දරුවන්ට ඇතිවන මානසික ගැටලූ

මානසික ගැටලු ගැන කතා කරද්දී වැඩිහිටියන්ට වැළඳෙන මානසික රෝග ළමූන් අතරේ දුබලය එසේ වූවද ළමා අවදියේදී ද විවිධ මානසික ගැටලු මතු වේ. එම මානසික ගැටලු හඳුනා ගැනීමත් ඒ සඳහා නිසි පිළියම් යෙදීමත් දරුවන්ගෙ යහපත් මානසික සෞඛ්‍යයට බෙහෙවින් ඉවහල් වේ.

ළමා මානසික ගැටලු ගත් විට පාසල් යාමට මැලිවීම, සහෝදර ගැටූම්, කතා කිරීමේ දුර්වලතා, නින්දේදී මූත්‍රා යාම, නින්දෙන් ඇවිදීම හෝ නින්දේදී බියවිම, අසාමාන්‍ය හැසිරීම් රටා, පාසල් කටයූතුවල දුර්වලබව, දොම්නස් බව, අධි ක්‍රියාකාරීත්වය සහ මන්ද බූද්ධිකභාවය ප්‍රමූඛ ලක්ෂණ වේ. ඉහත සඳහන් කළ මානසික ගැටලු පිළිබඳ අවධානය යොමූ කර බලමූ.


බොහෝ දරුවන් පාසල් යාමට මැලිබවක් දක්වනවා. එවිට ඔබ කළ යූත්තේ දරුවාට දඬූවම් කර පාසල් යැවීම නොවේ. දරුවා පාසල් යාමට මැලිවීමට හේතුවක් තිබෙන්නට පූළුවන්.


මූලින්ම ඔබ ඒ පිළිබඳ සොයා බැලිය යූතුයි. දරුවා මවගෙන් වෙන්විමට අකැමැත්තක් පාසලේදී ඇතිවන විවිධ දුෂ්කරතා හා අධ්‍යාපන කටයූතුවල දුර්වලතාවයන්ද මෙයට හේතු වන්නට පූළුවන් .ඒනිසා දරුවා පාසල් යාමට මැලිවීම මගහරවා ගත හැක්කේ එයට හේතුවන කරුණූ හඳුනාගෙන එයට පිළියම් යෙදීම මගිනි.


සහෝදර ගැටූම් ඇතිවීමට හේතුන් මොනවාදෑයි සලකා බලනවානම් පවූලක බාල සහෝදරයා හෝ සහෝදරිය උපන්විට ඔහූට හෝ ඇයට නිතැතින්ම දෑක්වෙන වැඩි සැලකිල්ල නූරුස්සන වැඩිමහල් දරුවා තමන් කෙරේ අඩූවන අවධානය නැවත ලබාගැනීමට නොයෙක් දේ කිරීමට පෙළෙඹේ. බාල සහෝදරයා හෝ සහෝදරියට හිංසා කිරීම මෙන්ම තමන්ට ව්‍යාජ රෝගීී ලක්ෂණ ඇතිබවට පැමිණිලි කිරීම ආදී වූ විවිධ හැසිරීම් මතුවිය හැක. දරුවා මෙන්ම දෙමවූපියන්ගේද ආකල්ප හා හැසිරීම් වෙනස් කිරීමෙන් මේ තත්ත්වය මගහරවා ගතහැක.


කතාකිරීමේ දුර්වලතා
සමහර ළමූන් කතාකිරීමේදී වචන උච්චාරණය කිරිමට අපහසූතාවක් (ගොත ගසන බවක්) පෙන්වයි. වයස අවූරුද 5-6 සපිරෙනවාත් සමගම බොහෝ ළමූන් තුළ මෙය මග හැරීයයි. සමහර දරුවන්ගේ එම දුර්වලතාවය දිගටම පවතී. එයට ප්‍රතිකාර වශයෙන් කතාව, පූහූණූ කිරීමේ විශේෂ අභ්‍යාස ක්‍රම පවතී.

නින්දේදී මූත්‍රා පිටවීමත් ගැටලු සහගත ප්‍රශ්නයක්. දරුවෙකුට වයස අවූ. 5 ඉක්ම වූ පසූවත් නින්දේදී මූත්‍රා පහ වේ නම් එය විමසිය යූතුයි. ප්‍රථමයෙන් එය ශාරීරික රෝගයක් නිසාද යන්න නිශ්චය කළ යූතුය. නැතිනම් ඒ සඳහා විශේෂිත වූ උපදෙස් පිළිපැදීමෙන් මෙය මගහරවා ගතහැකිය.


නින්දේදී ඇවිදීම හෝ ්බියවීම ද ගැටලු සහගත තත්ත්වයකි. මෙය බොහෝ විට බිය දනවන සිහින දෑකීම ආශ්‍රිතව සිදු වේ මෙය වෙනයම් රෝගී තත්ත්වයක් නිසා ඇතිවන දෙයක්ද? නැද්ද යන්න තීරණය කොට පිළියම් යෙදිය යූතුය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment