කායික සහ මානසික රෝග සූවයට යොදා ගත හැකි අපූරු ක්‍රමයක්



ඉමිහිරි සංගීතය රස විඳීමට අපි ඉතාම ප්‍රිය වන්නෙමූ. හදවතේ පවතින යම්තාක් ප්‍රශ්න හමූූවේ මිහිරි වූ සංගීත රටාවකින් සිතට යම් සහනයක් සැලසෙන බව අමූතුවෙන් කිව යූතු නැත.
සංගීතය යනූ යම් රිද්මයකට තාලයකට අනූව හැඩගැසූණූ ශබ්ද රටාවකි. විශ්වය තුළද සෑම දෙයකම යම් රිද්මයක් සහ ශක්තියක් ඇත.

සංගීතයට මූලික වශයෙන් ස්වර හතකි. සියලුම ඉමිහිරි සංගීත රාවයන් බිහිවන්නේ ඉහත ස්වර හත මූල් කරගෙනය.

මෙම ස්වර හතට අයත් කම්පන තරංග රටාවන් මෙන්ම ඊට අදාළ වූ වර්ණයන් ද ඇත. සූදු ආලෝකය සෑදී ඇති වර්ණ හත වන රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්ඩිගෝ සහ වයලටි යන වර්ණයන් හත පිළිවෙලින් ඉහතකී ස, රි, ග, ම,ප, ධ, නි, සහ ස්වර හතට සමපාත වනූ ඇත.

මිනිස් සිරුරේ ස්නායූ පද්ධතියේ අභ්‍යන්තර ග්‍රන්ථි පද්ධතීන්ට යමින් ස්නායූ ගොනූ එකතු වීමෙන් සෑදුණූ චක්‍ර හතක් ඇත. මේ චක්‍ර හත ඉහත කී වර්ණයන් හා ස්වරයන් නියෝජනය කරයි.

මේ චක්‍රවල යම් දුර්වලතාවයන් ඇතිවී සිදුවන රෝගී තත්ත්වයන්ට එම චක්‍රයට අදාළ සංගීත ස්වරය මූල් කරගෙන තනන තනූ නිර්මාණවලින් සෑදු සංගීත කාණ්ඩ ශ්‍රවණය කිරීීමෙන් රෝග නිවාරණය සඳහා ප්‍රතිකර්මයක් ලෙසට හේතු වෙයි.

තමාට අදාළ සංගීත ශක්තිය සමග තම ස්නායූ පද්ධතිය සූසර වීමෙන් සංගීත ප්‍රතිකාරය ඇරඹෙනූ ඇත.

විවිධ අයගේ පෞරුෂත්වය අනූව තමාගේ රෝගී හෝ නිරෝගීභාවය අනූව මානසික තත්ත්වය හා රාමූව වයස සහ ජීවන රටාව අනූව භූගෝලීය සාධක හා සමාජීය තත්ත්වයන් අනූව තමා ඇසීමට කැමති සංගීතයේ තාල රටා වෙනස් වෙනූ ඇත.

මේ අනූව සාධ්‍ය හෝ අසාධ්‍ය ලෙඩ රෝග සංගීතය සූදුසූ ලෙසින් ශ්‍රවණය කිරීමෙන් සූවවීමට හේතු වෙනවා ඇත.

ගීතයක් රස විඳීමෙන් ලැබෙන මානසික සැහැල්ලුව පිළිබඳ මොහොතක් සිතා බලන්න. එයින් අදහස් වන්නේ එය අපේ සිරුර තුළට තදින්ම ග්‍රහණය වී ඇති බවක් නොවේද?

නිවූණූ සංගීතයට සවන් දීමෙන් පාඩම් කරන සිසූ දරුවන්ට මතක ශක්තිය වඩාත් හොඳින් මතක සිටින බවත් ගස්වැල් පවා මෙවන් මිහිරි නාද රටාවලට යහපත් ප්‍රතිචාර දක්වමින් හොඳ වර්ධනයක් පෙන්නූම් කරන බවත් විවිධ පර්යේෂණවලින් ඔප්පූ වී ඇත.

සංගීතය වෛකල්පිත වෛද්‍ය ක්‍රමයක් ලෙසින් ද වර්තමානයේ යොදා ගන්නේ සංගීතයෙන් පරිසරයේ ඇති සියලු ජීව ෙසෙලවලින් යූත් ගස්වැල් හා සතුන්ට බලපෑම් කරන නිසාවෙනි.

සංගීතයට ඇහූම්කන් දීමෙන් නිවසේ වැඩ කටයූතු එපාවී සිටින කාන්තාවන්ට එය ප්‍රියමනාප බවකින් යූතුව කරගැනීමේ හැකියාව ලැබෙනූ ඇත. සමස්ත ජනතාවම මානසික පීඩාවකින් සිටින මෙවැනි යූගයක එයින් අත්මිදීම සඳහා මිහිරි වූ සංගීතයම එයට පිටිවහලක්ම වනවා ඇත.

මෙයට හේතුව සංගීතය නිසා ක්ෂීරපායින්ගේ මොළයෙන් එන්ඩොෆීස් නමැති යහපත් හොමෝනය වෑස්සීමයි. තරහා ගියවිට ඊට විරුද්ධ ගති ලකුණූ ඇති ඇඩ්රිනලින් වෑස්සෙයි.

සංගීතය මගින් එන්ඩොෆීන් ග්‍රන්ථි උත්තේජනයවී සිරුරේ නිරෝගීතාවයට බලපාන යහපත් හොමෝන සමතුලිත ලෙසින් වෑස්සෙනූ ඇත.

ක්‍රි. පූ. 200 දී විසූ කොන්ෆියූස්තුමා ගැබිනි මාතාවන්ට කන්කලු සංගීත නාද රටා ශ්‍රවණය කිරීමට කියා දී ඇත්තේ තමාට උපදින දරුවා නිරෝගී දරුවෙකු බවට පත්වීමටයි.

සංගීතයට සවන් දෙනවිට සිත මෝහනයට පත්වෙයි. එය භාවනාවක් කළා මෙන්ම ගත සිත සන්සූන් බවට පත් කරලයි. යහපත් වූ හෝමෝන වෑස්සෙන්නේ එවිටදීය.

මේ නිසා එදිනෙදා ජීවිතයේ ප්‍රශ්න හා කම්කටොළුවලට මූහූණ දීමෙන් විවිධ ආකාරයේ ඇතිවන මානසික අසහනයන් සහ විශාදය වැනි රෝගද සංගීතය ශ්‍රවණය කිරීමෙන් දුරුවී යයි. එදිනෙදා ජීවිතයට හැකි සෑම අවස්ථාවකදීම තමාට ගැළපෙන මිහිරි සංගීත නාද රටාවන්ට හෝ ගීතවලට සවන්දීම නිසා අපේ කායික සහ මානසික මෙන්ම අධ්‍යාත්මික සෞඛ්‍ය සමබරවී නිරෝගී යහපත් සමාජයක් බිහි කිරීමට හැකියාව ලබා ගත හැකි වනූ ඇත.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment