මොනවද මේ මෙලමයින් කියන්නේ ?
මෙලමයින් කියන්නේ ශරීරයට හිතකර නොවන රසායන ද්‍රව්‍යයක්. මේවා යොදා ගන්නේ තීන්ත වර්ග, වයිටි බෝඩ් ගම් වර්ග ආදිය නිපදවීම සඳහායි. මෙය ආහාරයට නොගන්නා රසායන වර්ගයකි.
කිරිවලට එකතු වූණේ කොහොම ද?
අපේ රටෙි කිරිවලට මූදල් ගෙවන්නේ එහි ඇති මේද ප්‍රමාණය අනූවයි. නමූත් චීනයේදී බලන්නේ කිරිවල අඩංගු ප්‍රෝටීන් ප්‍රමාණය ගැනයි. චීන කිරි ගොවීන් තමන්ට කිරි සඳහා ලැබෙන මූදල් අඩූවීම නිසා කිරිවලට ජලය එකතු කරන්න ගත්තා. නමූත් පැහැයත්, ප්‍රෝටීන් ප්‍රමාණයත් වැඩි කරගන්න ඕන නිසා එයට මෙලමයින් රසායනිකය එකතු කළා. මෙලමයින්වල නයිට්‍රජන් අගය වැඩියි. එවිට කිරිවල ඉහළ ප්‍රෝටීන් අගයක් පෙන්වනවා. ඒ අනූව චීනයේ කිරි ගොවීන්ට වැඩි මූදලක් ලැබූණා.
මෙලමයින් අහිතකර වන්නේ කොහොම ද?
මෙලමයින් කියන්නේ ජලයේ දිය නොවන රසායන ද්‍රව්‍යයක්. එය කිරිවලට දමන්න තවත් රසායන ද්‍රව්‍ය සමග මිශ්‍ර කරන්න ඕන. එම රසායන වර්ග අනූව තමයි අහිතකර ප්‍රතිඵල තීරණය වන්නේ.
චීනයේ මූලින්ම මෙලමයින් ඇති බවට හඳුනාගත් කිරිපිටි වර්ගයේ කිරි කොටස් මිලියනයකට මෙලමයින් කොටස් 4000 ක් අඩංගු වී තිබූණා.
මෙලමයින් ශරීරගත වීමෙන් සිදුවන්නේ කුමක් ද?
මූලින්ම මූත්‍රා පිටවීම අඩූවෙනවා. ඒ සමගින් මූත්‍රා සමග රුධිරය පිටවෙනවා. සති දෙකක් පමණ ගත වන විට මූත්‍රාශයේ ගල් හැදෙනවා. තවත් කාලෙකින් වකුගඩූ ආසාදන ඇති වෙනවා. චීනයේ මේ ටික කාලෙට දරුවෝ හතර දෙනෙක් මිය ගියා. මේ වන විට චීනයේ රෝග තත්ත්වයට ගොදුරු වූ පිරිස 94000 ට වැඩියි. මෙහි තිබෙන භයානක තත්ත්වය නම් වෙනත් ආහාර වර්ගයක් හේතුවෙන් වකුගඩූ රෝග ඇතිවෙනවා නම්, ඒ සඳහා සෑහෙන කාලයක් ගත වෙනවා. නමූත් මේ මෙලමයින් ඇතුළත් කිරි නිසා සති දෙකක්, මාසයක් ඇතුළත අහිතකර බලපෑම් ඇති වී තිබීමයි.
ශ්‍රී ලංකාවේ මෙලමයින් සඳහා ප්‍රමිතියක් තිබෙනව ද?
කිරි හා කිරි ආශ්‍රිත ආහාර ද්‍රව්‍යවල තිබෙන මෙලමයින් ප්‍රමාණය පිළිබඳ මෙතෙක් ප්‍රමිතියක් නියම කර තිබූණේ නෑ. මෙය අපේ රටෙි පමණක් නොව ලෝකයේ බොහෝ රටවලට පොදු තත්ත්වයක්. නමූත් දෑන් මේ ගැන දෑනූවත්ව සිටින නිසා අප රටට වගේම ජාත්‍යන්තරයේත් ප්‍රමිතියක් අවශ්‍ය බව වටහාගෙන තිබෙනවා. විදෙස් රටවල ප්‍රමිතීන් හා නීතිරීති ගැන දැන ගෙන දෑන් අපේ රටට ප්‍රමිතියක් සකස් කරගෙන තිබෙනවා.
මේ ප්‍රමිතිය සැකසීමට දායක වූණේ කවූද?
මේ සඳහා කමිටූවක් සිටිනවා. එය ආහාර සූරක්ෂිතභාවය සඳහා වූ කමිටූව ලෙස නම් කර තිබෙනවා. මෙයට සෞඛ්‍ය ආරක්ෂක හා පෝෂණ අමාත්‍යංශය, ප්‍රමිති ආයතනය, රජයේ රස පරීක්ෂකවරු, වෛද්‍ය පර්යේෂණ ආයතනය, පෝෂණවේදීන්, පාරිභෝගික කටයූතු අධිකාරිය, පාරිභෝගික කමිටූව, ආහාර තාක්ෂණ ආයතන, ආදියේ නියෝජිතයන් ඇතුළත්.
කමිටූව මගින් ගත් තීරණ මොනවා ද?
මූලික වශයෙන් කරුණූ තුනක් ගැන තීරණය කර තිබෙනවා. ඒවා මෙසේයි.
1. ළදරු කිරි පිටි
ළදරු කිරි පිටි වර්ගවල මෙලමයින් රසායනය කිසිසේත්ම ඇතුළත් නොවිය යූතුයි. ලෝකයේ අනෙකුත් රටවල්ද මේ තීරණයේ සිටිනවා.
2. මාස 12ට වැඩි, අවූරුදු 3ට අඩූ දරුවන් සඳහාත්, කිරි දෙන හා ගැබිනි මව්වරුන් සඳහා වන කිරි පිටි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන
මෙම කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදනවල ඇතුළත් මෙලමයින් ප්‍රමාණය කිරි කොටස් මිලියනයකට මෙලමයින් කොටස් එකකට වඩා අඩූ විය යූතුයි.
3. කිරි ආශ්‍රිත අනෙකුත් නිෂ්පාදන
මේවායේ කිරි කොටස් මිලියනයකට මෙලමයින් කොටස් 2.5 ට අඩූ ප්‍රමාණයකි.
අප රට තුළ මේ කොටස් තුනට අයත් නිෂ්පාදන 112 ක් පමණ තිබෙනවා. ඒ සියල්ලටම මේ ප්‍රමිතින් බලපානවා. ඒ වගේම මෙරටට ගෙන්වන නිෂ්පාදනවලත් අපේ අනූමත ප්‍රමාණයන්ට වඩා වැඩි මෙලමයින් ප්‍රමාණයක් ඇතුළත් වූණොත් ඒවා ප්‍රතික්ෂේප කරනවා. මෙලමයින් වැඩිපූර අඩංගු ආහාර ද්‍රව්‍ය විකිණීම තහනම්. එවැනි වෙළෙඳුන්ට දඬූවම් කරනවා. එම භාණ්ඩ විනාශ කරන්න ඕන. මේ සඳහා වන නීති රෙගුලාසි ඉතා ඉක්මනින් ගැසටි නිවේදනයක් මගින් නීති පද්ධතියට එකතු කරනවා.
මෙලමයින් පරීක්ෂාව ලංකාවේ කරන්න බැරි ද?
මෙලමයින් ප්‍රමාණය තක්සේරු කිරීම සඳහා අවශ්‍ය රසායනාගාර පහසූකම් දෑනට ලංකාවේ නෑ. අපට ඉතාම හොඳ රසායනාගාර තියෙනවා. නමූත් ඒවා ඉහළ මටිටමකට ගෙනත් මෙලමයින් පිළිබඳවත් පරීක්ෂා කළ හැකි තත්ත්වයට දියූණූ කරගන්නට බලාපොරොත්තු වෙනවා.
මෙය ඉතාම ඉක්මනින් කළ යූතුයි. මන්ද විදෙස් රටවලට පරීක්ෂණ කටයූතු සඳහා සාම්පල් යැවීමේදී ඉතා විශාල මූදලක් වැයවෙනවා. ඒ වගේම කාලයක් ගත වෙනවා. ඒ නිසා හැකි ඉක්මනින් මේ පහසූකම එක රසායනාගාරයක හෝ ඇති කරන්නට අපි බලාපොරොත්තු වෙනවා.
(සෞඛ්‍ය ආරක්ෂක හා පෝෂණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් හා ආහාර උපදේශන කමිටූවේ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් ආහාර ආරක්ෂණ හා පෝෂණ අමාත්‍යංශයේ පැවති පූවපත්පත් සාකච්ඡාවක් ඇසූරිනි)
0 comments :
Post a Comment