ඔබට ඇත්තේ වියළි සමක් ද? එසේ නම් ප්‍රතිකාර

දරුවෙකු ඉපදී මාස 6 සිට අවූරුදු 13 දක්වා කාලය නිරෝගීමත්. ඒ සෑම අයෙකුගේම සමේ සෞභාග්‍යමත් කාලයයි. එම කාලය තුළ සම වඩාත් දීප්තිමත්ව පැහැපත්ව නිරෝගිමත්ව පවතී. ඡවි කල්‍යාණිය යනූවෙන් කාන්තාවන්ගේ පංච කල්‍යාණය අතරට වැදගත් වන්නේ එයයි. වයස අවූරුදු 12 ඉක්මවීමෙන් පසූව අපේ සම ඉහතින සඳහන් කළ දීප්තිමත් පැහැපත් බව ක්‍රමක්‍රමයෙන් අඩූ වී යයි. එයට හේතුවන ප්‍රධාන සාධක කීපයකි. එම සාධක හඳුනාගැනීමට පෙර ළදරු වියේ අපගේ සමෙහි ස්වභාවය පළමූව හඳුනාගනිමූ.

ළදරු වියේ සම මතු පිට ස්තරයේ පිහිටි ස්ටේ‍රිටම් කෝනම් නැමති කොටසට මනාව රුධිර සැපයූම ලැබේ. එමෙන්ම මෙහි ඇති මෙලනින් වර්ණකය සම තුළ මැනවින් විහිදේ. චර්ම ෙසෙල පිරිපූන් බවින් යූක්ත අතර මැරුණූ ෙසෙල පහසූවෙන් ඉවත් වී යයි. ස්වභාවිකවම සමේ තෙතමනය නිසි පරිදි පවත්වා ගනී. සමේ ඇතිවන ස්වභාවික තෙල් නිසා රෝම කූප අවහිර නොකරයි. හිරු එළියෙන් සමට වන හානි යථා තත්ත්වයට පත් කර ගනී. මැරුණ ෙසෙල වෙනූවට අලුත් ෙසෙල වර්ධනය ඉක්මනින් සිදු කරයි. එම නිසා මෙම වයස් සීමාව තුළ සමේ පෙනූම දීප්තිමත්ව පවතී.


නමූත් මෙම වයස් සීමාවෙන් පසූව සමේ ස්වරූපය ක්‍රමයෙන් වෙනස්වීම ආරම්භ වේ.

වැඩිහිටි වයසට පත් වීමේ ආරම්භයත් සමගම සමේ හෝමෝන ක්‍රියාකාරීත්වය අනූව ස්වභාවිකවම තෙල් නිපදවීම අඩූ වේ. ඒ සමගම සම වියළීම පටන් ගනී.

සමේ වියළි ස්වභාවය කාන්තාවකගේ රුව අලංකාරය අඩූවීමට බොහෝ සේ බලපායි.

වියලි සම ඉරිතැලුණ ස්වරූපයක් ගනී. ඇස් යට හා නාසය දෙපස වියළි ස්වරූපයක් ගනී. වියළි සමේ අකී්‍රය ෙසෙල තටිටූ වශයෙන් ඇතිබව පෙනේ.

සමේ වියළි ස්වභාවය නැතිකරගැනීමට සමතුලිත ආහාර වේලක් ලබාගැනීම ඉතාම වැදගත්ය. විශේෂයෙන් කිරි සහිත ආහාර වර්ග සහ විටමින් අධික ආහාර වර්ග ලබාගත යූතුය. වතුර හා පලතුරු යූෂ ශරීරයට ලබාදීමත් ඇපල් යූෂ නෙල්ලි යූෂ වැනි දේ ලබාදීමෙන්ද සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක. එමෙන්ම සමට පිටින් කරන ආලේපන මගින්ද වියළි බව දුරුකර සාමාන්‍ය ලස්සන සමක් ලබාගත හැක.

මූලින්ම වියළි සමට සූදුසූ තෙල් ප්‍රතිශතය වැඩි ක්ලෙන්ස් එකක් භාවිත කර මූහූණ පිරිසිදු කරගන්න. ඉන්පසූ අධිපිරිසිදු කිරීමේ ආලේපනයක් යොදා (ඩීප් ක්ලෙන්සර්) වඩාත් පිරිසිදු කරගන්න. පසූව ටෝනර් ගල්වන්න. වියළි සමට සූදුසූ ස්ක්‍රබ් වර්ගයක් භාවිත කර මැරුණ ෙසෙල ඉවත් කරන්න. ඇස් වටා අයිජෙල් එකක් මගින් සම්භාහනය කරන්න. තෙල් ප්‍රතිශතය වැඩි සම්භාහන ක්‍රිම් එකක් මගින් මූහූණ සම්භාහනය කරන්න. පසූව උණූ වතුරෙන් පෙඟවූ තුවායක් මගින් මූූහූණ පිසදා වියළි සමට සූදුසූ මූහූණූ ආවරණයක් යොදන්න. කෘතිම පැක් හෝ ස්වභාවික පැක් හෝ මාස්ක් එකක් මේ සඳහා යෙදිය හැකිය.


නැතහොත් අලිගැටපේර මදය, මූදවපූ කිරි මී පැණි සමග මිශ්‍ර කර මූහූණ ආවරණයක් සාදා ගල්වන්න. විනාඩි 20 ක් පමණ තබා එය ඉවත් කර හිරු ආවරණ ආලේපයක් මූහූණේ ගල්වන්න. අවසාන වශයෙන් තෙල් ප්‍රතිශතය වැඩි මොයිස්චර්රයිසර් ක්‍රිම් වර්ගයක් ආලේප කරන්න.

වියළි සමක් සඳහා සැර සබන්වර්ග පාවිච්චි නොකර ගැලපෙන ෆේස් වොෂ් එකක් පාවිච්චි කිරීම සූදුසූය.


ආහාර මගින් මෙන්ම ඉහත සඳහන් කළ සත්කාර මගින්ද ඔබට නිරෝගිමත් ලස්සන සමක් ලබාගත හැක.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment