හොඳ කරවල තෝරාගන්නට හරියටම දන්නවාද?



මාළු කෑල්ලක් නැතිනම් කරවල කෑල්ලක් තෙලට දාලා අරගෙන බත් එකට එකතු කරගන්න අපේ ගෘහනියන් අමතක කරන්නේ නෑ. ඒ නිසා කරවල තෝරාගන්නා විටත් ඉතාම හොඳ තත්ත්වයේ කරවල තෝරාගැනීමට සැලකිලිමත් විය යූතුයි.

කරවල නිසා අහිතකර තත්ත්වයන් ඇතිවීමට ඇති ඉඩ අඩූයි. ඒ කරවල හොඳින් වේලා ඇති නිසයි. එහෙම නම් හොඳින් වියලුනූ තෙත නොමැති කරවල තෝරාගන්නට ඔබ සැලකිලිමත් විය යූතුය.


හොඳ කරවල අපට දුටූ පමණින්ම හඳුනාගත හැකියි. ප්‍රධානම කාරණය එහි වර්ණය. රෝස පැහැයේ සිට විවිධ වෙනස්වන පාටවලින් කරවල තිබෙනවා.


බොහෝ විට කරවලවලට සිදු විය හැක්කේ පූස් කෑමයි. පූස් ඇති වූ විට එය දකින්නට පූළුවන්.


කරවල කැබැල්ලක් අතට ගෙන බැලු විට එය තෙත ගතියෙන් යූතු නම් පූස් ඇතිවෙලා නම් (බොහෝ විට ඇතිවන්නේ සූදු පූස්) එම කරවල මිලදී ගන්න එපා.


ඇතැම් විට කුඩා කෘමින් වර්ග කරවලවල ඇතිවන්නට පූළුවන්.


කෘමි හානි වී ඇති කරවල ද ඔබට දුටූ පමණින් හඳුනාගත හැකියි. කුඩා සිදුරු, කුඩූ මෙන් හැලෙන ගතිය ඇති කරවල සූදුසූ නැහැ.


කරවලවලට ස්වභාවයෙන්ම ආවේණික සූවඳක් හෝ ගඳක් තියෙනවා. නමූත් ඒ හැර වෙනත් අප්‍රසන්න ගන්ඳයක් ඉන් වහනය වනවා නම් එම කරවල නරක් වෙලා.


ඒ නිසා කරවල තෝරාගැනීමේදී තෙත බවින් තොර, වියළි අල්ලා බැලු විට එබෙන ගතියක් රහිත, පූස් නොබැඳුණූ කරවල තෝරාගැනිම කෙරෙහි ඔබේ අවධානය යොමූ කරන්න. එසේම නිවසට ගෙන ආ පසූ කරවල තෙත රහිත ස්ථානයක ගබඩා කර තැබීමත් වැදගත්.


උම්බලකඩ අයත් වන්නේද කරවල යටතටමයි. නමූත් මෙය ආහාර රස කාරකයක් ලෙස වෙන් වී පවතිනවා. උම්බලකඩ නරක් වීමට ඇති ඉඩ අඩූයි. කරවලවලටත් වඩා ජලය අඩූ නිසා උම්බලකඩ පූස් කෑමෙන් ආරක්ෂිතයි. උම්බලකඩය කඩා බැලු විට එහි ඇතුළත කුඩූ, හැලෙන ගතියක් තිබෙනවා නම් එම උම්බලකඩ නූසූදුසූයි. මේවායේ


කෘමි හානි තිබේදෑයි බලන්න. තෙත රහිත උම්බලකඩ තෝරාගන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment