මන්දගාමීව වේ.

අවූරුදු හතළිහ වන විට අස්ථි පටක බැහැරවීම සහ එක්වීම එකිනෙකට සමානව වේ. ඇතැම් පූද්ගලයන්ට ඉතා වේගවත්ව අලුත් අස්ථි පටක එකතු වීම සිදුවන අතර තවත් පූද්ගලයන්ට මෙම තත්ත්ව ටිකින් ටික සිදුවී අවසානයේදී අස්ථි බිඳීම දක්වා පැමිණේ.

ඒ නිසා ඔස්ටියෝපොරෝසිස් රෝගය වර්ධනය වීමට බලපාන සාධක වෙනස් කළ හැකි අතර සමහරක් ඒවා වෙනස් කළ නොහැකි වේ.



ආර්තවහරණය වෙනස්කම් නිසා පිරිමි අයට වඩා කාන්තාවන්ට අස්ථි පටක අඩූ වී යන අතර ඉතා වේගයෙන් එම පටක ඉවත් වේ. එම නිසා කාන්තාව පිරිමින්ට වඩා මෙම තත්ත්වයට ගොදුරු වේ. වයසට යාමත් සමග අස්ථිවල ඝනත්වය සහ ක්‍රියාකාරීත්වය අඩූවේ. කෙසඟ ශරීරයකට හිමිකම් කියන කාන්තාවන්ට මෙම තත්ත්වය වැඩි වේ. ආසියාතික කාන්තාව මෙම රෝගයට ගොදුරුවීම ඉහළ වේ. මෙය ඉවත් කර ගැනීමට බර උසූලා ව්‍යායාම කිරීම, මාංශ පේශී ශක්තිමත් කිරීමේ ව්‍යායාම, ඇවිදීම, බර ඉසිලීම, පඩි නැගීම් කළ හැකිය.


ඔස්ටියෝපෝරෝසීස් රෝගය බරපතල වූ විට පූද්ගලයන් ඇදයට කතා කරයි. දුම්පානය, අධික ලෙස මත්පැන් පානය, කැෆේන් අඩංගු ආහාර වැඩි වශයෙන් ගැනීම, ආහාරයේ ප්‍රෝටීන අධික වීම කැල්සියම් නොවීම, හේතු වේ. ඒ වගේම අවශ්‍ය තරම් විටමින් ඩී නොලැබීමද හේතු වේ. මන්ද අවශ්‍ය තරම් විටමින් නොලැබීම නිසා කැල්සියම් අවශෝෂණය අවම වේ. උදෑසන හිරු එළියට සම නිරාවරණය වීමෙන් ශරීරය තුළ විටමින් ෘ නිපද වේ. එය අස්ථි සෞඛ්‍යයට බලපායි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment