විනෝදයට සූනඛ සූරතලූන් ඇතිකරමූ




විනෝදාංශ තෝරා ගැනීමේදී එක් එක් අය විවිධ අංශ තෝරා ගනී. මල් වැවීම, සූරතල් මසූන් ඇති කිරීම වෙනත් සූරතල් සතුන් වර්ග ඇති කිරීම මෙන්ම සූරතලයට සූනඛයන් ඇති කිරීමටද ඇතමෙක් කැමැත්තක් දක්වනවා.

සූරතලයට සූනඛයෙක් ඇති කළ ද තමාගේ මෙන්ම තම නිවසේ ආරක්ෂකයකු ලෙස ද සූනඛයන් ක්‍රියාකරන හෙයින් සූනඛයකු ඇති කිරීම තුළින් ඔබට මානසික සතුටක් මෙන්ම ආරක්ෂාවක් ද සපයා ගත හැකියි. එහෙයින් නිවසට බලු පැටවකු ගෙන ඒමේදී හා ඔහූව රැකබලා ගැනීමේදී ඔබ සැළකිලිමත් විය යූතු කරුණූ කිහිපයක් පිළිබඳව අවධානය යොමූ කිරීමටයි අපේ මේ සූදානම.

ශ්‍රී ලංකාව තුළ ජනප්‍රියම සූනඛ වර්ග කිහිපයක් සිටින අතර ඉන් ජර්මන් ෂෙපර්ටි ඩැල්මේෂන්, පොමනේරියන්, ඩොබමන්, ඩොක්ෂස් හා දේශීය සූනඛ වර්ග ප්‍රධාන තැනක් ගනියි.

සූනඛ පැටවකු තෝරා ගැනීමේදී

අප ඉහත සාකච්ඡා කළ ආකාරයට ඔබ කැමති සූනඛ වර්ගයක පැටවකු තෝරාගත හැකියි. මෙහිදී මූලින්ම සැළකිලිමත් විය යූත්තේ ඔබ මිලදී ගන්නා සතාගේ මිල පිළිබඳවයි. ඔබේ අතේ ඇති මූදල හා ඔහූව රැලකබලා ගැනීමේදී ඌව නඩත්තු කිරීමට ඔබට ඇති හැකියාව කෙරෙහි ද අවධානය යොමූ කළ යූතුය.

සාමාන්‍යයෙන් බලු පැටවකු තෝරා ගැනීමේදී තරමක් දුර සිට බැලු පැටව් රෑන නිරීකෂණය කළ යූතුය. එහිදී පැටවාගේ ක්‍රියාශීලීත්වය, මිත්‍රශීලීත්වය පිළිබඳව අවධානය යොමූ කරන්න. කම්මැලි ස්වභාවයක් පෙන්නූම් කරන මෙන්ම ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන සතෙකු තෝරා ගැනීමෙන් වළකින්න.

මේ ඉහත කරුණූ තරමක් දුර සිට ඔබ පරීකෂණය කළ ද පැටවා අතට ගෙන නිරීකෂණය කරන්න. මෙහිදී ඔබගේ අවධානය යොමූ විය යූත්තේ සූනඛ පැටවාගේ ඇස්, කන, නාසය, මූඛය හා දත් පිළිබඳවය. ඇස් දීප්තිමත් බවින් පිරිපූන්ව තිබිය යූතුය. රත් පැහැයෙන් යූතු ඇස් ඇති පැටවකු තෝරා නොගන්න. ඇසේ මලානික බව මෙන්ම කබ කඳුළු ගලන පැටවකු තෝරා ගැනීමෙන් වළකින්න. එමෙන්ම පැටවාගේ කන පිරිසිදු වියළි ස්වභාවයකින් යූක්ත විය යූතුය. එමෙන්ම කනේ පැහැදිලිව පෙනෙන කොටස රත් පැහැයෙන් නොතිබිය යූතුය.

එමෙන්ම පැටවාගේ නාසයෙන් දියර නොගැලිය යූතු අතර අධික ලෙස වියළි නොතිබීමද වැදගත්ය.

පැටවාගේ මූඛයේ දත් සමගතිකව පිහිටා තිබිය යූතුය. එමෙන්ම උඩූ හනූව මෙන්ම යටි හනූව සමපාතිකව තිබිය යූතුය. මෙම කරුණූ සූනඛ වර්ගය අනූව වෙනස්වේ.

එමෙන්ම පැවාගේ සම මෘදු දිලිසෙන ස්වභාවයෙන් යූක්ත වීමද අතිශය වැදගත්ය.

ලොම හැලුනූ ඃ ලොම් අස්සේ පොතු ගැලවී යන ස්වභාවයෙන් යූතු පැටවකු තෝරා නොගත යූතු අතර පැටවාගේ ගුද මාර්ගයේ පිටතට විවරව ඇති කොටස පිරිසිදු වියළි ස්වභාවයකින් යූක්ත විය යූතුය. එම කොටස දිය ගලන ස්වභාවයක් හෝ තෙතමන සහිත ස්වභාවයකින් යූක්ත වේ නම් එයින් කියවෙන්නේ පැටවා රෝගී අයකු බවයි.

එහෙයින් ඔබ ඇති කිරීම සඳහා සූනඛ පැටවකු තෝරා ගැනීමේදී ඉහත සඳහන් කළ මූලික කරුණූ පිළිබඳව ඔබ අනිවාර්යයෙන්ම සැළකිලිමත් විය යූතුය.

වයස

සූනඛ පැටවකු ඇති කිරීමට තෝරා ගැනීමේදී පැටවාගේ මවගේ හා පියාගේ පෙළපත ගැනත් සැළකිලිමත් විය යූතු අතර පැටවා ඔබ ලබාගත යූත්තේ ඌට වයස මාස එකහමාරක් නැතිනම් සති හයක් අටක් පමණ කාලයකදීයි. එවන් වයසකදී පැටවාගේ ඝන ආහාරවලට පූරුදු කළ හැකියි.

ආහාර

මවූකිරි බොමින් වැඩෙන සතාට සති දෙක තුනක් පමණ වයස වෙද්දී අර්ධ ඝන ආහාරවලට පූරුදු කළ හැකිය. පැටවාට සූදුසූ ආහාර මෙන්ම වැඩූනූ සතුන්ට අවශ්‍ය ආහාරත් වෙළඳ පොළෙන් ඔබට මිලදී ගත හැකිය. මේවා කෘත්‍රිමව පිළියෙල කළ ඒවාය.

නිවසේදී වූව ද ඔබට සතාට අවශ්‍ය සමබර ආහාර වේලක් සකසා ගත හැකිය. මෙහිදී කාබෝහයිඩ්ටේ‍රිඩ් විටමින්, කැල්සියම්, ප්‍රෝටීන්, ඛණිජ මනාව පිරිපූන් ආහාර වේලක් සපයා දීමට ඔබ සැළකිලිමත් විය යූතුය.

පැටවාට වයස අවූරුද්දක් පමණ වනතෙක් වර්ධනීය අවස්ථාවක පසූවෙන එහෙයින් එම කාලසීමාව තුළ ඌගේ අස්ථි වර්ධනයට ශක්තියට අවශ්‍ය විටමින් හා කැල්සියම් මනාව සපයාදිය යූතුයි. මේ සඳහා අවශ්‍ය කැල්සියම් අඩංගු ආහාර ඔබට වෙළඳ පොළෙන් ලබාගත හැකිය.

පැටවාගේ ක්‍රියාකාරීත්වය හා පරිසරයේ උෂණත්වය අනූව ජලය අවශ්‍ය එහෙයින් එය ප්‍රමාණය තීරණය කළ නොහැකි එහෙයින් පිරිසිදු භාජනයකට පිරිසිදු ජලය පූරවා තබන්න. අවශ්‍ය විට එය බීමට ගනියි.

රෝග හා ප්‍රතිකාර

සූනඛ පැටවාට වයස සති දෙකකදී පමණ වියේදී සති දෙකෙන් දෙකට පණූවන් සඳහා බෙහෙත් දිය යූතුය. මේ සඳහා උපදේශකවරයෙකුගේ උපදෙස් ලබා ගැනීම වැදගත්ය.

මව එන්නත් කර ඇති පැටවකු නම් සති 06 දී පාවෝ ෂ එන්නත ලබාදිය යූතුය. සති අටෙිදී ඩී. එච්. එල්. ද සති 12 දී යළි පාවෝ ෂෂ සති 14 දී යළි ඩී. එච්. එල්. ෂෂ සති 14 දී පිස්සූ බලු එන්නත ද ලබාදිය යූතු අතර ඉන්පසූ වසරක් පාසා මෙම එන්නත් තුන ලබාදිය යූතුයි.

පණූ රෝග මෙන්ම චර්ම රෝග ද සූනඛ පැටවාට ඇතිවිය හැකිය. එමෙන්ම ක්‍රියාශීලීත්වයෙන් මිදී අලසකමින් පෙළේ නම්, ඇස්වල දීප්තිය අඩූනම්, බෙල්ල පහත් කරගෙන, වලිගය පහත් කරගෙන නිදා වැටෙන ස්වභාවයකින් පැටවා පෙළෙන්නේ නම් වහාම ඌව පශු වෛද්‍යවරයෙකු වෙත පෙන්විය යූතුය.

ඔබ බලු පැටවා සූරතලයට ඇති කළත් ආවාට ගියාට ඖෂධ දීමෙන් වළකින්න.

පූහූණූව

සූනඛ පැටවා පූහූණූ කරගැනීමේද ඔබට අවශ්‍ය ආකාරයට ඔබටම කරගත හැකිය. නැතිනම් පූහූණූව සඳහා සූනඛ විශේෂ පූහූණූව ලබාගත් අයකුගෙන් ඔබට ඒ කාර්යය කරවා ගත හැකිය.

කෙසේ වෙතත් සූනඛ පැටවාට දරුණූ හැසිරීම් රටාවන්ට ඉඩ නොදීමට ඔබ වගබලා ගත යූතුය

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment