ඔබේ නිවසටත් තුන් අවූරුදු පොල් වගාව




වර්තමානයේ වෙළෙඳ පොළේ පොල් මිළ ගණන් ඇසූවාම ගෙවත්තේ පොල් ගසක් තිබූණේ නම් කොපමණ හොඳ දෑයි ඔබට සිතෙන්නට ඇති. වර්තමානයේ පමණක් නොව හෙට දවසේද පොල් මිළ පහළ බසී යැයි බලාපොරොත්තුවක් තිබිය නොහැකිය. ඒහෙයින් ඔබේ ගෙවත්තේ සාර්ථක පොල් පැළ කිහිපයක් සිටූවා ගන්නේ කෙසේදෑයි කියා විමසා බලන්නට තීරණය කළා.

ගෙවත්තක වගා කිරීමට වඩාත් සූදුසූ පොල් ප්‍රභේදය වන්නේ   65 හෙවත් කුන්දිරා උස නැමති ප්‍රභේදයයි.

ඔබට අවශ්‍ය පොල් පැළ පොල් වගා කිරීමේ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයෙන් ලබාගත හැකියි.

මෙම පොල් පැළයක් නිසි ලෙස ඔබ නඩත්තු කරන්නේ නම් අවූරුදු තුනක්, තුනහමාරක් වැනි කාලයකදී ඵලදාව ලබා ගත හැකිය. එක් ගසකින් වසරකට පොල් ගෙඩි දෙසීයක් පමණ ලබා ගත හැකිය.

පොල් පැළයක් තෝරාගැනීම

දීප්තිමත් කොළ පැහැයකින් යූක්ත වීම.

පත්‍ර හොඳින් පිටතට නෙරා ගොස් තිබීම. කඳට සමීප පිත්ත කොටස මහතට තිබීම. පොල් පැළයේ කඳ (කර ප්‍රදේශය) මහතට තිබීම

රෝග හා පලිබෝධ හානිවලින් තොර වීම

ඉරටූ බේරීමේ ලක්ෂණ තිබීමද වැදගත්ය.

මේ කරුණ සියල්ල ඇතුළු සාර්ථක පැළයක තිබිය යූතු සියලූම ගුණාංග සහිත පැළයක් තෝරාගැනීම ඉතා වැදගත්ය.

සිටූවීම

මහ පරිමාණයෙන් පොල් වගා කිරීමේදී පැළ දෙකක් අතර නිශ්චිත දුර ප්‍රමාණයක් තිබිය යූතුය. ඔබ ගෙවත්තේ පොල් පැළ දෙකක් හෝ කිහිපයක් සිටූවන්නේ නම් ඒ පරතරයම තිබිය යූතුය. එය සාර්ථක වගාවකට මූලික අවශ්‍යතාවකි.

පොල් පැළයක් සිටූවීම සඳහා 3ං3ං3 ප්‍රමාණයේ වලක් කැපිය යූතුය. එම වලේ අඟල් 6-9 පමණ පොල් ලෙලි උඩූ අතට සිටින සේ පූරවන්න. ඉන්පසූ කාබනික පොහොර, පස් මිශ්‍ර කර පොළව මටිටමේ සිට අඟල් හයක් පමණ සිටින සේ පූරවන්න. මේ පසට වියළි ගොම පොහොර වූවද කලවම් කළ හැකිය. එමෙන්ම පැළය සිටූවීමට ප්‍රථම

ශඡඵ පොල් පොහොර කිලෝ එකක් ,ඩොලමයිටි කිලෝ එකක් පසට කලවම් කරන්න.

ඉන්පසූ බඳුන්ගත පැළය එහි ප්‍රමාණයට වලෙහි පස් ඉවත් කර පොලිතින් කවරය ඉවත් කර සිටූවා හොඳින් පස් තද කරන්න.

මෙම කුන්දිරා ප්‍රභේදය වසර තුනක් හෝ තුනහමාරකදී ඵලදරණ එහෙයින් එය නිසි ලෙස නඩත්තු කළ යූතුය.

පොල් පැළයට හොඳින් හිරු එළිය වැටීම, පසේ තෙතමනය, වැලි ලොම් සහිත පසක් වීම වැනි මූලික ලක්ෂණ කෙරෙහිද පැළය සිටූවීමට පෙර ඔබ සැලකිලිමත් විය යූතුය.

පහත වගුවේ සටහන් ආකාරයට පොහොර යෙදීම සාර්ථක වගාවකට හේතු වේ.

පැළ අවස්ථාවේ සිට පීදෙන තෙක් රසායනික පොහොර යොදන ආකාරය

පැළ සිටවූ තෙත් හා වියළි කලාපයඩොලමයිටිපැළයේ සිට

දින සිටඅතරමැදිවයි.පී,එම්.(ග්‍රෑම්)පොහොර

වයසකලාපය(ෘ-යෙදිය යූතු

වයි.පී.එම්.ග්‍රෑම්කවයේ

(උ- ග්‍රෑම්ප්‍රමාණය (අඩි)

මාස 66405255001

අවූ. 17656305002

අවූ.1 1·27656305002

අවූ. 210208405003

අවූ. 2 1·210208405003

අවූ. 3127510505004

අවූ. 3 1·2127510505004

අවූ. 4153012605005

පොල් වගාවට කළු කුරුමිණියාගෙන් හා ප්ලොසිස්පා ගෙන් හානි පැමිණිය හැකිය.

කළු කුරුමිණියා මර්දනයට වගාවේ පවිත්‍රතාවය පොල් පිතිවල දෑවි තෙල් ආලේපය මෙන්ම කපූරු බෝල පොල් පිති මත තිබීමද කළ හැකිය.

ප්ලෝසිස්පා මර්දනය සඳහා කෘමිනාශක භාවිතය කළ හැකිය. ඒවා ඇසූරුමේ ඇති උපදෙස් හෝ ඔබට ළඟම ඇති ගොවි ජන කාර්යාලයේ සිටින පොල් සංවර්ධන නිලධාරියාගෙන් අවශ්‍ය උපදෙස් ලබා ගත හැකිය.

වියළි කාලගුණයකදී නම් පොල් පැළයට ප්‍රමාණවත් ජල සම්පාදනයක් කළ යූතුය. පැළය සිටූවා ඒ අවට පිරිසිදුව තබා ගත යූතුය. ඒ සඳහා ඔබට පොල් පැළය (වල ප්‍රමාණයට) අවට පොල් ලෙලි වටෙිට අසූරන්න. ඉන්පසූ ඒ ප්‍රදේශයේ ඔබට මූකුනූවැන්න ගොටූකොළ වැනි පලා වර්ගයක් සිටූවා ගත හැකිය.

තවද පොල් පැළය අවට තෙතමනය රඳවා ගැනීමට පිදුරු, පොල් අතු වැනි දිරා යන ද්‍රව්‍යයද පොල් පැළය වටා දැමිය හැකිය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment