නිරෝගී කෙස් කළඹක් සදහා ඖෂධීය ක්‍රමවේදයට අදාල වන තෙල් සම්භාහනය



කාන්තාවගේ රුව රැකගැනීම සඳහා කෙස් කළඹට හිමිවන්නේ සූවිශේෂි ස්ථානයකි. කාන්තා රූපලාවන්‍යයේ සූවිශේෂි අංග පහකි. ඒ පංච කල්‍යාණයයි. පංච කල්‍යාණය අතර කේශ කල්‍යාණය පිළිබඳවයි අද ඔබට මං කරුණූ දක්වන්නේ අනාදිමත් කාලයක සිට කේෂ කල්‍යාණය පිළිබඳ ලියැවූණූ ප්‍රකාශයට පත් වූ ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයන් බොහෝය. ඒ කෙසේ වෙතත් අපේ ශ්‍රි ලාංකික කාන්තාවන් අද මූහූණ දෙන ගැටලු කීපයක් පවතී. එනම් හිසකෙස් හැලීම, කෙස් අග පැලීම, හිසකෙස් දුර්වර්ණ වීම, අකලට හිසකෙස් පැසීම, හිස් හොරි ඇතිවීම ආදිය ප්‍රධාන වශයෙන් හඳුන්වා දීමට පූළුවන. මේ කේශ ඌනතා ඇතිවීමට මූලික හේතුව අප දෛනිකව ලබාගන්නා ආහාර පානයන්හි අඩූපාඩූයි. වර්තමාන කාන්තාවන්ට සිය සමාජමය ප්‍රශ්න මත ආහාර පාන මගින් පමණක් කේශ කල්‍යාණය නිසියාකාරව පවත්වාගැනීමට අපහසූ වී ඇත. එබැවිින් නවීන තාක්ෂණය ශිල්පීය ක්‍රම වේදය තුළ විද්‍යානූකුල ප්‍රවේශයකට අනිවාර්යෙන්ම ප්‍රවේශ විය යූතු වේ.
මෙහිදී වඩාත්ම යෝග්‍ය වන ක්‍රමවේදය වනූයේ තෙල් සම්භාහනයයි. ඔබට අවශ්‍ය වන්නේ නීරෝගිමත් , දීප්තිමත් ශක්තිමත්, ආකර්ශනීය කෙස් කළඹක් නම්, ඔබ අනිවාර්යෙන්ම තෙල් සම්භාහනය ක්‍රමවේදයට අනූගත විය යූතමයි. එය ඔබේ කෙස් සඳහා බාහිරව කරනූ ලබන ප්‍රතිකාර කීපයක්, මෙහිදී පළමූව පොල් තෙල්, ඔලිව් තෙල්,හා විටමින් ෑ කරල් කීපයක් සපයා ගත යූතු වේ.පොල් තෙල් වසර දහස් ගණනක් තිස්සේ අපේ දේශීය කාන්තාවන් හිසකෙස්වල නිරෝගීබව සඳහා භාවිත කළ ඖෂධයයි. ඔලිව්තෙල් ඒ සමග මිශ්‍ර කිරීමෙන් ඖෂධීය ගුණය තීව්‍ර වේ. ෑ විටමින් කෙස් සඳහා විශේෂයේ අවශ්‍ය වන විටමින වර්ගයයි.


තෙල් සම්බාහනය සඳහා පිළිවෙල කරගන්නා ආකාරය
පොල්තෙල්, ඔලිව්තෙල්, යම් පමණකට භාජනයකට දමා රත් කර ෑ විටමින් කරල් කීපයක් ඊට එක් කරන්න. කෙස්වල ආලේප කිරීමට තරම් වූවද උෂ්ණත්වයක් තිබියදී පූළුන් කැබැල්ලක් උපයෝගි කරගෙන කෙස්වල මූලසිට අග දක්වාම හොඳින් තෙල් ආලේපනය කරන්න. ඉන්පසූ කෙස් අතරින් ඇඟිලි තුඩූ යවා හිසේ පිටූපස සිට ඉදිරියට සම්බාහනය කරන්න. මෙසේ විනාඩි 5 ක් පමණ සම්භාහනය කළ යූතුයි. ඉන්පසූව ඇඟිලි හා අත්ල උපයෝගී කරගනිමින් හිස තෙරපමින් මසාජ් කරන්න. නැවත ඇඟිලි උපයෝගී කරගනිමින් විනාඩි 5 ක් පමණ මසාජ් කරන්න.


අනතුරුව අත මිට මොලවා සෙමෙන් සෙමෙන් හිස් කබල පූරාවට තටිටූ කරන්න. ගෙල පිටූපසට හා උරහිස්වලට ඒ ආකාරයෙන්ම තටිටූ කරන්න පසූව තෙරපන්න. මේ ආකාරයෙන් විනාඩි 20 ක් පමණ තටිටූ කිරීීම හා තෙරපීම සිදු කරන්න.


ඉන්පසූව හිස හා කෙස් උණූසූම් කිරීම සඳහා ස්ටීමරයක් භාවිත කළයූතු වේ. ස්ටීමරයක් නොමැති නම් උණූ දියෙහි පොඟවා ජලය මිරිකා හැරී තුවායක් උපයෝගී කර හිසමතට කෙස් එක් රැස් කර ආවරණය කරන්න. මෙය දෙවරක් හෝ තෙවරක් සිදු කරන්න පැය දෙකකට පමණ පසූව මද උණූසූම් ජලයෙන් හිස සහ කෙස් හොඳින් සෝදා හරින්න. මෙම ප්‍රතිකාරය සති 2 කට වරක් සිදුකිරීමෙන් ඔබට ඉතාමත් හොඳ නිරෝගී කෙස් කළඹක හිමිකාරිය වීමට පූළුවන්.

අපගේ කෙස් සෑදී ඇත්තේ කෙරටීන් නැමති ප්‍රෝටීන සංයූතිියෙන්ය. අදාල ප්‍රෝටීනය ආහාර මගින් ලබාගැනීම ඉතා වැදගත්ය. ආහාර මගින් කෙරටීන් ලබාගන්න අතරම බාහිරව කරනූ ලබන ඉහත කේෂ සත්කාරය තුළින් ඔබට අවශ්‍ය නීරෝගී කෙස් කළඹක් නොඅනූමානව හිමිකර ගත හැකිය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment