සෞඛ්‍යයට හිතකර ස්වභාවික සහ නැවූම් බවින් පිරි ශ්‍රී ලංකා තේ

අතීතයේදී තේ ඖෂධයක් ලෙස භාවිත වූ අතර, පසූ කාලීීනව එය ජනප්‍රිය පානයක් බවට පත්විය. කෙසේ වූවද තේ හූදු පානයකට වඩා මිනිසා මානසික හා ශාරීරික සූවතාවයට පත්කළ හැකි ස්වාභාවික සංඝටකයන්ගෙන් සපිරි ඖෂධීය ගුණයෙන් යූත් පානයක් බව තහවූරු වී තිබේ.

මීට වසර 5000 කට පෙර කෘෂිකර්මයේ සහ ඖෂධවේදයේ පියා වශයෙන් සැලකෙන චීන අධිරාජ්‍යයකු වූ "ෂෙන් නන්" විසින් මෙම සූප්‍රකට පානය සොයා ගැනීමෙන් පසූ තේ සහ එහි සෞඛ්‍යමය වටිනාකම් අතර එකිනෙකට වෙන්කළ නොහැකි සබැඳියාවද හඳුනාගන්නා ලදී.


වර්තමානයේ ජනයා තම සෞඛ්‍යය ගැන වැඩි අවධානයක් යොමූ කිරීම නිසා ලෝකයේ විවිධ රටවල විද්‍යාඥයන් විසින් ආහාර සහ මිනිසූන්ට ඒවායේ ඇති බලපෑම පිළිබඳ පර්යේෂණ හා නව සොයාගැනීම් සිදුකෙරේ. මෑත වර්ෂවලදී තේ සම්බන්ධයෙන් ද ජීව වෛද්‍ය පර්යේෂණ හා අධ්‍යයනයන් ගණනාවක් ලෝකයේ සූප්‍රසිද්ධ රසායනාගාරවලදී සිදුකරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස තේ පානය විවිධ අයූරින් ශරීරයට හිතකර බව සොයාගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් වූ පැරණි විශ්වාසයන්ද එමගින් තහවූරු කර තිබේ.


ප්‍රතිඔක්සිකාරකයන්ගෙන් අනූන තේ
අනෙකුත් පැළෑටිවල මෙන් තේ පැළෑටියේද ප්‍රතිඔක්සිකාරක ෆලෙවනයිඩිස් අඩංගු වේ. ප්‍රතිඔක්සිකාරකයන් විසින් රුධිරයේ අති හානිකර කොටස් ඉවත් කිරීමක් සිදුකරනූ ලැබේ.


අනෙකුත් පැළෑටිවල සහ තේ පැළෑටිය අතර ඇති වෙනස වන්නේ, විශේෂයෙන්ම තේ පැළෑටියේ ප්‍රතිඔක්සිකාරක ෆලෙවනයිඩ්ස් වැඩි ප්‍රමාණයක් අඩංගු වීමයි.


මෑතකදී කරන ලද පර්යේෂණ අනූව ප්‍රතිඔක්සිකාරක මගින් හෘදරෝග, හෘදයාබාධ, පිළිකා සහ මූඛ රෝග ඇතිවීමේ අවදානම අඩූකරන බව සොයාගෙන තිබේ. එමෙන්ම වයසට යෑමත් සමග මනසේ ඇතිවන දුර්වලතාවයන් මගහරවා ගැනීමටද ප්‍රතිඔක්සිකාරක උපකාරී වේ.


කොළ තේ සහ කළු තේ සමාන ප්‍රතිඔක්සිකාරක ධාරිතාවකින් යූක්ත අතර මෙහි ඇති ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණයන් පළතුරු සහ එළවළු වලට සාපේක්ෂව ඉහළ අගයක් ගනී.


තේ වල අඩංගු තෙයනින් ඇමිනෝ අම්ලය

වෙනත් ශාකවලින් සොයාගත නොහැකි තෙයනින් නමැති ඇමිනෝ අම්ලය තේ වල අඩංගු වේ. තෙයනින් මගින් මිනිස් සිරුර හා මනස සැහැල්ලූ තත්ත්වයට පත්කරන අතර, රෝගවලට ප්‍රතිචාර දෑක්විම සඳහා අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියටද උපකාරි වේ.


හදවතට ගුණදායක තේ
තේ පානය, හෘදයාබාධ ඇතිවීමේ අවදානම අඩූකරන බව පර්යේෂණ මගින් තහවූරු කර තිබේ. මෙය මූලික වශයෙන් තේවල ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය හේතුකොට ගෙන මේද ඔක්සිකරණයවීම අඩූකිරීමෙන් සහ ධමනිවල ඇති අභ්‍යන්තර ස්ථරයේ මනා ක්‍රියාකාරීත්වය පහසූ කිරීම මගින් සිදුවේ.


පිළිකාවලින් ආරක්ෂාවට තේ

තේ පානය කිරීමෙන් සමහර පිළිකා ඇතිවීමේ හා පැතිරීමේ අවදානම අඩූකරන බව පර්යේෂණ මගින් තහවූරු කර තිබේ.

තේ සහ මූඛ සෞඛ්‍යය
තේ යනූ ස්වාභාවික ෆ්ලෝරයිඩ් (තකමදරසාැ- වලින් සංයූක්ත පානයකි. දිනකට තේ කෝප්ප 4-5 ක් පානය කිරීමෙන් ආසන්න වශයෙන් දෛනික ෆ්ලෝරයිඩ් අවශ්‍යතාවයෙන් 50% ලබාගත හැක. මෙසේ ක්‍රමවත් තේ පානයක් තුළින් ලබාගන්නා ෆ්ලෝරයිඩ් දත් දිරායෑම වළක්වාලීමට උපකාරී වේ.


මූඛය තුළ සිදුවන අහිතකර ක්ෂූද්‍රජීවීන්ගේ වර්ධනය යම්කිසි ප්‍රමාණයකට පාලනය කිරීමේ හැකියාවක් තේ වලට ඇති අතර එමගින් දත් සහ විදුරුමස් ආරකෂාකර ගත හැකිවේ.


තේ පානයේ අනිකුත් සෞඛ්‍යමය ප්‍රතිලාභ

  • කිරි සහ සීනි භාවිතයෙන් තොරව, තේ පානය කිරීමෙන් ශරීරයට කැලරි එකතුවීමක් සිදුනොවේ. එම නිසා කැලරි ප්‍රමාණයන් ගැන සැලකිලිමත්ව ශරීරයේ බර අඩූකර ගැනීමට තේ උපකාරී වේ.
  • තේ ඉතා අඩූ ලවන ප්‍රමාණයකින් යූත් පානයක් වන අතර එය අධි රුධිර පීඩනයෙන් පෙළෙන රෝගීන් සඳහා සූදුසූ පානයක්ද වේ.
  • මිනිස් සිරුරේ දෛනික දියර අවශ්‍යතාව පිරිමැසීම සඳහා තේ පානය බෙහෙවින් උපකාරීවේ. වැඩූණූ මිනිසෙකුගේ දෛනික දියර අවශ්‍යතාවයෙන් 20-30% ප්‍රතිශතයක් අවම වශයෙන් දිනකට තේ කෝප්ප තුනක් පමණ පානය කිරීමෙන් ලබාගත හැක.
  •  දිනකට තේ කොප්ප 4-5 ක් පානය කිරීමෙන් මිනිස් සිරුරට හිතකර කැෆේයින් ප්‍රමාණයක් ලබාගත හැක.
  • ශරීරයට හිතකර කැෆේයින් ප්‍රමාණයක් ලබාගැනීම තුළින් මානසික ඒකාග්‍රතාවය වැඩි දියූණූ වන අතර එමගින් කිසිදු හානිදායක බලපෑමකින් තොරව ශාරීරික ක්‍රියාකාරකම් සාධනීය ලෙස වර්ධනය කරගත හැකිය.
  •  තේ පානය කිරීමෙන් මානසික සැහැල්ලුවක් ඇතිවන අතර, මානසික ආතතිය, නිස්කාරණ කෝපය, නිරන්තර වෙහෙස මගහරවා ගත හැකි වේ.
  • කොළ තේ සහ කළු තේ සමාන ෆලෙවනයිඩිස් සහ කැෆේයින් ප්‍රමාණයන්ගෙන් යූක්ත වේ. එය සමාන සෞඛ්‍යමය ප්‍රතිලාභ අත්කර දෙන බව පර්යේෂණ මගින් තහවූරු කර තිබේ.
  • බැක්ටීරියාවලට එරෙහිව සටන් කිරීමේ හැකියාවක් තේ වලට ඇති අතර, සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝග අවස්ථාවලදී තේ වතුරෙන් මූඛය සේදීම එම රෝග පාලනය කිරීමට උපකාරී වේ.
  • ඇස් වෙහෙසීම හේතුකොටගෙන ඇතිවන අපහසූතාව මගහරවා ගැනීම සඳහා තේ ඇස්වටා ගැල්වීම සිදුකළ හැකිය.



Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment