දරු ප්‍රසූතිය සඳහා රෝහලට යන විට රැගෙන යා යූතු දේ මොනවාද?


යම්කිසි කාන්තාවක් ගර්භනී තත්ත්වයට පත්වූයේ දැයි දැනගත හැක්කේ ඇයගේ ඔසප් චක්‍රය නැවති දින කිහිපයකින් කරනූ ලබන මූත්‍රා පරීකෂණයක් මගිනි. මෙය වෛද්‍ය නිර්දේශයක් මත කරන පරීකෂණයකින් මෙන්ම ඔසප්වීම සිදුවිය යූතු දිනට නොවී ගතවන දින 2 - 3 න් ඔබටම කරගත හැකි පරීකෂණයකින් එය දැනගත හැකියි.

ඒ සඳහා අවශ්‍ය විශේෂිත පටි වර්ගයක් ඇති අතර ඒවා ඖෂධ වෙළඳසැල්වලින් ලබාගත හැකිය. මෙම මූත්‍රා පරීකෂණ පටි රුපියල් පනහකට අඩූ මූදලකට ලබාගත හැකිය. උදෑසන මූත්‍රා සාම්පලයක් ගෙන, එම මූත්‍රා පරීකෂණ පටි මූත්‍රා සාම්පලයට දැමූ පසූ එකී පටිවල ඉරි දෙකක් මතුවේ. එසේ මතුවූවහොත් ඔබ ගැබ්ගෙන ඇති බව ඉන් තහවූරු වේ.


වෛද්‍ය නිර්දේශ මත කරනූ ලබන ලේ පරීකෂණයක් මගින් ද එය තහවූරු කරගත හැකියි. ඔබ ගැබ් ගැනීම තහවූරු කරගත් පසූ ඔබ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය නිලධාරීවරයා පවූල් සෞඛ්‍ය සේවිකාව ඇතුළු කණ්ඩායම විසින් පවත්වනූ ලබන සායනයට සහභාගි විය යූතුය. එය ඔබගේ යූතුකමක් ද වන්නේය. මෙහිදි ඔබ වෙත ලබාදෙන කාඩ්පත අතිශය වැදගත්ය. මන්ද ශ්‍රී ලංකාවේ උපත් හා මරණ සංඛ්‍යා ගණනය කරද්දී එය අදාල කරගන්නා බැවිනි.

ඇතැම්විට මෙම කාඩ්පත ඔබ ප්‍රදේශයේ පවූල් සෞඛ්‍ය සේවිකාව ඔබ ගර්භනී වූ බව දන්නේ නම් ගෙදරටම ගෙනවිත් දීමට පූළුවන.

අතීතයේදී නම් මවූවරු තම ගර්භනි බව මතක තබාගත්තේ මාස ගණන්වලිනි. එහෙත් එය වෛද්‍යවරු ගණනය කරනූ ලබන්නේ සතිිවලිනි. ඒ අනූව සම්පූර්ණ ගර්භනී කාලය සති හතළිහකි. සාමාන්‍යයෙන් සති 37න් කළලය සම්පූර්ණවේ.


මවක් තම දරු ප්‍රසූත කරන රෝහලේ සායනයට සහභාගිවෙන්නේ කෙසේද?
මවක් තමා සිටින ප්‍රදේශයේ සායනයට සහභාගි වූ පසූ එහිදී ලබාදෙන කාඩ්පත රැගෙන ගර්භනී මව දරුවා ප්‍රසූත කිරීම සඳහා යන රෝහලට ගොස් ලියාපදිංචි වී තමා පූර්ව ප්‍රසව සායනයට සහභාගි විය යූතු දිනය ලබාගත යූතුය. එවිට අදාළ කාර්යය මණ්ඩලය එම මවට සායනයට සහභාගි විය යූතු දිනය ලබා දෙන අතර එම සායනයට සහභාගිවීමෙන් ප්‍රසව හා නාරි රෝග විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශ මත අල්ට්‍රාසවූන්ඩ් ස්කෑන් පරීකෂණය ක් සිදුකර දරුවා ප්‍රසූත කරන දිනය නිර්ණය කෙරේ. මෙම ස්කෑන් පරීකෂණය ඔසප්වීම සිදුවූ දින සිට සති 10-14 ක් තුළ කිරීමෙන් දරුවා ප්‍රසූත වන දිනය නිර්ණය කිරීමට වෛද්‍යවරයාට හැකිය.


ඔසප්වීම සිදුවී දින 14 ක් තුළදී නව ඩිම්බයක් පිටවේයැයි නිර්ණය කොට ඔසප්වීම නැවතුන දා සිට දින 240 ක කාලයක් ගර්භනී කාලය නිර්ණය කෙරේ. එහෙත් සෑම මවකටම මෙ දින ගණන සියයට සියයක් අදාළ නොවූණත් අල්ට්‍රා සවූන්ඩ් ස්කෑන් පරීකෂණයක් මගින් ඉතාමත් නිවැරදි ලෙස දරුවා ප්‍රසූත වන දිනය නිර්ණය කළ හැකිය.

ගර්භනී මවක් දරුවා ප්‍රසූත කිරීමට යන රෝහලේ සායනයට සහභාගිවීමට අදාළ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා හමූවිය යූතු යැයි සමහර අය පැවසූවත් එය අසත්‍යයකි. ඔබ මූලික සායනයට සහභාගිවීමේදී එම රෝහලට යොමූව යොදාගෙන අදාළ රෝහලේ මාතෘ සායනයෙන් දිනයක් ලබාගෙන අදාළ සායනයට සහභාගි විය හැකිය.


සාමාන්‍යයෙන් ගර්භණී කාලය කාර්තු තුනකට බෙදිය හැකියි.

මූල් කාර්තුව

මූල් සති 12

දෙවන කාර්තුව 12-28


තුන්වන කාර්තුව 28-40 දක්වා

සාමාන්‍යයෙන් සති 30 ගත වූ පසූ අදාළ සායනයේදී වෛද්‍යවරයා පරීකෂා කිරීමෙන් පසූ එම ගැබිනි මව පරීකෂාවට ලක් කළ යූතු කාලය තීරණය කරන අතර සති 35-40 කාලය තුළ සතිපතාම පාහේ අවශ්‍ය වෙතොත් පරීකෂාවට ලක්කරනවා.


මූල් කාර්තුව එනම් මූල් සති 12 දී ලංකාවේ මවූවරුන්ගෙන් සියයට 20 ක් පමණ කළලයේ යම් යම් සංකූලතා නිසා ගබ්සාවට ලක්වෙනවා.


ආහාර ගැනීම් හෝ වෙහෙසීම නිසා එසේ වෙනබවට ඇතැම් අය අදහස් දැක්වූවත් එය වැරදි සංකල්පයකි.


සායනයට සහභාගි වී එහිදි දෙනූ ලබන උපදෙස් පිළිපැදීම හා ඖෂධ වෙතොත් ඒවා ගැනීම අත්‍යවශ්‍ය බව සෑම ගර්භනී මවක්ම මතක තබාගත යූතුය.


මවක් දරු ප්‍රසූතිය සඳහා රෝහලට ඒමේදී පහත සඳහන් ද්‍රව්‍ය රැගෙන ඒම වඩාත් පහසූය.

බෙඩ් ජැකටි 04

චීත්ත 04

දත් බෙහෙත් 01

දත් බූරුසූවක්

සබන් කැටයක්

පිඟානක්

හැන්දක්

කුඩා බිස්කටි පැකටි 01

තේ කොළ (කුඩා බෝතලයක) ග්‍රෑම් 100 ක් පමණ

කිරිපිටි (කුඩා බෝතලයක) ග්‍රෑම් 250 ක් පමණ

සීනි (කුඩා බෝතලයක) ග්‍රෑම් 100 ක් පමණ

පෑඩ්ස් පැකටි 01

බ්ලේඩ් තල 01

ඉනට රෙදි පටි 03

ෂොපින් කවර 2

රබර් සෙරෙප්පූ ජෝඩූවක්

මවගේ උප්පැන්න සහතිකය සහ ජාතික හැඳුනූම්පත

කොණ්ඩය බැඳීමට පටියක්.

කුඩා උණූවතුර බෝතලයක්.

දරුවා සඳහා
කුඩා ෂර්ටි 08 ක්

නැප්කින් 12 ක්

දරුවා එතීමට අඟල් 36ං36 කපූ රෙදි 03 ක්

රබර් ෂීටි 01 ක්

ළදරු තුවා 01 ක්

ළදරුවාට පෙකිණි කටූ 01 ක්

ඉහත සඳහන් දෑ කුඩා බෑගයක දමාගෙන පැමිණීම වඩාත් සූදුසූය.




Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment