බොන්සායි වගාවට බඳුන සූදානම් කරන අයුරු



ඔබට බොන්සායි පැළය අවශ්‍ය හැඩය මූලින්ම තීරණය කළ හැකි නම් එයට සූදුසූ බඳුන මූලින්ම තෝරාගත හැකියි. නිවැරදි බඳුනක් තෝරාගැනීම ඉතාම වැදගත්. ඒ පැළයේ හැඩය හා ප්‍රමාණයට ගැලපෙන ලෙස බඳුන තෝරාගත යූතු නිසාය.

බඳුන සූදානම් කිරීම

බඳුන හොඳින් පිරිසිදු කරන්න. එහි ඇතුළේ අඟල් 1·2 වඩා පළලට දිය බැස යාමේ සිදුරු තිබිය යූතුය. ප්ලාස්ටික් දෑලකින් මෙම සිදුරු පස් ඉවත යාමට නොහැකි වන ලෙස ආවරණය කරන්න. වයරයකින් පූඩූ දෙකක් සාදා දෑලෙන් ඉහළට බඳුන තුළට සිටින ලෙස රඳවන්න. පැළයේ කඳ හා මූල් පද්ධතිය විශාල නම් පළමූ අවස්ථාවේ බඳුනේ රඳා සිටීමට අපහසූ නම් බඳුනේ යටින් ගත් වයරයෙන් එය ක්‍රමිකව රඳවා ගන්න. කලකට පසූ මේ වයරය කපා ඉවත් කළ හැකියි. පැළයේ උඩ කොටස නිම කරන තුරු මූල් හා පස් ගැන අවධානය යොමූ කිරීම අවශ්‍ය නැහැ.

තෝරාගත් පැළය පළමූව සිටූවා තිබූණූ බඳුනෙන් මූල් හා පස් සමග ඉවත් කර පොලිතින් හෝ රෙදි කඩකින් එම කොටස ඔතා තබන්න. එවිට මූල් වියළීයාම හා හානි පැමිණීම වැළකේ.

කැරකෙන මේසය මත පැළය තබන්න. පැළයේ මැද කොටස පරීක්ෂා කරන්න. පැළය විවිධ කෝණ තුළින් බලා කඳ හඳුනාගැනීම අවශ්‍යයි. පැළය හොඳින් නිරීක්ෂණය කරන තෙක් අතු රිකිලි හේ මූල් කොටස් කපා දෑමීම නොකළ යූතුයි.

පැළය සූදු පසූබිමක තබා හෝ සූදු කඩදාසියක් පැළය පිටූපසින් ඇස් මටිටමට අල්ලා තබා පරීක්ෂා කරන්න. එය ඔබට පහසූවකි.

අනවශ්‍ය අතු රිකිලි කපා දමන්න. හොඳින් වැඩූණූ අත්තක් කපා දෑමීමට පෙර දෙවරක් හිතන්න. සම්පූර්ණ අත්ත කපා දමනූ වෙනූවට අඟල් 2-3 පමණ කොටසක් ඉතිරි කර කපන්න. එය මැරුණූ අත්තක කොටසක් සේ පෙන්වීමට යොදා ගත හැක.

ඔබට අවශ්‍ය රූපාකාරය අනූව අතු හැඩ කර ගන්න. අතු එකිනෙකට වෙන්ව පෙනෙන ලෙස සැකසීම සූදුසූය.

අතු අවශ්‍ය හැඩයට නවා සකස් කිරීමට වයර් භාවිත කළ හැකිය.

තෝරාගන්නා හැඩය අනූව ගසක අතු බෙදී යාම විවිධ වේ. ඒ ගැන අවධානය යොමූ කරන්න.

ශාකයේ මූල් කප්පාදු කිරීමෙන් කාරණා කිහිපයක් ඉෂ්ට වේ. ඒවා නම් තෝරාගත් බඳුනක ශාකය හොඳින් තැබිය හැකිය. නව මූල් වර්ධනයට උදවූ වේ. ශාකයට අවශ්‍ය තරම් වාතය, ජලය, පෝෂණ ද්‍රව්‍ය මූල් මගින් අවශෝෂණයට ඉඩ ලැබේ.

මූලින්ම පොලිතින් ආවරන්‍ය ඉවත් කර මූල් පද්ධතියම ජලය බඳුනක ඔබා කලතන්න. වැඩිපූර ඇති පස් සේදීයාමට ඉඩ හරින්න. සිහින් මූල්වලට හානි නොවන ලෙස මූල් සෝදා ගන්න.

බඳුනේ 2·3 ක ප්‍රමාණයක් මූළු මූල පද්ධතියෙන් පිරි තිබිය යූතුය. පස මතු පිට සිට බඳුනේ 1·3 ක් හෝ 1·2 ක් පමණ ගැඹූරට මෙම මූල් පද්ධතිය විහිදී යා යූතුය.

ඔබ තෝරාගත්තේ සෘජූකෝණාස්‍රාකාර හෝ ඕවලාකාර හැඩය ඇති බඳුනක් නම් ශාකය බඳුනේ මැදින් තරමක් ඉවත්ව තබන්න. එය බඳුනේ දිගින් 1·3 ප්‍රමාණයක් විය යූතුය.

බඳුන රවූම් හෝ හරි හතරැස් හෝ ෂඩස්‍රාකාර නම් ශාකය හරි මැදින් තබන්න. මූල් පද්ධතිය තැබීමට පෙර ලොකුම ප්‍රමාණයේ පස්කැට තටිටූවක් බඳුන පතුලේ අතුරන්න. දෙවන ප්‍රමාණයේ පස් ස්වල්පයක්ද ඒ මත අතුරා ශාකය ඒ මත තබන්න. නිසි පරිදි මූල් විහිදුවා හරින්න. එක් අතකින් ශාකය අල්ලාගෙන අනෙක් අතින් ක්‍රම ක්‍රමයෙන් පස් එක් කරන්න. සූදුසූ ලෙස පස් විහිදුවා ගන්න. සිහින් මූල්වලට හානි නොවන ලෙස පස් දමා ගන්න. අවසානයේ සිහින් පස් තටිටූව උඩින්ම අතුරන්න. කුඩා මේසන් හැන්දක් මේ සඳහා යොදා ගන්න. වැඩිපූර ඇති ප්‍රමාණය බූරුසූවකින් පිසදා හරින්න. එම පස් තටිටූව බඳුනේ ඉහළ දාරයට වඩා අඟල් 1·4 ක් පහතින් තිබිය යූතුය. මූලින්ම අමූණා ගත් වයර් එකෙන් ගස ගැට ගසා ගන්න. පසූව මෙය කපා දෑමිය හැකිය.

මතු පිට කැමති පාසි වර්ගයකින් වසා ගන්න. පස සේදී යාම, පස වියළීම මෙයින් වැලකේ. එසේම අලංකාරයක්ද ලැබේ.

පැළය සිටූවා අවසන් වූ පසූ එයට වඩා පළල් ජලය පිරවූ බඳුනක තබා පැය 1·2 ක් පමණ තබන්න. කොළ සහිත කොටසට ජලය ඉසින්න.

පසූව සෙවනක තබන්න. කෙලින්ම වැටෙන හිරු රශ්මියෙන්, සූළඟින් හා වැස්සෙන් ශාකය ආරක්ෂා කරගන්න. මේ පැළයට සති 3- 4ක් ගත වනතුරු පොහොර නොදෑමිය යූතුය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment