ශරීරයට අත්‍යවශ්‍ය ඛනිජ සංඝටකය දන්නවාද?

අපේ ශරීරයට අතවශ්‍ය සංඝටක අතර ජලය,කාබෝහයිඩේ්‍රටය, ප්‍රෝටීන, මේදය, ඛනිජ ලවණ සඳහන් කරන්න පූළුවන්. නමූත් කෙනෙකුගේ වයසත් පෝෂණ තත්ත්වයත් අනූව තමයි ශරීරයට ලබාගතයූතු පෝෂණ ප්‍රතිශතයන් තීරණය කරන්නේ.

පරිපූර්ණ ආහාර වේලක් ලබා ගැනීමෙන් ප්‍රෝටීන්, මේදය, විටමින්, ඛනිජ ලවණ, ජලය අපේ ශරීරයට ලැබෙනවා. නමූත් කැල්සියම්, පොස්පරස්, යකඩ හා සින්ක් යන ඛනිජ ලවණ අපේ ශරීරයේ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය වන බව ඔබ සිතන්නේ නැතිව ඇති.

අපි ඉහතින් සඳහන් කළ ඛනිජ සංඝටක දත්වල සහ ෙසෙල සහ සියූම් පටකවල වර්ධනයටත් අලුත් වැඩියාවටත් ශරීරය තුළ තිබෙන තරල සඳහාත් තයිරොක්සින් හෝමෝනය සහ හිමොග්ලොබින් නිෂ්පාදනයටත් අවශ්‍ය වන බව වෛද්‍ය පරීක්ෂණ මගින් සොයාගෙන තියෙනවා.

මේ ගැන අවධානය යොමූ කිරීමේදී අපට වඩාත් වැදගත් වන්නේ කැල්සියම් ගැන කතා කිරීමයි. ශරීරයේ වැඩිපූරම ඇති ඛනිජ ලවණය කැල්සියම් කිව්වොත් හරියටම හරි. ශරිරය තුළ තිබෙන කැල්සියම්වලින් වැඩි ප්‍රතිශතයක් අස්ථි සඳහාත් ඉතිරි ඉතාම සූළු ප්‍රමාණය පටකවලටත් ප්‍රයෝජනවත් වෙනවා. හෘදයේ මාංශ පේශිවල ක්‍රියාකාරීත්වයටත් ස්නායූ පද්ධතියේ ක්‍රියාකාරීත්වයටත් රුධිරය කැටිගැසීමේ ක්‍රියාවලියටත් කැල්සියම්වල සහභාගිත්වය අවශ්‍ය වෙනවා.


ගැහැනූ පිරිමි සහ වයස් කාණ්ඩ අනූව අවශ්‍ය වන ප්‍රතිශතය වෙනස් වෙනවා. ළමා වියේදී වඩාත් බහූලව අවශ්‍ය වන කැල්සියම් දරුවා වර්ධනයවීමත් සමගත් ඉන්පසූ වයස තිහක් වන විටත් වැඩි වශයෙන් අවශ්‍ය වන සංඝටකයක්. ජීවිතයේ මූලින්ම ලබා ගන්නා කැල්සියම් ප්‍රමාණය අපි මව්කිරි හරහා ලබාගන්නා ප්‍රතිශතයටත් අස්ථි රෝගවලින් ආරක්ෂාවීමටත් ඉතාම වැදගත් වෙන බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.


ඒ නිසාම අද වන විට අලුත උපන් ළදරුවන්ට මව්කිරි ලබාදීමේ වැදගත්කම පූන පූනා සායනවලදිත් වෛද්‍යවරුන් පවා කියන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලෝක ආහාර වැඩසටහන් වලදිත් කෙනෙකුට දෛනිකවම කැල්සියම් අවශ්‍යතාව සපූරා ගන්නවාදැයි සොයා බලනවා වගේම එසේ නොවන්නේ නම් එයට හේතුන් සහ අනාගතයේ ඇතිවන රෝග ගැනත් අවධානය යොමූ කරනවා.


මාස දොළහ දක්වා ළදරුවන්ට දිනකට කැල්සියම් මි. ග්‍රෑ. 400 ක්වත් ලබාදීම වැදගත්. ළමූන්ටත් යෞවන යෞවනියටත් ගැබිනි මව්වරුන්ටත් කිරිදෙන මව්වරුන්ටත් කැල්සියම් වැඩි ප්‍රමාණයක් ලබා ගැනීම අත්‍යවශ්‍යයි.

ආර්ථවහරණය වන කාන්තාවන් සහ වයසට යන පිරිමින්ටත් කැල්සියම් වඩාත් අවශ්‍යයි. අප ගන්නා ආහාරවල ඇති කැල්සියම් ආහාර මාර්ගයේදී අවශෝෂණය සඳහා විටමින් ෘ අවශ්‍ය වේ. නමූත් කෙනෙක් වයසට යාමත් සමග ශරිරයට උරාගන්නා කැල්සියම් ප්‍රමාණය එන්න එන්නම අඩූ වෙන බවක් පෙන්වනවා. තවත් දෙයක් තමයි වයස්ගතවීමත් එක්ක ඇතිවන දියවැඩියාව , අධික රුධිර පීඩනය, හෘද රෝග වලට අපි ලබාගන්නා ඇතැම් ඖෂධ නිසාද කැල්සියම් අවශෝෂණය අඩූ වෙන්න පූළුවන්.

තම්පලා, නිවිති, කවලම් පලා සහ තද කොළ පාට එළවළු, රාබූ, වටිටක්කා , බතල, කතුරුමූරුංගා , හාල්මැස්සන්, කුනිස්සන්, සැමන් ,කුඩා කටූ සහිත මාළුන්, කරවල වැනි දේවල්වල කැල්සියම් බහූලයි.


තල, ධාන්‍ය, පියලි, කිරි, කිරි ආහාර ගැනීමෙන් ශරීරයට අවශ්‍ය කැල්සියම් ප්‍රමාණාත්මකව ලැබෙනවා. නමූත් ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට කැල්සියම් නොලැබීම දිගින් දිගටම සිදුවීමෙන් වෙන්නේ අවසානෙට ඉතාමත් දරුණූ අස්ථි ආබාධවලින් සහ අතුරු ආබාධ වලටත් දරුවන් වගේම වැඩිහිටියන්ද ගොදුරු වන එකයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment