පොතුකබර බෝවන රෝගයක් නොවේ

පොතු කබර නැතිනම් සොරයිසීස් ලෙසින් හඳුන්වන රෝගී තත්ත්වය ඉතාම අහිංසක රෝගී තත්ත්වයකි. එහෙත් වැළඳුනූ රෝගියා මානසික පීඩාවට පත් කරන අප්‍රසන්න රෝගී අවස්ථාවකි.

පොතු කබර රෝගය කල්වේලා ඇතිව හඳුනාගෙන නිසි කලට ඉක්මන් ප්‍රතිකාර ලබාදීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක්කේ ඒ නිසාමය.

පිළිකුල් සහගත තත්ත්වය රෝගියාට ඇති ප්‍රධාන ගැටලුව නිසා මෙවැනි රෝගීන් සමාජයෙන් කොන්වන තත්ත්වයක් තිබේ. ජීවිතය පිළිබඳ ඉතාම කළකිරුණූ ස්වභාවයකින් ජීවත්වීම මෙවැනි රෝගීන් බොහොමයක් තුළින් දෑකිය හැක.

පොතු කබර රෝගයේ දෑකිය හැකි ප්‍රධාන රෝග ලක්ෂණයන නම් සම මතු පිට දණහිස් වැලමිට, පිටකොන්දේ පොතු ගැලවෙන රවූම් රවූම් ආකාරයේ හැඩ ගැනීමයි. ප්‍රමාණයෙන් විශාල රවූම්වල වනයක් ලෙසට පොතු ස්වභාවය දැකිය හැකිය.

තවත් සමහර අයගේ ඇතිවන රවූම් හැඩයේ ස්ථාන, කසන සූළු ගතියෙන් යූක්තය. තවත් ඇතැමෙකුගේ මෙම රවූම් වියළුණූ ස්වභාවයක් ගන්නා අතර කැසීමේදී කුඩූ වශයෙන් හැලෙන ස්වභාවයක් ඇත.


ආකාර කිහිපයකින් පොතු කබර දක්නට හැකි වූවද ඔබමෙහිදී විශේෂයෙන්ම මතකතබා ගත යූතු වන්නේ මේ කිනම් හෝ ආකාරයක පොතු කබර බෝවීමක් නොවන බවයි.

සිරුරේ එක් ස්ථානයකින් ආරම්භ වන පොතු කබර සිරුර පූරා විහිදී ගියද වෙනත් අයෙකුට කිසිසේත්ම බෝවීමක් නැත.

ඒ නිසාම මොවූන් සමාජයෙන් කොන්විය යතු පිරිසක් නොවේ.

පොතු කබර රෝගය නිසාවෙන් ඉතාම හොඳින් අධ්‍යාපනයට යොමූ වී සිටි දරුවන් අධ්‍යාපනය අතරමග නවතා ගෙන තිබූණේ රෝගය පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිව සිටි නිසාය. පවූල් බොහොමයක් දෙදරා ගොස් තිබූණේ රෝගය ගැන නොදෑන සිටි නිසාමය.
සැබැවින්ම මෙවැනි රෝගීන් සඳහා ප්‍රතිකාර තිබේ. අවශ්‍ය වන්නේ නිවැසියන් ඥාතීන් සහ අසල්වැසියන් මෙම රෝගයේ ස්වභාවය ගැන හොඳින් තේරුම් ගෙන රෝගියාට හොඳින් සැලකීමය. අවශ්‍යතා ඉටූ කර දීමය.

සොරයියීස් රෝගය අමූතු රෝගයක් නොවේ. මෙය චර්ම රෝගයකි. නිසි ප්‍රතිකාර නොගෙන බොහෝ කලක් රෝගයත් සමග ජීවත් වීම නිසාම ඇතැම් අවස්ථාවක මෙය සොරයිටික් ආතරයිටිස් ලෙසින් හන්දිපත් විකෘතිවීමක් ලෙස හඳුනාගත හැක. මේ තත්ත්වය තවත් කාලයක් දිගටම පැවතීම මගින් ඇඟිලි ඇද වී විකෘතිවීමක් විය හැක. මෙම තත්ත්වයද සූව කළ නොහැකි අවස්ථාවක් නොවේ.

රෝගය ඇතිවීමේ හේතුන් ලෙස පවූලේ අයකුට සමේ රෝග ඉතිහාසයක් තිබීම, අධික උෂ්ණ ආහාර නිතරම ගැනීම, වියළි සම , සිරුර තරබාරුව, අධික මත්පැන් භාවිතය, සහ සිරුරේ ප්‍රතිශක්තිය හෙවත් රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව අඩූ වීම දෑක්විය හැක.

තවද දෑඩි මානසික ආතතිය, නිතරම ශෝකයෙන් දුකින් ජීවත් වීම අධික තරහා මෙන්ම කෝපය, සතුන් ආශ්‍රයද රෝගය ඇතිවීමේ ප්‍රවනතාවය වැඩි කරනූ ඇත.

නිවැරදි ආහාර පූරුදුවලට යොමූවීම මනස නිරවූල්ව සන්සූන්ව තබා ගැනීම මගින් රෝගය ඇතිවීම වළක්වා ගත හැක.

රෝගයෙන් පෙලෙන රෝගියෙකු ප්‍රතිකාර සඳහා යොමූවීමේදී ධනාත්මක සිතිවිලි සමග අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනීම තුළින් බොහෝ චර්ම රෝගයන්ට මෙන්ම පොතු කබර රෝගයටද සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි බව මතක තබා ගන්න. තමා ලබා ගන්නා ප්‍රතිකාරය පිළිබඳ දෑඩි විශ්වාසය රෝග සූවය ඉක්මන් කරන බව අමතක නොකළයූතුය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment