අවශ්‍ය ද්‍රව්‍ය
පොල් පැණි බෝතල් 1/2
සිහින්ව ගා ගත් පොල් කෝප්ප 3
සූල්තානා ග්‍රෑම් 100
රට ඉඳි ග්‍රෑම් 50
කජූ ග්‍රෑම් 100
පිටි ග්‍රෑම් 125
මිශ්‍ර කුළු බඩූ තේ හැඳි 1/2
වැනිලා තේ හැඳි 1
සාදන ක්‍රමය
පැණි උණූකරගෙන එයට පොල් දමා පොල් මලවාගෙන පැණි පොල් සාදාගන්න. පිටි යන්තම් බැදගන්න. සාදාගත් පැණි පොල්වලට පිටි දමන්න. කජූ, රට ඉඳි, සූල්තානා, වැනිලා, කුළුබඩූ එකට මිශ්‍රකර එය ද ඉහත මිශ්‍රණයට දමා හොඳින් කලවම් කරගන්න.
තැටියක් ගෙන එයට පත්තර පිටූ 4 ක් දමා ඒ මත බටර් තැවරූ තෙල් කඩදාසියක් දමාගන්න. උදුන රත්වෙන්නට තබන්න.
කේක් මිශ්‍රණය තැටියට දමා විනාඩි 45 ක්, පැයක් පමණ සෙල්සියස් අංශක 125 උෂ්ණත්වයේ රත් වූ උදුනේ දමා බේක් කරගන්න
0 comments :
Post a Comment