දියවැඩියාව ඇතිවෙන්නේ ආරයටද?


නිරෝගී දිවි පෙවෙතක් ගත කිරීම කාගේත් සිහිනයකි. නමූත් අප කොතෙක් උත්සාහ කළද අපට ලෙඩ රෝගවලින් බේරී සිටීමට නොහැකියි ඔබ සිතන්නට පූළුවන්. නමූත් අප උනන්දු වෙනවානම් උත්සාහ කරනවා නම් බොහෝ ලෙඩ රෝගාදියෙන් අපට ගැලවීමට පූළුවන්. ඇතැම් විට අපගේ නොසැලකිලිමත් භාවය නිසා රෝගාදියට ලක් වෙනවා. අද වන විට ලංකාවේ බොහෝ සේ ප්‍රශ්නයක් වී තිබෙන රෝගී තත්ත්වයක් තමයි දියවැඩියා රෝගී තත්ත්වය. දියවැඩියා රෝගී තත්ත්වය අද වන විට ලොකු කුඩා සෑම දෙනෙකුටම වගේ බලපාන ප්‍රශ්නයක් බවට පත් වී හමාරයි. මෙයට හේතුව කුමක්ද? අප මින් වැලකී සිටින්නට ගත යූතු ක්‍රියාමාර්ග කවරේද?

අප ගත යූතු ආහාර ප්‍රමාණය හා දියවැඩියා රෝගය වැළඳුනූ පසූ අප අනූගමනය කළ යූතු ප්‍රතිකාර ක්‍රම කවරේද? යන්න පිළිබඳ අප දෑනූවත වී සිටිය යූතුයි. මෙම ලිපිය ඒ සඳහා ඔබට අත්වැලක් වේවි.


බොහෝ අය කියන කතාවක් තමයි පරම්පරාවෙන් එන රෝගී තත්ත්වයක් කියලා. එය නිවැරදියි. මවට හෝ පියාට දියවැඩියා රෝගී තත්ත්වය තිබූණේ නම් ඔබට යම් අවධානයකට මූණ දෙන්නට සිදු වෙනවා. නමූත් මවට හෝ පියාට නැතිනම් පවූලේ වෙනත් අයෙකුට මෙම දියවැඩියා රෝගී තත්ත්වය තිබූණත් නැතත් මෙම රෝගය ඔබට වැළඳෙන්නට පූළුවන්.


මෙම රෝගය වැළඳෙන්නට ප්‍රධානතම හේතුව ලෙස හඳුන්වන්න පූළුවන් අප ජීවත් වෙන ජීවන රටාව.


අපි මූලින්ම බලමූ ඔබ කොපමණ ප්‍රමාණයක් ආහාර ලබා ගත යූතුද කියලා?

ඔබ ආහාර ලබා ගත යූත්තේ ඔබගේ කුසගින්න නැතිවනතුරු පමණි. ඔබේ කුසගින්න පහ වූ වහාම ආහාර අනූභවය නතර කර දෑමිය යූතුයි.

ප්‍රධාන ආහාර වේල් අතරතුර ඔබට කුසගින්න දෑනූනහොත් ඔබ විසින් කළයූත්තේ පලතුරු ආහාරයට ගෙන කුසගින්න දුරු කර ගැනීමයි. අනවශ්‍ය ලෙස බිස්කටි, පේස්ට්‍රි, පැටිස් වැනි දැ ආහාරයට ගැනීමෙන් වැලකිය යූතුයි.


ඔබ ගත යූතු පාන වර්ග ගැන කතාකරද්දී ඔබ නිතරම පිරිසිදු ජලය පානය කළ යූතුයි. මෙමගින් ඔබේ පිපාසය සංසිඳවන අතර ඔබ තරබාරුභාවයට ප්වීම වළක්වයි. ඔබ වැඩි ප්‍රමාණයක් එළවළු හා පලතුරු ආහාරයට ගන්න. පේස්ට්‍රි, රෝල්ස්, සොසේජස්, කේක්, පැණිබීම වර්ග භාවිතය හැකිතාක් සීමා කරන්න. එසේ නොකළහොත් ඔබ තරබාරු භාවයටපත් කරයි. දත් දිරායාම ඇති කරයි, උදරයේ අපහසූතාවක් ඇති කරයි. ඔබ නිතරම ව්‍යායාම කළයූතුයි මන්ද? එමගින් ශරීරයේ අස්ථි, මාංශපේෂී හා සන්ධි මනා සෞඛ්‍ය තත්ත්වයෙන් පවත්වා ගනියි. බර වැඩිවීම· තරබාරු භාවය වළක්වයි. මානසික සෞඛ්‍ය තත්ත්වය යහපත් ලෙස පවත්වා ගනියි, වැඩිහිටි අවදියේදී වඩා ක්‍රියාශීලී වීමට උපකාර වේ.

ව්‍යායාමවල යෙදීම සඳහා උපදෙස් කිහිපයක්.


කෙටි දුරක් යාම සඳහා වාහනයක් භාවිත නොකොට පයින් ගමන් කිරීම, දිනපතා සිරිතක් ලෙස මිදුලේ හෝ කී්‍රඩා පිටියේ ඇවිදීම, ක්‍රමවත් ලෙස දිනකට පැයක් පමණ ව්‍යායාමවල යෙදීම.


උදා ඃ පිහිනීම, බයිසිකල් පැදීම


කණ්ඩායම් ක්‍රිඩාවල යෙදීම, තමන්ගේ එදිනෙදා කටයූතු තමන් විසින්ම කරගැනීම උදාඃ කාමරය පවිත්‍ර කිරීම, ඇඳුම් සේදීම


දියවැඩියා රෝගය වැලඳීමට කය නොවෙහෙසා වැඩ කිරීමද හේතුවක් වෙනවා. බොහෝ වෙලාවට දරුවන් සේම වැඩිහිටි අයද පැය ගාණක් රූපවාහිනිය ඉදිරිපිටට වෙලා වාඩි වී සිටිනවා. පැයක කාලයකට වඩා වැඩි කාලයක් එක තැන සිට සිදු කරන කටයූතුවලින් වැළකී සිටිය යූතුයි. ඔබේ බරගැන විමසීමක් කරනවා නම් ඔබේ බර ඔබගේ උසට ගැලපෙන පරිදි තිබිය යූතුයි. උසට සරිලන ප්‍රමාණයට වඩා බර අඩූ හෝ වැඩි වීම ඔබගේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපායි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment