සැමියාගේ දරුවන්ගේ ආදරය නොඅඩූව ලබන්න නම්....

අපි නිරන්තරයෙන් අපිට ලැබෙන දේ, අපිට ලැබිය යූතු දේ ගැන බොහොම සැලකිලිමත්. නමූත් ඒ දේවල් අපිට ලැබෙන්නේ කොහොමද?. අපි ඒ දේවල්වලට හිමිකම් කියන්නට ඇති සූදුසූකම මොකක්ද, ආදී වශයෙන් හිතන්නේ නැහැ නේද? උදාහරණයක් විදිහට ඔබේ දරුවන් ඔබට ආදරය කරන්නේ ඇයිදැයි ඔබෙන් ඇසූවොත් ඔබ ඔවූන්ට ජීවිතය දුන් නිසා යැයි ඔබ කියන්න පූළුවන්. නමූත් එතැන් පටන් දරුවන්ගෙන් ආදරය, ගෞරවය,රැකවරණය ආදී සියල්ලක්ම ලබන්නට ඒ දුන් දේ පමණක් ප්‍රමාණවත්ද යන්න ගැන ඔබ සැලකිලිමත් විය යූතුයි." ඔයාගේ දරුවා හරිම දකෂයි" කියලා දරුවාගේ පාසල් ගුරුවරයෙක් ඔබට කිව්වොත් ඔබට විශාල සතුටක් දැනෙනවා නේද?

 ඒත් ඒ එක්කම ඔබේ සිහියට එන තවත් දෙයක් තියෙනවා. ඒ දරුවා දකෂයෙක් කරන්නට ඔබ කළ කී දේවල් අමතර පංති යැවූ ආකාරය. ගෙදරදී පොතපත තුළ දරුවා රඳවා ගන්නට ඔබ ගත් අපිරිමිත වෙහෙස ආදිය ගැන ඔබගේ සිහියට නැගෙනවා නේද? යම් හෙයකින් ඔබ දරුවාට ඔබට ඕනෑ දේ කරගන්නට ඉඩ හැර ඔහූ දෙස නොබලා ඔහූ ගැන නොසොයා සිටියොත් ගුරුවරයා කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් කතාවක්. "ඔයාගේ දරුවා තරම් නරක, දුර්වල ළමයෙක් තවත් නැහැ" කියලා ඔබට එවිට ගුරුවරයා කියාවි. එතැන් පටන් ඔබට කියන්න දේවල් හූඟක් තියෙනවා. අපි මොන තරම් වියදම් කරනවාද? එක් විඳිනවාද? මොන තරම් සැප දෙනවාද? ඒත් මේ ළමයින්ට ගානක් නැහැ.." ආදී වශයෙන් විශාල ආඩපාලි ගොඩක් ඔබේ මූවෙන් ගිලිහේවි. නමූත් එහිදී ඔබ අමතක කළ දෙයක් තියෙනවා. එනම් ඒ ඔබට උරුම, ඔබ වපූරා ඇති අස්වැන්නේ පළදාව බවයි.

මේ ඉතාම සරළ උදාහරණයකින් තරමක් අසීරු මාතෘකාවකට පිවිසෙන්නැයි අපි උත්සාහ කරන්නේ. ඔබට දේවල් ලැබෙන විට ඒවා ලැබෙන්නේ කොහෙන්ද කොහොමද ආදී වශයෙන් නොහිතුවොත් ඉක්මණින් ඔබට සියල්ල අහිමිවන්නට පූළුවන්. උදාහරණයක් විදිහට හැමදාම ගේ ඉස්සරහ තියෙන මල් ගහෙන් මල් කඩන ගමන් එයට ඔබ පොහොර, වතුර ආදිය දැමිය යූතු බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස මල් හටගන්නා බවත් එයින් ඔබේ ගෙදර ලස්සන වෙන බවත් පසක් කිරීම වැදගත්. එසේ නැතිව "මල් ගහ හිටෙව්වේ මම... ඒක තියෙන්නෙ අපේ වත්තේ. ඒ හින්දා ඒකෙ මල් පිපෙන්නම ඕනෑ" කියලා නීති තර්ක ඉදිරිපත් කිරීමෙන් ඵලක් වෙන්නෙ නැහැ.

ඔබේ සැමියා ඔබට ආදරේ කරන්නේ ඇයි කියලා දැන් පොඩ්ඩක් හිතන්න. ඔබ දරුවන්ගේ අම්මා නිසාද? ඔබ ඔහූගේ විවාහක බිරිඳ නිසාද? ලෝකෙ වෙන ගැහැනූන් නැති නිසාද? ඔබ ලෝකයේ ලස්සනම ගැහැනිය නිසාද? එසේත් නැතිනම් ආදරය කරන්න තරම් වටිනා ගුණාංග ඔබ තුළින් පරිවර්තනය වී ඔහූගේ ජීවිතය ආලෝකමත් වන නිසාද? ඕනෑම කෙනෙක් දේවල් කරන්නේ එයින් කිසියම් සූබදායී දෙයක් අපේක්ෂාවෙන්. අවම වශයෙන් ස්තූතියේ සිට කෘතගුණ දැක්වීම දක්වාම මෙය පූළුල් පරාසයක විහිදෙනවා. නිදසූනක් විදිහට මෙහෙම හිතන්න "ඔයා පංතියේ පළවෙනියා වූණොත් ඔයාට මම තෑග්ගක් අරන් දෙනවා" කියලා දරුවාට ඔබ කියූ වාර අනන්ත අප්‍රමාණ වෙන්න ඇති. ඔහූ හෝ ඇය එයින් දිරිමත් වෙලා පළවෙනියා වෙලත් ඇති. නමූත් ඔයා හොඳ ළමයෙක් වූණොත් මම තෑග්ගක් දෙනවා" කිව්වොත් දරුවාට පහසූවෙන් වැටහෙන එකක් නැහැ. මොකද "හොඳ ළමයෙක්" යන්න පූළුල් පරාසයක් තුළ විහිදෙන්නක් නිසා ඔබ මවක් බිරිඳක් විදිහට ඉන්නේ මේ වගේ පූළුල් පරාසයක. "සාර්ථක බිරිඳක්" "දයාබර අම්මා කෙනෙක්" "ගුණ යහපත් ගෘහනියක්" ආදිය පූළුල් පරාසයන්හි විහිදෙන සූබවාදී ආකල්ප බව ඔබ තේරුම් ගත යූතුයි. සැමියා ඔබට අනපේක්ෂිතව තෑග්ගක් ගෙනැවිත් දෙනවා නම්, නැතහොත් කාරුණිකව ආදරයෙන් සලකනවා නම් එයින් ඔබ තේරුම් ගත යූත්තේ ඔබ තුළින් විහිඳුන යහපත් බව ඔහූව කැමති දෙයකින් ප්‍රබෝධයක් ඔහූ හිමිකරගෙන ඇති බවයි. ඒ නිසා ඔහූ ඔබට දක්වන ආදරය, කරුණාව, දයාව, සැලකීම ආදිය බයට, කළයූතු නිසා හෝ අනිත් අය කරන නිසා ලබාදෙන දේවල් නෙමෙයි. ඒ සියල්ලක්ම ඔබ විසින් උපයා ගත් දේවල්. එය හරියට ඔබ වැපිරූ දෙයක අස්වැන්න ඔබ නෙලනවා වගේ දෙයක්.

දැන් ඔබට මේ කියන කරුණ පිළිබඳව කිසියම් අදහසක් තිබිය යූතුයි. ඔබ සැමියාගේ බිරිඳ හෝ දරුවන්ගේ අම්මා වූණාටම සදාතනික සම්බන්ධයක් පවත්වාගෙන යන්නට ඒ බැඳීම ප්‍රමාණවත් වන්නේ නැහැ. නින්තරයෙන්ම ඔබෙන් යමක් ඔවූන්ට ලැබිය යූතුමයි. ඔවූන් ඔබ කැමති ඔබට වටිනා යමක් ලබාදෙන්නේ ඔබෙන් යමක් ලැබූණොත් විතරයි.

මොහොතක් කල්පනා කළ යූතු දෙයක් එනම් ඔබ දරුවන්ට නැතිනම් සැමියාට දෙන්නේ මොනවාද යන්න පිළිබඳව ගැටලුවක් ඔබට ඇති. ඇත්තටම ඒවා ඔබට හූඟක් වෙහෙස මහන්සි වෙලා දිය යූතු දේවල් කියලා හිතනවා නම් ඒක මූලාවක්. අවධානය, කාරුණිකත්වය, උණූසූම, ආදරය, රැකවරණය, ගෞරවය ආදී ජීවිතයේ එදිනෙදා අපට ලබාදිය හැකි පහසූ දේවල් තුළින් ඔබට විවාහ සංස්ථාව මනාව පෝෂණය කරන්න පූළුවන්. නමූත් අද වනවිට අපිට මේ තත්ත්වයේ ප්‍රතිවිරුද්ධ පැත්ත හොඳින් අත්විඳින්නට පූළුවන්. මම එයාව ගණන් ගන්නේ නැහැ... "මම ළමයින්ටවත් ඕනෑවට වඩා ආදරේ පෙන්නන්න යන්නෙ නැහැනේ...." "මම එයාගෙන් උදව් ඉල්ලන්නේ නැහැ... එතකොට එයා හිතනවා මට එයාව නැතිව බැහැ. කියලා..." ආදී වශයෙන් "චන්ඩි කතා" කියන කාන්තාවන් අප අතරේ ඕනෑ තරම් ඉන්නවා. මේ කතා නොහොබිනා දේවල් විදිහට අපිට වෙන් කරලා පෙන්වන්න බැරි එය පූළුල් පරාසයක විවිධ තේරුම් යටතේ අර්ථ දැක්වෙන හින්දයි. ඒ කොහොම වූණත් ඒ වගේ වචනවලින් සාර්ථක විවාහ ජීවිතයක්

රැකගන්න බැරි බව නම් ඉතාම පැහැදිලියි. නමූත් ගනූදෙනූවෙක්" පාඩූ නොලබා පවත්වා ගෙන යන්නට නම් එවැනි අදහස් බොහෝම ප්‍රමාණවත්.

දැන් මේ කරුණ පැහැදිලි කරගන්න. ඔබට දරුවන් හෝ සැමියා ගරු කරන්නේ, අධ්‍යාත්මිකව සතුටක් දෙන්නේ, තෑගි බෝග දෙමින් සතුටූ කරන්නේ, පවූලේ මූලිකත්වය ලබාදෙන්නේ ඔබට තිබෙන බය නිසා නෙමෙයි. ඔබට තිබෙන අසීමිත ගෞරවය නිසයි. නිතිපතා ඔබට වඩා සූන්දර ගැහැනූන් සිය ගණනක් එක්ක කතා බහ කරන ඔබේ සැමියාගේ අවධානය ඔබෙන් පිටට ඇදී නොයන්නේ ඔබ තුළ ඔහූගේ සිත රඳවාගන්නට අවශ්‍ය ආකර්ෂණය තිබෙනවා නම් විතරයි. "අම්මාට කියලා මිසක් කිසිම දෙයක් කරන්න බැහැ.." කියලා දරුවෝ ඕනෑම දෙයක් ගැන විමසූවොත් ඔහූ කියන්නේ තීරණ ගන්නට ඇති බව නිසා නෙමෙයි... ඔබට ඇති ගෞරවය නිසා, ඔබ අධ්‍යාත්මිකව ඔවූන් සමග බද්ධ වෙන්නට අවශ්‍ය මූල් නිසියාකාරව පෝෂණය කර ඇති නිසායි.

දැන් තේරෙනවා නේද? පවූලේ අය යටකරගෙන ඔවූන් බියපත් කරගෙන ඉඳීමෙන් දේවල් ලැබෙනවාට වඩා ඔවූන්ගේ හැඟීම් උද්දීපනය කරමින් ඔබට සම්බන්ධ බැඳීම් මූවහත් කිරීම වැදගත් නිවැරදි කාරණයක් බව ඔබට පැහැදිලියි නේද? උරුමයෙන් ලැබිය යූතු නිසා, නොලැබූණොත් ඔබ අන් අයට දඬූවම් කරන නිසා දේවල් ලැබීමෙන් සිදුවන්නේ ඔබ මානව සම්බන්ධකම්වලට නිග්‍රහ කිරීම පමණයි. එය තේරුම් ගැනීම ඉතාම වැදගත්.

සැමියාගේ ආදරය, දරුවන්ගේ අවධානය ආදිය ඔබට ලැබෙන ආකාරය ගැන දැන් ඔබට පැහැදිලියි. ඔබට ඒ දේවල් ලැබෙන්නේ නිකම්ම නෙමෙයි. ඒ සියල්ලක්ම ඔබ උපයා ගත් දේවල්.. ඉතින් වැඩියෙන් උපයන්න. එවිට වැඩියෙන් දේවල් ලබන්න පූළුවන්.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment