මන්ද මානසික දරුවන්ගේ අනාගතය වෙනූවෙන් පෙළ ගැසෙමූ



අද සමාජයේ වැඩි කතාබහට ලක් නොවන අසරණ දරු පිරිසක් ජීවත් වන බව බොහෝ දෙනා නොදනිති. උපතින්ම මන්ද මානසික වූ මේ අය ආබාධිත ඝනයට වැටෙන නමූත් ශ්‍රව්‍යාබාධිත, දෘශ්‍යාබාධිත සහ අංග විකල වූ අයට වඩා වෙනස් වෙති. බූද්ධිය මඳ වූ නිසාවෙන් හෝ අඩූවෙන් වර්ධනය වූ බූද්ධිය නිසාවෙන් මන්ද බූද්ධික නමින් පෙර හැඳින් වූ මේ දරුවන් අද අපි හඳුන්වන්නේ සෙමෙන් මනස වැඩෙන දරුවන් ලෙසය. සමහර විට මේ අය බූද්ධි වර්ධනයේ අඩූවක් සමග වෙනත් දුබලතාවලින්ද පෙලෙන අය විය හැකිය. ශාරීරික ආබාධ ඇති පූද්ගලයින් ඔවූනට පූරුදු සන්නිවේදන මාර්ග මගින් ඔවූනගේ අවශ්‍යතා සහ අයිතිවාසිකම් දිනා ගනි. ඒ ඔවූනගේ බූද්ධි වර්ධනයේ අඩූවක් නැති නිසාය. මන්ද මානසික දරුවාත් පූරුවැසියෙකිි. අනෙක් හැම පූරවැසියෙකුටම ඇති සෑම අයිතිවාසිකමක්ම ඔහූටද ඇත. නමූත් ඒ කිසිවක් එවූන් නොදන්නවා පමණක් නොව ඉල්ලීමටද නොදනි. අඩූම තරමින් සිඟමන් යැදීමටවත් මේ දරුවෝ නොදනිති.

මන්ද මානසික දරුවන් බොහෝ කොටසක් විශේෂ අධ්‍යාපන වැඩසටහන්වලවට යොමූකරවීමෙන් කිසියම් පූහූණූකිරිමේ ක්‍රියාවලින් දෛනික කුසලතා දියූණූ කරගැනීමට සමත් වෙති.


සමහර විට සූළු ස්වයං රැකියාවක් පවා පූහූණූ කරවීමට හැකිය. නමූත් කිසිසේත්ම පූහූණූ කළ නොහැකි දරුවන් කොටසක්ද මේ අතර සිටී. බරපතල මන්ද මානසික තත්ත්තවයේ පසූවන මේ අයගේ සියලු අවශ්‍යතා සඳහා අන් අයකුගේ උදව් අවශ්‍ය වෙයි. දරුවා කුඩා අවදිියේ මෙය එතරම් ගැටලුවක් ලෙස නොපෙනූණත් වයසින් වැඩෙද්දී මේ කාර්යයන් ඉටූ කරලීම බොහෝ දුෂ්කරය. ඇත්ත වශයෙන්ම දෙමාපියන් හැරෙන්නට ඔවූනගේ අවශ්‍යතා ඉටූ කරගන්නට පවූලේ සහෝදර සහෝදරියන් පවා පසූබා සිටින අවස්ථා ඇත. මෙවැනි දරුවෙකු සිටින නිවසක ජීවත් වන පූද්ගලයින් හැම විටම දෑඩි මානසික මානසික පීඩනයකට පත්ව සිටී. දරුවා නිසා දෙමාපියන් හැමවිටම ශෝකයෙන් හා වේදනාවෙන් පසූවෙයි. ආබාධිත දරුවාගේ අනාගතයට එය ප්‍රශ්නයකි. ඒ දරුවා නිසා අනෙක් සාමාන්‍ය දරුවන් පත්වන අසීරු අවස්ථා තවෙකකි. බොහෝ විට සාමාන්‍ය දරුවෙකු විවාහ දිවියට ඇතුළත් වන අවස්ථාවලදී ආබාධිත දරුවා ලොකුම ප්‍රශ්නයක් බවට පත්වන බව අපි දනිමූ. එවැනි දරුවෙකු සිටින පවූලකින් විවාහයක් කරගැනිමට අකැමැති වන අය බොහෝය. මේ ගැටලුව ඇතිවන විට නම් දෙමව්පියන්ට ඇතිවන වේදනාව කිව නොහැකි තරම්ය.

තම දරුවාගේ ආබාධිත තත්ත්වය නිසා දෑඩි මානසික පීඩනයට පත්වන දෙමාපියන් බොහෝ විට ඉක්මනින් රෝගී බවට පත්වෙයි. වයසටත් වඩා ඉක්මනින් වයස්ගත වන මේ අයගේ සිත් තුළ පවතින බිය හා අවිනිශ්චිතභාවය නිසා ඔවූන් කල් ගෙවන්නේ ඉමහත් වේදනාවෙනි. දෙමාපියන්ට බැරිවූ කල හා දෙමාපියන් නැතිවූ කල මේ දරුවන්ගේ අනාගතය කෙබඳු වේද යන්න ඔවූන්ගේ සිත්වල නිරතුරුවම ප්‍රශ්න නගයි. පවූලේ එකම දරුවා මන්ද මානසික අයෙකු වූවහොත් ගැටලුව වඩාත් උග්‍ර වන්නේය.

මෙවැනි දරුවන්ට නේවාසික පහසූකම් සලසා පූහූණූවීම් කරවන ආයතන බොහොමයක් අප රටෙි ඇත. රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන මගින් කරගෙන යනූ ලබන මේ ආයතන වැඩි කොටසකින්ම සේවයක් කෙරෙනූයේ තම අවශ්‍යතාවයන් තනිව ඉටූ කරගැනීමට හැකි දරුවනට පමණකි. කිසිවක් තනිව කරගත නොහැකි දරුවන් ප්‍රතික්ෂේප වෙයි. ඒහැරුනූ විට එම දරුවන් ජීවිත කාලයම රැක බලාගන්නා ආයතන ඇත්තේ ඉතාමත් සූළු ප්‍රමාණයකි. මේවායින්ද දෙමාපියන් සෑහීමකට පත්වන සේවයක් සිදුවෙනවාද යන්න සැක සහිතය.

දරුවන්ගේ අවිනිශ්චිත අනාගතය ගැන සිතමින් දුක් වෙනවාට වඩා ඊට පිළියමක් යෙදීමට දෙමව්පියන් උනන්දු වන්නේ නම් තම දරුවන් වෙනූවෙන් කළහැකි ලොකුම සේවය එය වන්නේය. දෙමව්පියන් සංවිධානගත වී දෙමාපිය බාරකාරීත්වය යටතේ තම දරුවන් ජීවිත කාලයටම රැකවරණය ලබන ආයතනයක් ගොඩනැගිය හැකි නම් මේ අහිංසක දරුවන් සැනසිල්ලේ කල් ගෙවනූ ඇත. වයසින් හා ගතින් දුබල වූ පසූ කුමක් කරම්දෑයි සිතන්නට ඉඩක් නොතබා මේ කාර්යය සඳහා එකමූතු වීම මන්ද මානසික දරුවන් සිටින දෙමව්පියන්ගේ යූතුකමක් වනූ ඇත.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment