සම්ප්‍රදායට නිර්මාණය එක්කළ මූල් ඇඳුම් කලාව



හෙළදිව රාජවංශ කතාව දක්වා දිවෙන පූරාතන ඉතිහාස කතාවට උරුමකම් කියන සම්බූදු දහමට යම් සබැඳියාවක් සහිත උඩරට රදල පරපූර කේන්ද්‍ර කරගෙන සැකසූණූ නිළ ඇඳුම බවටත් අධිකාරී බලතල සහිත නිළමේවරුන් සිය රාජකාරී කටයූතුවලදී පැළැන්ඳා වූද, රාජ සභාවේ උත්සව අවස්ථා නිරූපණයටද මෙම ගාම්භීර මූල් ඇඳුම නැතුවම බැරි අංගයක් විය. එයින් පැහැදිලි වන අරුත වන්නේ මෙය හූදෙක් වෙළඳ භාණ්ඩයක් නොවන බවටත් හිතුමනාපයට හැඳ පැළඳීමට සූදුසූ ඇඳුමක් නොවන බවත්ය. මක්නිසාද යත් එය පළඳින තැනැත්තා එහිදී පිළිපැදිය යූතු සාම්ප්‍රදායික රීති පද්ධතිය ගැන අවබෝධයකින් තොරව මෙම නිළමේ ඇඳුම පැළඳීමෙන් හෙතෙම වස් දොස්වලට ලක්වීමට හැකියාව ඇති බැවිනි.


ශ්‍රී ලංකාවේ කන්ද උඩරටට ආවේණික යම් ඇඳුමක් වේ නම් ඒ උඩරට මූල් ඇඳුමයි. රජතුමා ප්‍රමූඛ ඕනෑම රදල ප්‍රභූවරයකුගේ ඇඳුම ඇන්ඳවීම මෙන්ම එය නිර්මාණය කිරීමටද උඩරට සූවිශේෂී කලාවකි. ඒ කර්තව්‍යය සඳහාම කැපවූණූ පරපූරකට අයත් නිර්මාණ ශිල්පියෙකු ඇත්නම් ඒ මහනූවර දොළුව ෂරේ හිඳගල පදිංචි ජනාධිපති සම්මානලාභී පී. වී. එස්. ජයරත්න මහතාම පමණකි.


හිඳගල ජයරත්න නමින් සිරිලක පූරා සූපතල ඔහූ මේ සූවිශේෂ මූල් ඇඳුම් පරපූරේ සිව්වැනි පූරුකයි. එමෙන්ම උඩරට මූල් ඇඳුමේ ගෞරවය දිවි හිමියෙන් සූරකින ඔහූ එහි ගෞරවය කෙළෙසීම නොඉවසයි.


මහනූවර පේරාදෙණිය සිට දොළුව පාරේ හිඳගල අංක 169 දරණ තැන පදිංචි පී.වී. එස්. ජයරත්න මහතා ශ්‍රී ලංකාවේ ජනකාන්ත කලාකරුවන් රැසක් මෙන්ම දිවයිනේ ප්‍රකට පූද්ගලයන් ගණනාවක් ද මූල් ඇඳුමින් හැඩකර ඇත. ඔහූගේ නිපූණතාවය මෙන්ම මෙම ශිල්පය කෙරේ ඔහූ දක්වන කැපවීමද කාගේත් ඇගයීමට ලක්වී තිබේ. සැබැවින්ම යම් කෙනෙකුට පී.වී, එස්. ජයරත්න මහතා අතින් හැඩවන්නට අවස්ථාව උදාවන්නේ නම් එය මහඟු භාග්‍යයකි. ශ්‍රී ලංකාවේ මූල් ඇඳුම් කලාවේ ප්‍රමූඛතම ශිල්පියා වන ඔහූ ශ්‍රී දළඳා මාලිගාවේ දියවඩන නිළමේ තුමා ඇතුළු අනෙකුත් දේවාලවල බස්නායක නිලමේතුමන්ලාටත් මූල් ඇඳුම් ඇන්ඳවීමේ භාග්‍ය ඇති ශිල්පියාය. ශ්‍රී ලංකාව පූරා ප්‍රකට දේවාල හා විහාරස්ථාන රැසක්ම පෙරහැරවලදී බස්නායක නිලමේතුමන්ලා හැඩගැන්වීම පී. වී. එස්. ජයරත්න මහතා අතින් ඉටූවෙයි. අප වෙත අදහස් දැක්වූ ප්‍රවීණ උඩරට මූල් ඇඳුම් ශිල්පි පී වී. එස්. ජයරත්න මහතා.

උඩරට මූල් ඇඳුම මා සලකන්නේ අතිශයින්ම පූජනීය දෙයක් හැටියටයි. එමෙන්ම මූල් ඇඳුම බිහිවූයේද මහනූවරිනි. ලංකාවේ කොතැනක මෙය නිර්මාණය කළත් අපගේ මූල් ඇඳුම්වල ප්‍රමිතියට සමාන කළ නොහැකියි. මෙය ඉතාම ගෞරවණීය ඇඳුමක් මේ ඇඳුම නිසා ඕනෑම කෙනෙකුට ලැබෙන්නේ ඉතාම ගාම්භීර පෙනූමක්. මේ ඇඳුම මා නිර්මාණය කරන්නේ ඉතාම වගකීමකින් හා ගෞරවයකින් යූක්තවයි. මෙම කර්මාන්තය වස් දොස් නොවැටෙන පරිදි කළ යූතුයි. දියවඩන නිළමේතුමා ප්‍රමූඛ නිළමේතුමන්ලා මේ ඇඳුමින් සරසන්නට ඉඩකඩ ලැබීම මා ලැබූ භාග්‍යයක්.
A Sinhalese Gentleman - Ceylon (Sri Lanka) c1880's

මා බොහෝම කණගාටූවෙන් සඳහන් කරන්නේ අද මූල් ඇඳුම ඉතාම පහත් ආකාරයට නිර්මානය කරන බව පේනවා. මූල් ඇඳුම් පිළිබඳව දන්නා ඕනෑම මහත්මයෙක් මහත්මියක් මා ගැන හොඳින් දන්නවා. ඒ නිසාම ඇතැම් අය මගේ නමත් විකුණාගෙන මේ ව්‍යාපාරය කූට ආකාරයට කරගෙන යන බව මට දැනගන්නට ලැබී තිබෙනවා. මා සොයා මූල් ඇඳුම් අවශ්‍යතා සඳහා පැමිණෙන මහත්ම මහත්මීන්ව රවටන මගේ ඥාතීන්, සොහොයූරන්, ගෝලයන් ලෙස පෙනී සිටිමින් බාල වර්ගයේ මූල් ඇඳුම් අලෙවි කරන පිරිසක් මඟ තොටෙි ඉන්නවා.

මා බූද්ධිමත් මහත්ම මහත්මීන්ගෙන් ඉල්ලා සිටින්නේ මූල් ඇඳුම ඉතා වටිනා ඇඳුමක්. එය කඩසාප්පූවල මසා දමා තිබෙන පලියට ගන්න, හෝ අඳින්න එපා. ඒවා නැකත් අනූව නියමිත ප්‍රමිතියට සකස් කළ ඒවා නොවෙයි. ඒ නිසාම විවිධ ආකාරයෙන් වස්දොස් වදින්නට ඉඩකඩ තිබෙනවා. අනෙක් කරුණ තමයි මහනූවර ශ්‍රී ලංකාවේ කිසිම තැනක මගේ ශාඛා හෝ නියෝජිතයින් නොමැති බව විශේෂයෙන්ම කිව යූතුයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment