ස්වයං රැකියාවට අත්වැලක් තල කැරලි



තල පෝෂණයෙන් ඉතාම ඉහළ ආහාරයක්. එසේම වැඩිම කැල්සියම් ප්‍රමාණයක් ලබාගත හැකි ආහාරයක් වෙනවා. මේ නිසා ශරීරයට මේදය ද ලැබෙනවා. එයින් ශක්තිය ඇතිවෙනවා. වටිනාකමින් වැඩි ආහාරයක් වන තල ලංකාවේ සූලභයි. මේ සූලභ ආහාරයෙන් ආර්ථිකයට ශක්තියක් එකතු කරගන්නටත් ඔබට පූළුවන්.

තල කැරලි ලොකු, කුඩා කවූරුත් කැමති ආහාරයක්. ඉතාම පහසූවෙන් සකස් කරන්නට හැකියාව ඇති තල කැරලි සාදා අලෙවි කර ඔබත් ආදායමක් උපයා ගන්න.

තල හූණ්ඩූ 2

හකුරු ග්‍රෑම් 250

පොල් බෑයක පොල්

තල තරමක් අපිරිසිදුයි. වැලි, දූවිල, ඇතුළත්. මේ නිසා මූලින්ම තල හොඳින් ගරා, සෝදා, අව්වේ වියළා ගත යූතුයි. හොඳින් වේලුණූ පසූ කබලේ බැදගන්න.

නගරයෙන් මඳක් බැහැරව සිටින අය තල කැරලි සඳහා යොදාගන්නේ කොප්පරා පොල්. කොප්පරා පොල් මගින් තලවලට වැඩි රසයක් එකතු වෙනවා.

තල කැරලි සඳහා ඉතාම හොඳ හකුරු වර්ගයක් තෝරාගත යූතුයි. නැතිනම් තල එකට ගුලිවී රඳන්නේ නෑ. සීනි හකුරු ඇලෙන ගතියෙන් තොර නිසා ඒවා තෝරාගන්න එපා.

බැදගත් තල සමග පොල් එකට දමා කොටන්න. තල අලෙවි කිරීමට සාදන නිසා කල් තබා ගැනීමට හැකි ලෙස සෑදිය යූතුයි. ඒ නිසා පොල් යන්තම් බැදගන්න. කොප්පරා පොල් දමනවා නම් බැදීමට අවශ්‍ය නැහැ.

කොටාගත් තල, පොල් මිශ්‍රණයට හකුරු දමා දිගටම කොටාගන්න. ඉන් ස්වල්පයක් අතට ගෙන ගුලිකර බලන්න. හොඳින් ගුලිවී සිටිනවා නම් කෙටී ඇති තරම ප්‍රමාණවත්.

පිරිසිදු කරගත් ප්ලාස්ටික් බට කැබැල්ලකට මේ මිශ්‍රණය පූරවා ගන්න. අඟල් 1·2, 3·4 පමණ පළල ඇති බට කැබැල්ලක් මේ සඳහා සූදුසූයි. ඔබට අවශ්‍ය නම් එයට වඩා විශාල එකක් වූව ද තෝරා ගන්නට පූළුවන්. නමූත් එවිට තල කැරැල්ලේ ප්‍රමාණය විශාල වන නිසා මිල නියම කිරීමේදී ගැටලු ඇතිවෙනවා.

බටය තුළට පූරවා ගත් තල ලී කූරක ආධාරයෙන් පිටතට තල්ලු කර අඟල් 2 ට අඩූවෙන් කැබලි කපන්න. උපරිම දිග අඟල් 2 ක් වීම ප්‍රමාණවත්. එම ප්‍රමාණයට පොලිතින් කොළ ද කපාගෙන එක් එක් කොළය මත තල කැරැල්ල තබමින් පොලිතින් එකෙන් ඔතා පසූව සව් කඩදාසිවලින් ඔතා ගන්න. තෙල් උනන නිසා අනිවාර්යයෙන්ම පොලිතින් එකක එතිය යූතුයි.

රවූම් හැඩැති පැතලි තල කැබලි ද වෙළෙඳපොළේ අලෙවියට තිබෙනවා. ඒවා ද මේ ආකාරයටම සාදාගෙන තරමක් ලොකු බටයකින් පිටතට ගත යූතුයි. පෙති ලෙස කපාගෙන මැදින් කජූ පියල්ලක් තබාගන්න. එය පොලිතින් කොළයක ඔතා කෙළවර යන්තම් ඉටි පන්දමකින් රත්කර උණූවෙන විට තද කරන්න. එවිට කොළය ගැලවෙන්නේ නෑ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment